Chitika Smowtion 468x60


Monday, November 12, 2012

බන්ධනාගාරයේ ඇත්තටම සිදුවූයේ කුමක්ද…?

 ජේලර් ගාඩ්වරු නිර්නාමිකව ඉහළට ලියති: අර්ශස් ලෙඩේටත් එස්ටීඑෆ්!


එස්ටීඑෆ් නිලධාරීන් පැමිණ රැඳවියන් සිව් දෙනෙකුගේ නම් කියා රැගෙන ඔවුන් ගෙනා මාංචු දමා රැඳවියන් පිටතට ගෙන ඒ අතරේ ප්රශ්ණයක් ඇතිකරගෙන එම රැඳවියන්ට වෙඩි තබා මරා දැමුවේ යයි ද මෙය සැලසුම් සහගතව කළ ඝාතනයක් බවද බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාටත් පොලිස්පතිවරයාටත් නිර්ණාමික ලිපියක් යවමින් පවසා ඇත.ඒ අනුව මුල සිටම ඩීඅයිජී රණවන සහ ඒඑස්පී සිල්වෙස්ටර් එස්ටීඑෆ් නිලධාරීන් පැමිණ ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගෙනය. ඒ පරීකෂාවට අදාල අධිකරණ නියෝග ඉල්ලු නිසා සහ බන්ධනාගාර නිලධාරීන්වත් පරීකෂා කිරීමට යාම හේතුවෙනි.

ඉන්පසු එල් වාට්ටුවේ සිටින දඬුවම් නියම කර නැති රිමාන්ඩ් රැඳවියන්ගෙන් ;
1 විජය රෝල් හෙවත් පාතාලේ ගුණ්ඩු,
2 හර්ෂ ශ්රී මණිකීර්ති පෙරේරා හෙවත් මංජු ශ්රී හර්ෂ, (සපුමල් කුමාරයාගේ කඩුව ගැනීමට ගොස් කෝට්ටේ රජමහා විහාරයේ හිමිවරුන් ඝාතනය කළ පුද්ගලයා)
3. නිර්මල අතපත්තු
4. තුෂාර චන්ද්ර හෙවත් කළු තුෂාර

යන සිව් දෙනා කව්දැයි පෙන්වන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබේ. පසුව එම සිව්දෙනා එළියට රැගෙන ඔවුන්ට එස්ටීඑෆ් එක ගෙනැවිත් තිබූ මාංචු දමා තිබේ. ඔවුන්ව රැගෙන යන ගමන් චැපල් වාට්ටුවේ සිටින අච්චුකරන ලද සිරකරුවන් ගණන් ගනිමින් සිටි බන්ධනාගාර නිලධාරීන් සමග සිල්වෙස්ටර් විසින් ගැටුමක් ඇති කර ගෙන තිබේ. 
ජේලර් වරයෙකුට පහර දී ඇත. එවිට ඒ වෙනුවෙන් කතාකළ සිරකරුවාට ප්රථමයෙන් තුවක්කු බෙඳන් පහර දී ඔහු බිම වැටුනු පසු පයින් ගසා වෙඩි තබා ඝාතනය කර තිබේ.

එම සිද්ධියත් සමගම කිසිදු හේතුවක් නැතිව පෙර කී මාංචු දමා රැගෙන යමින් සිටි රැඳවියන් සිව්දෙනාට එක්වරම වෙඩි වරුසාවක් එල්ලකර ඝාතනය කර ඇත. මේ හේතුවෙන් කැළඹුණු ගණන් ගනිමින් සිටි සිරකරුවන් පිරිස පැන එස්ටීඑෆ් භටයන්ට පහර දෙමින් අවි පැහැරගෙන තිබේ. 

ඉහත කී සිව් දෙනා ඝාතනය සඳහාම වුවමනාවෙන් කළබලයක් ඇතිකරන ලද බව තමන්ට වැටහෙන්නේ යැයි ද ඊට ඇති හොඳම සාක්කිය ලෙස ඝාතනය කළ කළු තුෂාර නමැත්තාගේ මළ සිරුර රෝහලට ගෙන යන විටත් මාංචු තිබූ බවද එම ලිපියේ දැක්වේ.

