Chitika Smowtion 468x60


Wednesday, May 23, 2012

ආණ්ඩුවේ අවංකකම උරගා බැලේ


ෆොන්සේකාට පූර්ණ නිදහස ඉල්ලා එජාපයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්: ආණ්ඩු
වේ අවංකකම උරගා බැලේ: ටිරාන්ගේ අවලාද වලට තිස්සගෙන් පිළිතුරු

සරත් ෆොන්සේකා මහතා මේ වන විට නිදහස් කර ඇතත් ඔහුට ජෙනරාල් යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට ජනතාවට හැකියාවක් ඇතිදැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේය. 
ඊයේ (22) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් අත්තනායක මහතා මේ බව විමසා සිටි අතර ඔහු එහිදී මෙසේද පැවසීය. 

මේ නිදහස සමග සරත් ෆොන්සේකා මහතාට ඔහුගේ ජනරාල් තනතුර, විශ්‍රාම වැටුප සහ හිටපු යුද හමුදාපතිවරයකුට හිමිවිය යුතු සියලූ වරප්‍රසාද ලබා දෙනවා ද නැද්ද යන්න පිළිබඳව ආණ්ඩුව වහාම රටට ප්‍රකාශයක් කළ යුතු යැයි අවධාරණය කළ තිස්ස අත්තනායක මහතා මීට අදාළ ගැසට් පත්‍රය වහාම නිකුත් කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු යැයි ද සඳහන් කළේය.

මේ කරුණු කාරණා මත සරත් ෆොන්සේකාට එරෙහිව පවරා තිඛෙන සියලූ නඩු සහ ලබා දී තිඛෙන සියලූ ද~ුවම් වහාම අහෝසි කර ඔහු වරදක් නොකලා සේ සලකා නිදොස් කොට නිදහස් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලමින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළා.

මේ පනත කෙටුම් පත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ විෙජ්දාස රාජපක්ෂ, නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ නීතිඥ අජිත් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුතු විශේෂ කමිටුවක් ද පත් කරනු ලැබ සිටිනවා.

ආණ්ඩුව අවංක නම් මේ පනතට සහයෝගය ලබා දිය යුතු අතර, මීට සහයෝගය ලබා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය සමග ද අප සාකච්ඡා කරනවා.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිය සතුට පළ කරන බව කිව යුතුයි. ඔහු අත්අඩංගුවට ගැනීම රිමාන්ඩ් භාරයට පත් කිරීම සහ ද~ුවම් ලබා දීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයක් ලෙස එක්සත් ජාතික පක්ෂය අඛණ්ඩවම අවධාරණය කළ අතර, ඊට එරෙහිව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සටන් කළා.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේද ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ද කරුණු දක්වමින් සරත් ෆොන්සේකාගේ නිදහස වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කළා.

යුද හමුදා ආඥා පනතේ 65 වැනි වගන්තිය යටතේ ඇති බලතල අනුව සරත් ෆොන්සේකා නිදහස් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත 2010 ඔක්තෝම්බර් 04 වැනිදා ලිඛිතව කරුණු දක්වමින් ඉල්ලා සිටියා.

සරත් ෆොන්සේකා නිදහස් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන නිසා අප කියා සිටින්නේ ඔහුට ඔහුගේ සියලූ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ලබා දිය යුතු බවයි.

මගේ මතය නම් සරත් ෆොන්සේකාට එරෙහි යුද අධිකරණ මෙහෙයුම ස්වභාවික නීතියට පමණක් නොව ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වැනි දා අත්සන් කළ ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන ප්‍රඥප්තියට පවා පටහැනියි. එසේම මේ ක්‍රියාවලිය අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් වෙනවා. යුද අධිකරණය නිර්දේශ කළේ සරත් ෆොන්සේකාගේ නිලය ද සම්මාන ද විශ්‍රාමික අයිතිවාසිකම් ද අහිමි කිරීමටයි. විශ්‍රාමික අයිතිවාසිකම් රජය වෙනුවෙන් සිය ශ්‍රමය කැප කළ ඕනෑම රජයේ සේවකයකුට ලැබිය යුතු පාරිතෝෂිකයෙකි. සිය ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් කැප වී සේවය කළ පුද්ගලයකුගේ විශ්‍රාමික අයිතිවාසිකම් උදුරා ගැනීම යුක්තිය හෑල්ලූ කර බාල්දු කිරීමකි. යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා 2010 අගෝස්තු 17 වැනි දා පාර්ලිමේන්තුවේ දී කතාවක් කරමින් කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතා සෑම අවස්ථාවකදීම ආණ්ඩුවට කියා සිටියේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කළ යුතු බවයි.

සරත් ෆොන්සේකා නිදහස් කළා යැයි කිව්වාට ඒ නිදහස ලබා දී තිඛෙන්නේ කිනම් කොන්දේසි යටතේ දැයි අප කවුරුවත් දන්නේ නැහැ. එතුමාට පූර්ණ නිදහසක් ලබා දී තිඛෙනවා නම් එතුමාට ජනරාල් සරත් ෆොන්සේකා කියා ආමන්ත්‍රණය කිරීමට අපට හැකියාවක් තිඛෙනවා දැයි ආණ්ඩුවෙන් අප ප්‍රශ්න කරනවා. එතුමා පූර්ණ ලෙස නිදහස් කරා නම් එතුමාට ජනරාල් සරත් ෆොන්සේකා කියා ආමන්ත්‍රණය කිරීමට හැකියාව තිබිය යුතුයි.

