Friday, November 2, 2012
නෙහාරා මේනක හිතවත්කමේ අවසානය කෙසේද?
නෙහාරා හා මේනක පුංචි තිරයේ ජනප්රිය පෙම් යුවලකි.
පුංචි තිරයේ පෙම සැබෑ ජිවිතයට ගෙන එම සඳහා ඔවුන් දෙදෙනා මේ දිනවල උත්සාහ කරන බවට කටකතා පැතිර ඇති අතර ඔවුන් එය ප්රතික්ෂේප කොට සිටිනවා.
නමුත් ඔවුන් ගේ හිතවත්කම අවසන් වන ආකාරය මේනක සරසවිය පුවත්පතට ඉඟියක් ලබා දෙමින් කියා තිබුනේ එය දෙවියන් වහන්සේගේ කැමැත්ත උඩ සිදුවන දෙයක් බවය.
නෙහාරා මුලින්ම දික්කසාදය ගත අතර ඉන් පසු මේනක ද සිය යුග දිවියට සමු දුන්නේය. අතීතය ගැන කතා කිරීමට අකමැති නෙහාරා කියන දේ බලන්න පහතින්
මේනක නෙහාරා විවාහ වන්නට සූදානම් වනවා" ඒ කතාව ඇත්තද?
නෙහාරා - මේනක ඒ ගැන කියයි
මේනක - අපි දෙන්නා රඟපාන්න ආපු කාලේ ඉඳලා කටකතා පැතිරුණා. ඒවා නිර්මාණය කරන්නනේ කරන්න වැඩක් නැති අය. දැන් අපි ඒවට හුරු වෙලා. කපන්න කපන්න සඳුන් ගසේ සුවඳ හමනවා. ඵල ඇති රුක්වලට තමයි ගල් වදින්නේ. එක හින්දා අපිට ඉවසන්න පුළුවන්.
ඔබ දෙපළ බොහෝ තැන්වලට යන්නේ එකට නේද?
දෙදෙනාටම ඇරැයුම් ලැබෙන ඒවට එකට යනවා.
ඔබ සහ නෙහාරා අතර ඇති මේ හිතවත්කමෙහි කෙළවර කුමක්ද?
ඒක දෙවියන් වහන්සේ විසින් තීරණ කරයි.
මට නිශ්චිත පිළිතුරක් ලැබුණේ නැහැ?
වෙන්න ඇති. නමුත් එය තමයි මට කියන්න තියෙන්නේ.
ඔබ නෙහාරාට ගොඩක් ආදරෙයිද?
එකම ක්ෂේත්රයේ එකට වැඩ කරද්දී පුද්ගලයෝ එකිනෙකාට ආදරයෙන් ඉන්න ඕනේනේ.
මං ඇහැව්වේ වෙන පුද්ගලයෝ ගැන නෙවෙයි. ඔබ නෙහාරට ආදරෙයිද කියලා?
අපි දෙන්නා අතර තියෙන්නේ ලොකු බැඳීමක්. එකට රඟපාද්දී ඒ බැඳීම ගොඩක් ප්රයෝජනවත්.
අතීතය ගැන කතා කරන්න අකැමැතිද?
මේනක – ඔව්.
නෙහාරා - වෙන දෙයක් ගැන කතා කරමු.
Source: http://www.gossip9.com/2012/11/blog-post_2915.html#ixzz2B10C0a1Y
නෙහාරා මේනක හිතවත්කමේ අවසානය කෙසේද?
2012-11-02T04:35:00+05:30
Admiral
කලා|