ලලිත් වීරතුංග මහතා ඉවත් කොට අමරසේකර මහතා පත් කර ගැනීමට වඩාත් අවශ්‍ය වී ඇත්තේද ජනාධිපති ආර්යා ශිරන්ත රාජපක්ෂ මහත්මියට බව වාර්තාවේ. අමරසේකර මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ව සිටියදී එම අමාත්‍යාංශය පාලනය කරනු ලැබුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසිනි. එකල මහාමාර්ග අමාත්‍යාංශයේ විසින් සිදු කළ මහා පාරිමාණ ව්‍යාපෘති සියල්ල ඇය විසින් ඩිල්ශාන් වික්‍රමසිංහ මහතාට නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පවරා තිබිණ. ඩිල්ශාන් වික්‍රමසිංහ යනු ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරු නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ පුත්රයාවේ. නිශාන්ත වික්‍රමසිංහ මහතා මේවනවිට ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
ලලිත් වීරතුංග මහතා ජනාධිපතිවරයාගේ ඥාතියෙකු මෙන්ම ඔහුගේ පවුලේ සමීපතම හිතවතෙකු වුවද මීට වසර කිපයකට ඉහතදී පාප්පවහන්සේ බැහැ දැකීමට වතිකානුවට ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධියක් මත ශිරන්ති රාජපක්ෂ මහත්මිය, වීරතුංග මහතා සමඟ අමනාපයක් ඇතිකරගෙන තිබේ. එම තත්ත්වය තුළ ලලිත් විරතුංග මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කරන ලෙස ඇය කිපවරක්ම ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
කෙසේ වුවද, 'හෙල්පින් හම්බන්තොට' ව්‍යාපෘතියට ලැබුණු සුනාමි ආධාර වංචාකළ බවට හිටපු ජනාධිපතිනිය විසින් එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පරීක්ෂණ ආරම්භකළ මොහොතේ දී තමාව ආරක්ෂා කළ ලලිත් වීරතුංග මහතා තනතුරෙන් ඉවත් කිරීමට තමාට නොහැකි බැවින්, ඔහු ලවා ඉල්ලා අස්වීමේ ලිපියක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතාටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතාටත් මීට සති කිපයකට පෙරදී දැනුම් දී තිබිණ. එහෙත් එම ඉලක්කය සාර්ථක කර ගැනීමට මේ දක්වා ඔවුන් දෙදෙනාටම නොහැකි වී තිබේ.
මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයා මේ දිනවල වීරතුංග මහතාට 'පළනොකියා පලාඛෙදන' ක්‍රියා මාර්ග අනුගමනය කරමින් සිටී. ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ විනිමය සුරකුම්පත් කොමිසන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කරනු ලැබුවේද ඒ අනුවය.
එසේම, අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට බලාපොරොත්තුවී සිටි ජනාධිපතිවරයා එම කටයුත්ත සඳහා මෙවර ලලිත් වීරතුංග මහතාව සහභාගි කරවා ගෙන නොමැත. අමාත්‍ය මණ්ඩල විෂයයන් හා ඇමතිවරුන්ට පැවරෙන රාජකාරි හා ආයතන පිළිබඳ සාකච්ඡා වලට සහභාගිව වී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා පමණි.
ලලිත් වීරතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම ජනාධිපතිවරයා ඔහු කෙරෙහි සැක පහළ කර ගැනීමට හේතු වී ඇතැයි ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයකු අප කළ විමසීමකදී පැවසීය.
Source: lankanewsweb.com