අවි ගබඩාවක් කැඩූ කතාව එම ලිපියෙන් සම්පූර්ණයෙන් ප්රතික්ෂේප කර තිබේ
බන්ධනාගාර නිලධාරීන් විසින් නිර්නාමිකව යවන ලද ලිපියේ මෙම සිද්ධිය ඇති වූ අයුරු ගැන සඳහන් වන්නේ එළෙසිනි.

මේ අතර ලංකා ඊ නිව්ස් වෙත අලූතින් වාර්තා වන්නේ මෙම මෙහෙයුමට පෙර උදේ ඩී.අයි.ජී. රණවන සහ ඩී.අයි.ජී. අනුර සේනානායක ආරක්ෂක ලේකම් ගෝඨාභය සමග රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.
අනුර සේනානායක එදින දහවල් බොරැල්ල පොලිසියට නිලධාරීන් 40 ක් අවි සහිතව ස්ටෑන්ඩ් බයි තියන්න යැයි පවසා ඇත. මෙම සිදුවීම වන කාලය පුරා ඔහු බොරැල්ල පොලිස් ස්ථානයට වී මෙහෙයවා තිබේ.

සිදුකළ ඝාතනයන් ගැන අනුර සේනානායක වග කිව යුතු යැයි ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී නවරත්න මහතා අනුර සේනානායකගේ මුහුණටම ඊයේ බැන වැදී ඇත. "තමුසෙනම් හෙට අනිද්දට රිටයර් වෙන්න ඉන්නෙ. නමුත් අපි ඉන්න ඕනෙ. තමුසේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවේම ගූ ගෑවා යයි. ආණ්ඩු එයි. යයි. තමුසෙට කවද හරි මේ මිනීමැරුම් වලට වගකියන්න වෙයි" නවරත්න මහතා අනුර සේනානායකට බැන වැදී තිබේ.
වඩා වැදගත් දෙයක් නම් මෙතෙක් කිසිදු මාධ්යයක් මේ සිදුවීම ගැන බන්ධනාගාර නිලධාරීන් කියන්නේ කුමක්දැයි ප්රචාරය නොකිරීමයි. ඒ ඇයි?

මේ සම්බන්ධයෙන් අනුර සේනානායක සිය ජඩමාධ්ය කරුවන්ද සමග පුදුමාකාර මිත්යා කතා පතුරුවමින් සිටී. එක් පුවත්පතක ජඩමාධ්ය කරුවන් සිව් දෙනෙකු එක්ව අපූරු කතාවක් ලියා තිබිණ. ඒ මෙසේය, "පුපුරණ ද්රව්ය විශේෂඥයන් සිය උපකරණ ද සහිතව පැමිණ සිටියේ ය. ඔවුන්ට ලබා දී තිබූ ඉලක්ක වූයේ බන්ධනාගාර භූමියේත් වාට්ටු තුලත් සිටින රැඳවියන් සිය ගුද මාර්ගයේ සඟවා ගෙන සිටින ජංගම දුරකථන සොයා ගැනීමය. පුපුරණ ද්රව්ය සෙවීමේ උපකරණ ගෙනැවිත් තිබුනේ ඒ සඳහා ය"
මේවා ගුදයෙන් හිනායන කතාය. මේ අනුව මින්පසු අර්ශස් රෝගය තිඛෙන අය සිය ගෙඩි ගැන සොයා බැලීමට රෝහල් වෙත නොගොස් එස්ටීඑෆ් හි පුපුරණ ද්රව්ය විශේෂඥයන් වෙත යනවා නම් හොඳය. එසේත් නැතිනම් මේවා ලියන ජඩමාධ්ය වේදීන් හමුවූවා නම් හොඳය.


** Photo Credit goes to : (AFP/File, Ishara S.Kodikara) **


Source - www.lankaenews.com


Share this article with your friends