Chitika Smowtion 468x60


Wednesday, March 14, 2012

වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව චෝදනා පත‍්‍රයක් සැකසේ


වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපති, දැනට පොලිස් ක්ෂේත‍්‍ර බලකා මුලස්ථානයට මාරුකර සිටින පොලිස් පරීක්ෂක එස්.ඒ.ආර්. සමරනායක මහතාට විරුද්ධව උසස් නිලධාරියෙකු දෙනු ලබන වාචික හෝ ලිඛිත නියෝග ඉටු නොකිරීම සම්බන්ධව චෝදනා පත‍්‍රයක් මේ වනවිට පොලිස් මූලස්ථානය තුළ කෙටුම්පත් වෙමින් තිබෙන බව අප වෙත වාර්තා වේ.


වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මෙසේ චෝදනා පත‍්‍රයක් කෙටුම්පත් වෙමින් පවතින්නේ පසුගිය දා වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ ජනතාව විසින් පොලීසියට අල්ලා භාරදෙනු ලැබූ සුදුවෑන් රථයේ යුද හමුදා මිනිමරුවන් එසැනින්ම ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත නිදහස් නොකිරීම සම්බන්ධයෙනි.

වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.එස්.ඞී.බී. සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී එස්.ආර්.කේ. සොයිසා විසින් කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් මත, අදාල සුදුවෑන් රථයේ මිනිමරුවන් භාරගැනීම සඳහා එම ස්ථානයට නොයන ලෙසත්, ඔවුන් පිළිබදව කිසිවක් පොලිස් පොත්වල සටහන් නොකරන ලෙසට ලබාදුන් නියෝග කඩකිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා සැකසෙමින් පවති.

එම නියෝග ලැබීමට පෙර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික සහකාර ලූතිනන් කර්නල් නිවුන්හැල්ල මහතාද වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා එම ස්ථානයට නොයන ලෙසට දැඩි ලෙස බලපෑම් කර ඇති අතර ඔහු ඊට අවනත නොවූ ආකාරය ලූතිනන් කර්නල් නිවුන්හැල්ල මහතා විසින් ආරක්ෂක ලේකම්වරයාට රපෝර්තු කර තිබේ.

මේ පිළිබදව 
අප වෙත කරුනු හෙලිකළ පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසා සිටියේ ‘කතරගම පේ‍්‍රමවතී මනම්පේරී නඩුවේ’ අභියාචනයේදී ති‍්‍රපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ලක් විසින් ප‍්‍රකාශිතවම දක්වා ඇත්තේ ‘‘උසස් නිලධාරියෙකු විසින් දෙනු ලබන නියෝගයක් නීති විරෝධී වන්නේනම් එය නොපිලිපැදීමට හෝ ක‍්‍රියාත්මක නොකර සිටීමට නීතීමය අයිතියක් කනිෂ්ඨ නිලධාරීන් සතුවන බවයි.’’

මෙම නඩු තීන්දුව නව නීතී වාර්තා (New Law Report) උපුටා දක්වමින් පොලිස් අභ්‍යාස විද්‍යාල තුල පවත්වනු ලබන දේශන නිසා පොලිස් නිලධාරීන් තම අයිතීන් හා යුතුකම් පිළිබදව මැනවින් දන්නා බැවින් වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ක‍්‍රියාකර ඇත්තේ ඉහත කී නඩු තීන්දුවට අනුකූලව බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් සදහන් කර සිටියේය.


Source - lankanewsweb.com

Share this article with your friends