Chitika Smowtion 468x60


Wednesday, March 14, 2012

ජනාධිපතිවරයාගේ උදෑසන ව්‍යායාම සංදර්ශනය


ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන බවට  පැතිර යන රාවයට පිලිතුරුදීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමරා ශිල්පීන් සමග මේ දිනවල හිමිදිරි පාන්දර ඇවිදීමට පටන්ගෙන තිබේ.
ජනාධිපතිවරයාට මෙම සන්දර්ශන මෙහෙයුම සඳහා උපදෙස් ලබාදී ඇත්තේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාය. ජනාධිපතිවරයා ඊයේ (13) පාන්දරද ඡායාරූප ශිල්පීන් විශාල පිරිසක් සහ මාධ්‍ය නඩයක් සමග ගම්පහ උරුවත්තපාරේ කලූපාලම අසල පිහිටි ව්‍යායාම මන්තීරුවට ගොස් ව්‍යායාම කරන බව හැගවෙන පරිදි කැමරාවලට මුහුණ දුන්හ.

හදිසියේ යොදාගත් චාරිකාවක් බව හැඟවෙන පරිදි රජයේ හා පෞද්ගලික මාධ්‍ය මේ පිළිබද ප‍්‍රවෘත්තිය විකාශය කළ අතර එය දින ගනනකට පෙරම සිට සංවිධානය කරනු ලැබූ වැඩසටහනකි. 
පෙරේදා (12) උදෑසන සිට ඒ අවට ප‍්‍රදේශය ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කොට 1000 කට ආසන්න හමුදා පිරිසක් ආරක්ෂක පැය 24ක් පුරා ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබිණි.


ජනාධිපතිවරයා ඇවිදින අතරවාරයේ කැමරාවලට හසුවන පරිදි යොදවා තිබූ ගම්වාසීන් කිහිපදෙනාද දින ගණනාවක් තිස්සේ තෝරාගනු ලැබ පූර්ණ සෝදිසි කිරීම්වලට ලක්ව එම ටෙලි මෙහෙයුමට යොදාගෙන තිබේ.

සාමාන්‍යයෙන් රාහුකාලයේ කිිසිදු ගමන්බිමන් නොයන කැසිනෝ අධිපති හා ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරයාගේ මෙම ටෙලි සංදර්ශනය සඳහා සහභාගී වී ඇත්තේ අහම්බයකිනි. අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා රාහුකාලය අතහැර ජනාධිපති මන්දිරයට පැමිණ ඇති ධම්මික පෙරේරා මහතාවද මෙම ව්‍යායාම් මෙහෙයුමට කැඳවාගෙන විත් තිබිණ. එහෙත් එම ටෙලි වැඩසටහන සඳහා සහභාගී වූ ධම්මික පෙරේරා මහතා ඊට සුදුසු ඇදුමකින් සැරසී නොසිටීම ජනාධිපති මාධ්‍ය අංශයේ කැමරා ශිල්පීන්ට ගැටලූවක් වී තිබේ.

ජනාධිපතිවරයා 15 වනදා උදෑසන මාතර ප‍්‍රදේශයේදීත් 17 වන දා උදෑසන මොනරාගල ප‍්‍රදේශයේදීත් ව්‍යායාම් කටයුතුවල නිරතවීමට නියමිත බව අප වෙත වාර්තා වේ.
President Gampaha 1President Gampaha 2




















































Source - lankanewsweb.com

Share this article with your friends