Chitika Smowtion 468x60


Wednesday, March 14, 2012

මර්වින්ගේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය පබා


මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා කැලණියේ ප‍්‍රාදේශීය මන්තී‍්‍රවරුන් සමඟ හැප්පීම නවතා අලූත් කටයුත්තකට අතගසා තිබෙනවා.

"සුරංගනා ලොවින් ඇවිල්ලා" ළමා චිත්‍රපටයේ දුටුගැමුණු චරිතය රඟපාමින් ද, "කුවේණි" චිත්‍රපටියේ යක්ෂයාගේ චරිතයත් රඟපාමින් සිනමාවට එන්ටර් වුන මර්වින් සිල්වා, චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැරසෙන බවයි වාර්තා වෙන්නේ.

පුරාවෘතවලට අනුව සිංහලයේ ශ්‍රේෂ්ඨ රජෙක්සේ සැලැකෙන "ගජබා" රජුගේ චරිතය අළලා නිපදවීමට නියමිත මෙම චිත්‍රපටය දයාරත්න රටගෙදර විසින් අධ්‍යක්‍ෂණය කිරීමට නියමිතයි.

සම නිෂ්පාදකයන් ලෙස කටයුතු කරන්නේ රත්නාලෝක සමූහ ව්‍යාපාරයයි

මෙහි ප‍්‍රධාන නිළියගේ චරිතය සඳහා ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනී උපේක්‍ෂා ස්වර්ණමාලි ට ඇරයුම් කිරීමට සූදානමින් සිටිනවා. ප‍්‍රධාන නළුවාගේ චරිතයට තෝරාගන ඇත්තේ රවීන්ද්‍ර රන්දෙණියයි


Share this article with your friends