Chitika Smowtion 468x60


Friday, November 2, 2012

ක්‍රිකට් පිටියේ නව නීතිරීති


ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පසුගියදා පල්ලේකැලේ අන්තරජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරඟය සමගින් ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යන ආකෘති තුන වෙනුවෙන් එතෙක් ක්‍රියාත්මක කරන ලද නීතිරීති කිසියම් සංශෝධනයකට භාජනය වී ඇත. 

ජගත් ක්‍රිකට් සමුළුව විසින් සිදුකරන ලද මෙම සංශෝධන හරහා පවර් ප්ලේ, විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීම, නීති විරෝධී පන්දු යැවීම හා බවුන්සර් පන්දු යැවීම ඇතුළු තවත් අංශ කිහිපයක්ම වෙනස්කම් සිදුකර ඇති අතර, කඩුල්ල මුවාකිරීමේ වරද සම්බන්ධව තිබෙන නීතියද එසේම ඇතුළත්කොට ඇත. 


ඒ අනුව මෙතෙක් එක්දින හා පන්දුවාර විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ දී සීමා ඉර පසුකර ගොස් යවන ලද පන්දුවකට පිතිකරුවකු දැවී ගිය විට එය නීති විරෝධී පන්දුවක් ලෙස පිටියේ විනිසුරුවරයා සංඥ නොකලද තෙවන විනිසුරුගේ දැනුම් දීම මත දැවී ගිය පිතිකරුට යලිත් අවස්ථාව ලබා දීමේ ක්‍රමවේදය ටෙස්ට් තරඟ වලටද එක්කර ඇත. 


වර්තමානයේ පන්දුවාර 20 ක්‍රිකට් තරඟ වලදී පිටියේදී පන්දු රකින්නන් ඉහලින් රැහැන් සහිත කැමරාවක් ආධාරයෙන් අවකාශයේ සිට රූපගත කරන බැවින් පිතිකරුව එල්ල කරන ලද පහරකින් ඉහල නගින පන්දුවක් එකී කැමරාවේ හෝ රැහැන්වල ගැටුණහොත් එම පන්දුව අජීවී පන්දුවක් ලෙස නම් කිරීමට තීරණය වී ඇති අතර එය ක්‍රිකට් ක්‍රීඩාවේ ආකෘති තුනටම පොදුය.


දිවා රාත්‍රී ටෙස්ට් තරඟ ආරම්භ කිරීමට නියමිත බැවින් තරඟ සඳහා සහභාගී වන දෙපිලේ කැමැත්ත මත දිවා-රාත්‍රී ටෙස්ට් තරඟ තෝරාගැනීමට හෝ නොගැනීමට අවසර හිමි වෙයි. කෙසේ වුවත් ටෙස්ට් තරඟයක් එක දිනක් තුල පැය 6 ක් ක්‍රියාත්මක විය යුතු නිසා දිවා-රාත්‍රී ටෙස්ට් තරඟයක තරඟ ආරම්භය හා අවසානය මෙන්ම විවේක කාලය ආදියද දෙරටෙහි මතය අනුව ක්‍රියාත්මක වේ.

එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී පවර් ප්ලේ නීතිය ( පන්දු රකින්නන් ස්ථාන ගත කිරීම) මේ දක්වා කොටස් තුනකට දක්වා තිබුනද මෙතැන් සිට එය කොටස් දෙකක් දක්වා අඩුකර ඇත. ඒ අනුව එහි පළමු අවස්ථාව පළමු පන්දුවාර10 තුල ක්‍රියාත්මක වෙයි. එහිදී පන්දු රකින්නන් දෙදෙනෙකු පමණක් යාර 30 සීමාවෙන් පිටත රැඳවිය හැකිය. 


දෙවන පවර් ප්ලේ කොටසට අයත් වන්නේ පන්දුවාර 5 කි. එය පිතිකරුවන්ගේ කැමැත්ත අනුව ලබාගත හැකි නමුත් ඔවුන් පන්දුවාර40 ඇතුලත එම අවසථාව ලබා ගත යුතුය. මෙම දෙවන පවර් ප්ලේ අවස්ථාවේ යාර 30 සීමාවෙන් පිටත රැඳවිය හැක්කේ පන්දු රකින්නන් තිදෙනෙකු පමණි. 

ඒ හැරුණු විට පවර් ප්ලේ නීතියට හසු නොවන සෙසු පන්දුවාර තුලදීද යාර 30 සීමාවේ පිටත පන්දු රකින්නන් සිව්දෙනෙකුට වඩා රැඳවීමට අවසර නැත. 


එක්දින ක්‍රිකට් තරඟයකදී එක පන්දු වාරයක් තුල මෙතෙක් යැවීමට අවසර ලබාදී තිබුනේ එක් බවුන්සර් පන්දුවක් පමණක් වුවත් එය පන්දු දෙකක් දක්වා ඉහල නංවා ඇත. 


පන්දු වාර 20 ක්‍රිකට් තරඟයක ලකුණු සම වූ විට ජයග්‍රහණය තීරණය කිරීමට අතිරේක පන්දුවාරයක් ( සුපර් ඕවර්) යැවීම සිදුකරන බැවින් මින් ඉදිරියට එවැනි අවස්ථාවක තම තමන්ගේ කණ්ඩායම් වෙනුවෙන් පන්දු යවන ක්‍රීඩකයා මුලික තරඟය ආරම්භ කිරීමට පෙර නම් කල යුතුය. 


පළමුවෙන් සුපිරි පන්දුවාරය යවන ක්‍රීඩකයා හෝ එම කණ්ඩායමේ නායකයා විසින් විනිසුරුවන් ඉදිරිපත් කරන පන්දු ඇසුරුමෙන් තමන් කැමති පන්දුවක් තෝරාගත යුතු අතර ප්‍රතිවාදී පිලද පන්දු යැවීම සඳහා එම පන්දුවම භාවිතා කල යුතුය. මෙම පන්දු ඇසුරුමේ අඩංගු වන්නේ අදාළ ප්‍රධාන තරඟයේදී භාවිතා කරන ලද පන්දුය.






Source: http://www.gossip9.com/2012/11/blog-post_6922.html#ixzz2B0zti7kx

Share this article with your friends