Chitika Smowtion 468x60


Wednesday, March 14, 2012

ඩිපෝ කිහිපයක ලංගම සේවකයෝ වර්ජනයේ - ජයාරූප


නියමිත දිනට වැටුප් ලබා නොදීම, හිඟ වැටුප් ලබා නොදීම වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ කිහිපයක සේවකයින් මේ දිනවල වැඩවර්ජනයක නිරත වෙනවා.

ඩිපෝ රැසක සේවකයින්ට පෙබරවාරි මාසයේ මාසික වේතනය නියමිත දිනට ලැබී නැහැ. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සෑම මසකම රුපියල් මිලියන 589 ක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ යුතු වුවත් මේ වන විට ලබාදෙන්නේ රුපියල් මිලියන 223 කට ආසන්න මුදලක් බව ඔවුන් පෙන්වා දෙනවා.

අවිස්සාවේල්ල, ඇඹිලිපිටිය, මහනුවර උතුර, මහනුවර දකුණ, මීගමුව, අම්බලන්තොට, කෑගල්ල යන ඩිපෝ මේ වනවිට එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙන අතර අම්බලන්තොට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයේ අද තෙවෙනි දිනයයි.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම මහතා අද කියා සිටියේ ඩිපෝ සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය මගින් ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාදීමට අද පියවර ගත් බවයි.

පහත දැක්වෙන්නේ කෑගල්ල ඩිපෝවේ වර්ජනය ක්‍රියාත්මක වූ ආකාරයයි 


 සියලුම ජයාරූප මෙතනින් 
ජායාරූප යොමු කලේ : ප්‍රනීත් මධුශංක




Source: http://www.gossip9.com/2012/03/blog-post_8418.html#ixzz1p6fLzqzd 

Share this article with your friends