සරත් ෆොන්සේකා නිදහස් කරා යැයි කිව්වාට කිසිදු ජනමාධ්‍යයක් ජනරාල් සරත් ෆොන්සේකා යනුවෙන් එතුමා හැඳින්වීමට ක්‍රියා නොකළ බව අප දන්නවා.

සරත් ෆොන්සේකා නිදහස් කිරීමත් සමග ඔහුට ලබා දිය යුතු ජනරාල් තනතුර විශ්‍රාම වැටුප සහ හිටපු හමුදාපතිවරයකුට හිමි විය යුතු සියලූ වරප්‍රසාද ලබා දීමට ක්‍රියා කරනවා ද නැද්ද යන්න පිළිබඳ ආණ්ඩුව ප්‍රකාශ කළ යුතුයි.

සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත්තාට පසුව ඔහු සමග සම්බන්ධකම් තිඛෙනවා යැයි කියා යුද හමුදාවේ නිලධාරීන් 210 ක් සේවයෙන් නෙරපා තිඛෙන අතර ඒ අයට ආණ්ඩුව කරන්නේ කුමක් ද? ඒ අයටත් මේ සමාව ලබා දී ඒ අය නැවත සේවයේ පිහිටුවීමට හෝ වන්දි ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි.

ජනාධිපතිවරණ සමයේ දී සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවට සිටී යුද හමුදා සෙබළුන් දස දෙනෙකු ආණ්ඩුව අත්අඩංගුවට ගෙන සේවයෙන් නෙරපා හැර තිඛෙන අතර ඒ සෙබළුන්ට කරන සාධාරණය කුමක් දැයි ද ආණ්ඩුවෙන් අප ප්‍රශ්න කරනවා. ඒ යුද හමුදා සෙබළුන්ට ද සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි.

විපක්ෂයේ දේශපාලන ව්‍යාපාරය සමග එකට එකතු වන්නැයි සරත් ෆොන්සේකා මහතාට ඒකාබද්ධ විපක්ෂයේ සියලූම දේශපාලන නායකයින් මේ වන විටත් විවෘත ආරාධනයක් කර තිඛෙනවා.

එහිදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඊට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා දුන් පිළිතුරු මෙසේ ය.

ප්‍රශ්නය • සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේදී එක්සත් ජාතික පක්ෂය කකුලෙන් ඇද්ද බවට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් ඔබලාගේ ස්ථාවරය කුමක් ද?

පිළිතුර • මේ සියලූම චෝදනා එක්සත් ජාතික පක්ෂය තරයේ ප්‍රතික්ෂේප කරන අතර කවුරුන් විවේචන එල්ල කළත් සරත් ෆොන්සේකා මහතාට පූර්ණ නිදහසක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයත් නායක රනිල් වික්‍රමසිංහ මහතාත් උපරිම දායකත්වයක් ලබා දුන්නා. මීට අවුරුදු 2 කට ප්‍රථම ද සරත් ෆොන්සේකා මහතාට මේ ආකාරයේ නිදහසක් ලබා දීම වෙනුවෙන් සාකච්ඡා කෙරුණු අතර ඒ අවස්ථාවේදී තමාට පූර්ණ නිදහසක් අවශ්‍ය බව සරත් ෆොන්සේකා මහතා කියා සිටියා.

සරත් ෆොන්සේකා මහතාගේ පූර්ණ නිදහස වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම් පත සඳහා කෑ කෝ නොගසා සහය ලබා දෙන්නැයි සියලූ පාර්ශ්වයන්ගෙන් අප ඉල්ලා සිටිනවා.

සරත් ෆොන්සේකාට නිදහසට ලබා ගැනීම සඳහා එක අවස්ථාවකදී ගලබොඩ ඥානීස්වර නාහිමියන් ද මැදිහත් වූ අතර රනිල් වික්‍රමසිංහ මහතා ද උන් වහන්සේ මාර්ගයෙන් ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කළා. ඒ ක්‍රියාවලිය ද ඒ අවස්ථාවේ අසාර්ථක වූයේ අප සරත් ෆොන්සේකා වෙනුවෙන් පූර්න නිදහසක් අපේක්ෂා කිරීම සහ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු පැමිණ මේ ඉල්ලීම කළ යුතු බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැරූ ස්ථාවරය නිසයි.

ප්‍රශ්නය • සරත් ෆොන්සේකා මහතාට දේශපාලනය කිරීමට හැකියාවක් තිබුණොත් ඔහුට පාර්ලිමේන්තු යන්න එක්සත් ජාතික පක්ෂයෙන් ජාතික ලැයිස්තුවක් ලබා දීමට ඔබලා සූදානම් ද?

පිළිතුර • සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු යන්න හැකියාවක් තිඛෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා ලෙස ඔහුගේ පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක පාවිච්චි කිරීමට හැකියාව තිඛෙනවා. ඔහු එම පක්ෂයේ නායකයා විනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවන නිසා ඔහුට පාර්ලිමේන්තු යන්න අපේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් අවශ්‍ය වන්නේ නැහැ.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends