"මං නයා එළියට දාන්නේ විෂ දළ ගලවලා" යි රෙජීමාධිපතිගේ කතාව සත්‍ය වේ: ෆොන්සේකාට දී ඇත්තේ ප්‍රජා අයිතිය නැති නිදහසක්
අප වෙබ් අඩවිය වාර්තා කළ පරිදි "මං නයා එළියට දාන්නේ විෂ දළ ගලවලා" යැයි ජෙනරාල් ෆොන්සේකාට ලබා දෙන නිදහස ගැන රෙජීමාධිපතිගේ ප්‍රකාශය සනාථ කරමින් ජෙනරාල්වරයාට ලබා දී ඇත්තේ ප්‍රජා අයිතිය අහෝසි කළ නිදහසක් බව මේ වන විට තහවුරු වී තිබේ.
සරත් ෆොන්සේකා නිදහස ලබා ඇත්තේ ඔහුට පනවා තිබූ සිර ද`ඩුවම් අවසන් කිරීම සඳහා රෙජීමාධිපතිගේ අනුමැතිය දීමෙනි. එහෙත් සරත් ෆොන්සේකාගේ හමුදා නිලය ලැබූ සම්මාන සහ වැටුප ආදිය ඉවත් කරනු ලැබූ පළමුවන යුධාධිකරණ තීන්දුව ඊට අදාළ වන්නේ නැත. එමෙන්ම දෙවන යුදාධිකරණ නඩුවෙන් පැනවූ මාස 30 සිර ද~ුවම ආරම්භයේ සිට ඉවත් කිරීමක් සිදුවී නැත. ඒ අනුව වසර දෙකකට වැඩි කාලයක් සිර ද~ුවම් ලැබූ අයෙකුට අහිමි වන ප්‍රජා අයිතිය. ෆොන්සේකාටද බලපානු ඇත. සිර දඩුවම් විඳි කාලය අනුව සරත් ෆොන්සේකාට ඔහු ඒ සඳහා වරදකරු කරනු ලැබූ දින පටන් සත් වසරක් යනතුරු සිවිල් අයිතිවාසිකම් එනම් ඡන්දය ඉල්ලීම, ඡන්දය භාවිතා කිරීම, දේශපාලනය කිරීම ආදිය හිමි නොවන බව නීතිවේදීහු පෙන්වා දෙති.
සරත් ෆොන්සේකාට ජනාධිපතිවරයාගෙන් ලැබුණු සමාව සමග ඔහුගේ හමුදා නිල හෝ ඡන්ද අයිතිය යළි හිමි නොවන බව ටිරාන් අලස් දැන් පිළිගනී. එපමණක් නොව ඔහුට ප්‍රජා අයිතිය නොලැඛෙන බවද ඔහු නිදහස් වීමටත් ප්‍රථම සාකච්ඡා කරුවෝ දනිති. ඔවුන් එය ජනතාවගෙන් වසන් කළ බව දැන් පෙනී යයි. පියවරෙන් පියවර සරත් ෆොන්සේකාගේ සිවිල් අයිතිවාසිකම් ඇතුලූ ඔහුගේ සියලූ අයිතීන් ලබාගැනීම සඳහා යළි සාකච්ඡා කරන බවද ටිරාන් අලස් පවසයි. මෙය තවදුරටත් සරත් ෆොන්සේකා රෙජීමාධිපතිගේ ග්‍රහණයේ සහ ටිරාන්-කිලී කුමන්ත්‍රණ කරුවන්ගේ උගුලේ බැඳ තැබීමකි.
"බයවෙන්න එපා. මං නයා එළියට දාන්නේ විෂ දළ ගලවලා. ඌට ලස්සනට පෙනේ පුම්බන්න විතරයි පුළුවන්. දෂ්ඨ කරන්න බෑ. අනික මං නියම නයි නටවන්නෙකුට මේ වැඩේ බාර දීල තියෙන්නෙ. උගෙ නලාවට තමයි නයා නටන්නෙ. බැරි වුනොත් පෙට්ටියට දාන්නත් මං දන්නවා" යැයි රෙජීමාධිපතිවරයා සිය ව්‍යාපාරික මිතුරෙකු සමග පැවසූ බව
අප වෙබ් අඩවිය පසුගිය 20 දා වාර්තා කෙළේය.අප වෙබ් අඩවිය වාර්තා කළ පරිදි "මං නයා එළියට දාන්නේ විෂ දළ ගලවලා" යැයි ජෙනරාල් ෆොන්සේකාට ලබා දෙන නිදහස ගැන රෙජීමාධිපතිගේ ප්‍රකාශය සනාථ කරමින් ජෙනරාල්වරයාට ලබා දී ඇත්තේ ප්‍රජා අයිතිය අහෝසි කළ නිදහසක් බව මේ වන විට තහවුරු වී තිබේ.
