Chitika Smowtion 468x60


Wednesday, March 14, 2012

‘‘සුදුවෑන් ගැන හොයන්න ගිහින් තරුපටි ගලවා ගන්න බැහැ’’ බොරැල්ල පොලිස් නිලධාරින් කියයි


පෙරේදා (12) වන දා උදසන බොරැල්ල 34 වත්ත ප‍්‍රදේශයේදී සුදුවෑන් රථයකින් පැහැර ගැනුනු ‘මාලූ පි‍්‍රයන්ත’ නැමති අයගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂනවල ප‍්‍රගතිය පිළිබදව සොයාබැලීම සඳහා අප බොරැල්ල පොලීසිය හා දුරකථනයෙන් සම්බන්ධ වූ විට නම සඳහන් කිරීමට අකමැති පොලිස් නිලධාරියෙකු පවසා සිටියේ ‘‘සුදුවෑන් ගැන හොයන්න ගිහින් තරුපටි ගලවාගන්න බැහැ. පේනවා නේද වැල්ලම්පිටිය  ඕ.අයි.සී ට වෙච්ච දේ?’’ කියාය.



මෙම පැහැරගැනීම සම්බන්ධව ‘මාලූ පි‍්‍රයන්ත’ගේ බිරිඳ වන එම්.ඒ.එම්. ෆාතිමා නසීර් විසින් පෙරේදා (12) වනදා උදෑසන 7.42 ට බොරැල්ල පොලිස්ථානයේ අපරාධ අංශයට පැමිණිල්ලක් කර ඇති අතර එය කාන්තා පොලිස් සැරයන් 36 ජයවර්ධන මහත්මිය විසින් බලඅපරාධ 364/208 යටතේ සටහන් කරගෙන තිබේ.

පසුව කාන්තා පොලිස් සැරයන් ජයවර්ධන මහත්මිය එම පැමිණිල්ල පිලිබදව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාටත් බොරැල්ල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ බණ්ඩාරනායක මහතාටත් දන්වා ඇති අතර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැහැර ගැනීම සිදුවූ ස්ථානයට ස්ථාන විමර්ශනයක් සඳහා ගොස් ඇත්තේ පැමිණිල්ල සිදුකොට පැය පහකට ආසන්න කාලයක් නික්ම ගිය පසුවය.


Source - lankanewsweb.com

Share this article with your friends