Chitika Smowtion 468x60


Wednesday, March 14, 2012

ලසන්ත ඝාතනයට පටලවන බව කියා ජෙනරාල්ට එරෙහිව සාක්ෂි අරන්


සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනයට හා රිවිර පුවත්පතේ කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට, ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව භාරව සිටි හමුදා සාමාජිකයන් පිරිසක් පැටලවීමට ආරක්ෂක ලේකම්වරයා දැරූ උත්සාහයක් මේ වනවිට හෙළිදරව් වී තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදා සක‍්‍රීය සේවයෙන් විශ‍්‍රාම ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුවද යුද හමුදා සෙබලූන් 10 දෙනෙකු නීත්‍යානුකූල නොවන ආකාරයෙන් තමන්ගේ ආරක්ෂාව සඳහා යොදාගත් බවටත්, එම සෙබලූන් රාජ්‍ය පාක්ෂිකභාවයෙන් ඉවත්කිරීමට කටයුතු කළ බවටත් වශයෙන් චෝදනා හතලිස් එකක් යටතේ සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ආරක්ෂක ලේකම්වරයාගේ බලපෑම් මත නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුව ඊයේ (13) විභාගයට ගත් අවස්ථාවේදී අධිකරන භූමියට පැමිණ සිටි හමුදා සාමාජිකයෙකු මේ පිළිබදව තොරතුරු රැසක් නීතීඥයින් පිරිසකට පවසා තිබේ.

ජනාධිපතිවරන සමයේදී ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවට සිටි මෙම හමුදා භටයින් දසදෙනා 2010 ජනවාරී 26 වනදා පැවති ජනාධිපතිවරණය නිමාවී ප‍්‍රතිඵල නිකුත් වූ ජනවාරී 27 දිනයේම යළි ඔවුන්ගේ රෙජිමේන්තුවලට යැවීමට ෆොන්සේකා මහතා කටයුතු කර තිබේ. එහෙත් වහාම යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනඇති එම සෙබලූන් මාස තුනකට වැඩි කාලයක් හමුදා අත්අඩංගුවේ තබාගනිමින් නොයෙකුත් ආකාරයේ බලපෑම් කරමින්, වධහිංසා කරමින් ජෙනරාල්ට එරෙහි සාක්ෂිකරුවන් ලෙස යොදාගැනීමට කටයුතු කර තිබේ.

ඔවුන් එසේ රජයේ සාක්ෂිකා
රයින් බවට අවනත කරගෙන ඇත්තේ ඔවුන් සියලූ දෙනාට ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීමේ හා උපාලි තොන්නකොන් මහතාට පහරදීමේ චෝදනාව මත ජීවිතාන්තය දක්වා සිරගත කරන බවට බියගන්වමිනි. කොළඹ අපරාධ කෝට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් පරිදි, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය හා උපාලි තෙන්නකොන් මහතාට පහරදීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදා ප‍්‍රධානීන් එකී හමුදා භටයින්ට දැනුම්දී තිබේ.

එසේ බියගන්වා ජෙනරාල් ෆොන්සේකා මහතාට එරෙහිව ප‍්‍රකාශ ලබාගැනීම ආරම්භ කොට ඇත්තේ 2010-01-31 දිනය. එදින පනාගොඩ යුදහමුදා කඳවුරේ වීරකඳවුරේ සේනාධිනායක කාර්යාලයට පැමිණ ඇති පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර කරවිට, පොලිස් පරීක්ෂක කුලරත්න සහ උප පොලිස් පරීක්ෂක තිබ්බටුවල ඇතුලූ පොලිස් නිලධාරීන් පිරිසක් ජෙනරාල්වරයා සිරකිරීමට අවශ්‍ය පරිදි මෙම යුද හමුදා සෙබලූන්ගෙන් කටඋත්තර ලබාගෙන ඇත.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ව්‍යාපාරය තුළ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ විශ‍්‍රාමික කපිතාන් සේනක හරිප‍්‍රිය ආනෝල්ඞ් ද සිල්වා නොහොත් ‘ෂා සිල්වා’ මහතාට එරෙහිවද කට උත්තර ලබාගැනීමට එම පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.