සරත් ෆොන්සේකා නිදහස ලබා ඇත්තේ ඔහුට පනවා තිබූ සිර ද`ඩුවම් අවසන් කිරීම සඳහා රෙජීමාධිපතිගේ අනුමැතිය දීමෙනි. එහෙත් සරත් ෆොන්සේකාගේ හමුදා නිලය ලැබූ සම්මාන සහ වැටුප ආදිය ඉවත් කරනු ලැබූ පළමුවන යුධාධිකරණ තීන්දුව ඊට අදාළ වන්නේ නැත. එමෙන්ම දෙවන යුදාධිකරණ නඩුවෙන් පැනවූ මාස 30 සිර ද~ුවම ආරම්භයේ සිට ඉවත් කිරීමක් සිදුවී නැත. ඒ අනුව වසර දෙකකට වැඩි කාලයක් සිර ද~ුවම් ලැබූ අයෙකුට අහිමි වන ප්‍රජා අයිතිය. ෆොන්සේකාටද බලපානු ඇත. සිර දඩුවම් විඳි කාලය අනුව සරත් ෆොන්සේකාට ඔහු ඒ සඳහා වරදකරු කරනු ලැබූ දින පටන් සත් වසරක් යනතුරු සිවිල් අයිතිවාසිකම් එනම් ඡන්දය ඉල්ලීම, ඡන්දය භාවිතා කිරීම, දේශපාලනය කිරීම ආදිය හිමි නොවන බව නීතිවේදීහු පෙන්වා දෙති.
සරත් ෆොන්සේකාට ජනාධිපතිවරයාගෙන් ලැබුණු සමාව සමග ඔහුගේ හමුදා නිල හෝ ඡන්ද අයිතිය යළි හිමි නොවන බව ටිරාන් අලස් දැන් පිළිගනී. එපමණක් නොව ඔහුට ප්‍රජා අයිතිය නොලැඛෙන බවද ඔහු නිදහස් වීමටත් ප්‍රථම සාකච්ඡා කරුවෝ දනිති. ඔවුන් එය ජනතාවගෙන් වසන් කළ බව දැන් පෙනී යයි. පියවරෙන් පියවර සරත් ෆොන්සේකාගේ සිවිල් අයිතිවාසිකම් ඇතුලූ ඔහුගේ සියලූ අයිතීන් ලබාගැනීම සඳහා යළි සාකච්ඡා කරන බවද ටිරාන් අලස් පවසයි. මෙය තවදුරටත් සරත් ෆොන්සේකා රෙජීමාධිපතිගේ ග්‍රහණයේ සහ ටිරාන්-කිලී කුමන්ත්‍රණ කරුවන්ගේ උගුලේ බැඳ තැබීමකි.
"බයවෙන්න එපා. මං නයා එළියට දාන්නේ විෂ දළ ගලවලා. ඌට ලස්සනට පෙනේ පුම්බන්න විතරයි පුළුවන්. දෂ්ඨ කරන්න බෑ. අනික මං නියම නයි නටවන්නෙකුට මේ වැඩේ බාර දීල තියෙන්නෙ. උගෙ නලාවට තමයි නයා නටන්නෙ. බැරි වුනොත් පෙට්ටියට දාන්නත් මං දන්නවා" යැයි රෙජීමාධිපතිවරයා සිය ව්‍යාපාරික මිතුරෙකු සමග පැවසූ බව
වර්තමානයේ ෆොන්සේකාට එරෙහිව සෙබළුන් රාජපාක්ෂික භාවයෙන් ඉවත් කර රාජද්‍රෝහී වීමේ නඩුව මෙතක් ඉවත් කර ගත්තේ නැත. ඒ 'බැරි වුනොත් පෙට්ටියට දැමීමට' විය හැක
මේ අතර ඊයේ නිදහස ලැබූ ෆොන්සේකා මහතා තම නිවසට යෑමෙන් පසු පවුලේ සාමාජිකයන් සමග නිදහස බුක්ති වින්දේය "තවම මම හරියට දන්නනෙ නැහැ, මට මොන ආකාරයේ නිදහසක් ද ලැබිල තියෙන්නේ කියලා. ජනතාව වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් කරගෙන යා හැකි නිදහසක් මට දුන්න ද කියන එක තවම මට ප්‍රශ්නයක්." යයි ඔහු එහිදී පැවසීය.
ෆොන්සේකා මහතා අද මහනුවරට ගොස් දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනායකවරුන් බැහැදැකීමට නියමිතය.
ෆොන්සේකා මහතා නිදහස ලැබීමෙන් පසු අවස්ථාවේ ගත් සේයාරූ මෙහි පහත දැක්වේ