දෙරණ මිස් ශ්‍රී ලංකා 2012 තරඟයේ පළමුව ජයග්‍රාහිකාව ලෙස විනු සිරිවර්ධන නම් කොට කිරුල ලබාදී පසුව ගණිතමය දෝෂයක් නිසා ප්‍රතිඵලය වැරදි ගොස් ඇති බව කියමින් සුමුදු ප්‍රසාදිනී හට කිරුල ලබාදුන් අලකලංචියක් මීට පෙර අප වාර්තා කළා.
නමුත් ලෝක රූ රැජින තරඟයට එක රටක් නියෝජනය කරමින් තරඟකාරියන් දෙදෙනෙකුට ඉදිරිපත් වීමකට නොහැකි බැවින් චීනයේ පැවති "මිස් වර්ල්ඩ් 2012" සඳහා චීනය බලා පිටත්ව ගියේ සුමුදු ප්‍රසාදිනී ය.
තවත් සති දෙකකින් චීනයේ පැවැත්වෙන "2012 සංචාරක රූ රැජින" තරඟය සඳහා විනූ සිරිවර්ධන මේ වනවිට සූදානමින් සිටිනවා.
චීනයේ නැන්ජින් නුවර නොවැම්බර් 15 වෙනිදා සිට පැවැත්වෙන එහි අවසන් තරඟය පැවැත්වෙන්නේ දෙසැම්බර් 4 වෙනිදාය.
2011 වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ පැවති සංචාරක රූ රැජින හෙවත් "මිස් ටුවරිසම් ක්වීන් ඉන්ටර්නැෂනල්" තරඟය සඳහා ලංකාව නියෝජනය කරමින් පිටත්ව ගියේ පුෂ්පිකා සඳමාලි ය.
එම තරඟාවලියේදි පුෂ්පිකා බිකිනියෙන් සැරසී සිටීම නිසා ඇයට සිරි දළදාගමණය චිත්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයද අහිමි වුණා.
මෙවර සංචාරක රූ රැජින තරඟාවලිය සඳහා පිටත්ව යන විනූ සිරිවර්ධන පවසන්නේ එම තරඟාවලියේ "මිස් ටැලන්ටඩ්" හා "මිස් ෆ්‍රෙන්ඩ්ලි" අංශයේ කිරුල හිමි කරගැනීමට ඇය බලාපොරොත්තුවෙන් සිටින බවයි.
දැඩි ආත්ම විශ්වාසයකින්ද තරගයට සූදානම් වන්නේ...?
ඇත්තෙන්ම ඔව් මේ තරගයට සහභාගි වන රටවල් 80 ක තරගකාරියන් ගැන තොරතුරු මම අන්තර්ජාලය හරහා අධ්‍යයනය කළා. තරගයේ කිරුළට අමතරව මිනි ටයිටල් 13 ක් දෙනවා. ඒ අතරින් "මිස් ටැලන්ට්" සහ "මිස් ෆ්‍රෙන්ඩ්ලි" කියන මිනි ටයිටල් දෙක පිළිබඳව බලාපොරොත්තුවක් මගේ හිතේ තියෙනවා.
ඒ තරම් විශ්වාසයක් ඇතිකර ගත්තේ කොහොමද?
මම රවිබන්දු විද්‍යාපති මහතා යටතේ උඩරට නර්තනයන් පුහුණු වනවා. මගේ දක්ෂතා ගැන මට විශ්වාසයි. ඒ හින්දා "මිස් ටැලන්ට්" කියන මිනි ටයිටල් එක ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ මිනිස්සු හරිම සුහදශීලීයි කියලා ලෝකයම පිළිගන්නවා. පෞද්ගලිකව මමත් ගොඩක් සුහදශීලී කෙනෙක් ඒ හින්දා "මිස් ෆ්‍රෙන්ඩ්ලි" මිනි ටයිට්ල් එක ගැනත් බලාපොරොත්තු තියෙනවා.
මෙවර සංචාරක රූ රැජින තරඟාවලිය සඳහා පිටත්ව යන විනූ සිරිවර්ධනගේ ජායාරූප එකතුවක් පහතින්.
-
Source: http://www.gossip9.com/2012/11/blog-post_596.html#ixzz2B17N7OyR