Chitika Smowtion 468x60


Wednesday, March 14, 2012

කොලොන්නාව සභාපති පැහැරගෙන යෑමේ උත්සාහයට දුමින්දගේ මස්සිනාත් හවුල්


කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා පැහැරගෙන යෑමට දැරූ උත්සාහය පිටුපස පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා මහතාගේ මස්සිනා කෙනෙකු සිටින බව මේ වනවිට අනාවරණය වී තිබේ.
දුමින්ද මන්ත‍්‍රීවරයාගේ එක් නැගනිය විවාහව සිටින්නේ වෙලෝනා ව්‍යාපාරයේ හිමිකරුගේ පුත‍්‍රයා සමගය.

ආරක්ෂක ලේකම්වරයා කොලොන්නාව සභාපතිවරයාව පැහැරගෙන යෑමට සුදුවෑන් කල්ලිය යොදවා ඇත්තේ එකී දුමින්ද සිල්වාගේ මස්සිනාගේ ඉල්ලීම මතය. 

දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා සක‍්‍රීය දේශපාලනයේ නිරතව සිටියදී රවීන්ද්‍ර උදයශාන්ත සමග සමිප සබඳතාවයක් පවත්වාගෙන යමින් හවුල් ව්‍යාපාර ගණනාවක් ක‍්‍රියාත්මක කර තිබේ. ඒ අනුව බී.සී.සී ආයතනයේ පරණ යකඩ ඉවත් කරගැනීමේ ටෙන්ඩරය, දුමින්ද සිල්වාගේ මස්සිනාගේ හා රවීන්ද්‍ර උදයශාන්තගේ හවුල් සමාගමක් වෙත ලබාදීමට දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා කටයුතු කර තිබේ. එම ටෙන්ඩරය ලබාදී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගය මතය.

එම ටෙන්ඩරය සම්බන්ධයෙන් සහ වෙනත් ව්‍යාපාරික ගණුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් දුමින්ද සිල්වාගේ මස්සිනා සහ රවීන්ද්‍ර උදය ශාන්ත විරසක වී ඇති අතර එම අවස්ථාවේදී තම මස්සිනාගේ පැත්ත ගනිමින් කොලොන්නාව සභාපතිවරයාට එරෙහිව දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා ක‍්‍රියාත්මක වී තිබේ. මෙහි තීරණාත්මක ගැටුමක් සිදුවී ඇත්තේ දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට වෙඩි වැදීමට සති දෙකකට පමණ පෙරය.

දුමින්ද සිල්වා මන්ත‍්‍රිවරයාට වෙඩිවැදීමෙන් පසු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තාවකාලිකව කොලොන්නාව ආසනයේ සංවිධායක ධූරය භාරගනු ලැබීය.

එහෙත් දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට යලි යථා තත්ත්වයෙන් කටයුතු කළ නොහැකි බවට වූ වෛද්‍ය වාර්තා ලැබීමත් සමග, කොලොන්නාව ආසනයේ සංවිධායක ධූරය භාරගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා දුමින්දගේ සොයුරු රේනෝ ද සිල්වා මහතාට ආරාධනා කර තිබිණ.

එහෙත් ව්‍යාපාරික කටයුතු හේතුවෙන් ඔහු එම යෝජනාව කාරුණිකව ප‍්‍රතික්ෂේප කොට ඇති අතර අනතුරුව දුමින්දගේ මස්සිනා කොලොන්නාව ආසන සංවිධායක ධූරය භාරගැනීමට ආරක්ෂක ලේකම්වරයාට එකඟ වී තිබේ. එහෙත් ඊට පෙර තමාගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියාවන කොලොන්නාව සභාපතිවරයා ඉවත්කරදෙන ලෙස ඔහු ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

කොලොන්නාව සභාපතිවරයා පැහැරගෙන යෑමට සුදුවෑන් කල්ලිය එවා ඇත්තේ ඉන් අනතුරුවය.



Source - lankanewsweb.com

Share this article with your friends