ආරක්ෂක ලේකම්වරයාගේ බියගැන්වීම් මත බි‍්‍රගේඩියර් පී.ජේ.ඒ. වීරසිංහ මහතා 
ඊයේ (13) දිනයේ ජෙනරාල්ට එරෙහිව සාක්ෂි දුන් අතර කර්නල් සී.එස්. ඇටිපොල මහතා සහ ලූතිනන් කර්නල් ඒ.පී.ආර්. පේ‍්‍රමලාල් ඉදිරියේදී සාක්ෂි දීමට නියමිතය.

මෙම නඩුවේදී ජෙනරාල්ට එරෙහිව පැමිණිලි පාර්ශ්වයෙන් සාක්ෂිකරුවන් 29 දෙනෙකු නම්කොට ඇති අතර ඔවුන්ගේ නම් පහත සඳහන් වේ.

1. බි‍්‍රගේඩියර් පී.ජේ.ඒ. වීරසිංහ - ශ‍්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකාය.
2. කර්නල් සී.එස්. ඇටිපොල - ශ‍්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකාය.
3. ලූතිනන් කර්නල් එල්.පී.ආර්. පේ‍්‍රමලාල් - ශ‍්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකාය.
4. සෙබල ඒකනායක මුදියන්සෙලාගේ ගයාන් බණ්ඩාර එක්නායක - ගලේවෙල
5. ලාන්ස්කෝප්රල් රන්කොත්පේලිගේ අජිත් ප‍්‍රසන්න කුමාර - මාවනැල්ල
6. සෙබල දොඩම්පහේ දොන් සමන්ත - පොල්ගහවෙල
7. සැරයන් අබේකොන් තුෂාර අනුර කුමාර - උකුවෙල
8. කෝප්රල් ජයතුංග ආරච්චිගේ දොන් රවීන්ද්‍ර රංගල - ඇබිලිපිටිය
9. ලාන්ස්කෝප්රල් මුතුබණ්ඩාගේ සංජය සම්පත් වන්නිනායක - නොච්චියාගම
10. සැරයන් හීන්වැල්ල ආරච්චිගේ උපේන්ද්‍ර ඉන්ද්‍රමිනි හීන්වැල්ල - පොලොන්නරුව
11. ලාන්ස්කෝප්රල් සුගතපාලගේ අජිත් දිසානායක - මැදවච්චිය
12. සැරයන් නෙලූව කාරියකරවනගේ ක‍්‍රිෂාන් පද්මකුමාර - ගාල්ල
13. තුසේ පෙරේරා ලියනරාලලාගේ අජිත් රංගන - මිහින්තලය
14. හදුන්නෙත්ති මහේෂ් තරංග ද සොයිසා - බම්බලපිටිය
15. හෙට්ටිආරච්චිගේ පවීනා මිත‍්‍රාංගනී හෙට්ටආරච්චි - පනාගොඩ
16. දිසානායක මුදියන්සෙලාගේ චන්ද්‍රපාල දිසානායක - එප්පාවල
17. කුමාරසිංහ නවරත්න මුදියන්සෙලාගේ වෙනුර කිරිදුවත්ත - මාතලේ
18. මල්හාමිගේ සුරංග ප‍්‍රසාද් බණ්ඩාර - කඩවත
19. වැලිවිට ලියනගේ දොං ලිලාන් අරවින්ද පෙරේරා - පානදුර
20. දයානන්ද දිසානායක - මැතිවරන කොමසාරිස්
21. ආර්. අරුත්තවනාදන් - අතිරේක ලේකම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය
22. මේජර් ජෙනරාල් ඒ.ඩබ්ලිව්.ජේ.සී. ද සිල්වා
23. රංජිත් සුමනසේකර - බොරැල්ල
24. පී.එම්. සිරිවර්ධන - අතිරේක මැතිවරණ කොමසාරිස්
25. මේජර් ජෙනරාල් ලොකුගත්හේවාගේ ශවේන්ද්‍ර චන්දන සිල්වා
26. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග
27. පොලිස් පරීක්ෂක කරුණාතිලක - අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව
28. පොලිස් පරීක්ෂක ජයසේකර - අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව
29. පොලිස් පරීක්ෂක රණවීර - කොළඹ අපරාධ කොට්ඨාශය


Source - lankanewsweb.com

Share this article with your friends