Chitika Smowtion 468x60


Wednesday, March 14, 2012

සිරස කුමරිය ගැන හෙළි කිරීම නිසා සිරසෙන් මංගලට තර්ජන


පාර්ලිමේන්තු මංත්‍රී මංගල සමරවීර මහතාට මෙන්ම ඔහුගේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරන රුවන් ෆර්ඩිනැන්ඩර්ස් හට මහරාජා මාධ්‍යය ජාලයේ සභාපති කිලී රාජා මහේන්ද්‍රන් විසින් තර්ජනය කර ඇති බව වාර්තා වෙනවා.

ඉන්පසුව ඊයේ සිරස ටී.වී නාලිකාවේ පස්වරු 7 ප්‍රවෘත්ති විකාශය මගින් මංගල සමරවීර මහතාට හා රුවන් ෆර්ඩිනැන්ඩර්ස් මහතාට දරුණු මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට කිලී රාජා මහේන්ද්‍රන් කටයුතු කොට තිබුණා.

ඊට හේතුව ලෙස වාර්තාවන්නේ ඔවුන් දෙදෙනා සහාය දක්වනු ලබන වෙබ් අඩවියක් විසින් සිරස නාලිකාව විසින් පැවැත්වූ සිරස කුමරිය නමැති රියැලිටි වැඩසටහනේ යථා ස්වරූපය හෙළිදරව්කොට තිබීමයි. එම වෙබ් අඩවිය මගින් වාර්තාකොට තිබුණේ සිරස කුමරිය වැඩසටහන මගින් ගම්බද අහිංසක තරුණියක් කොළඹට ගෙනැවිත් ඔවුන්ගේ සංස්කෘතිය විනාශ කර දමමින් කටයුතු කරන බවයි.

"කෙල්ලන්ට දැල එළන සිරස මෙහෙයුම අරඹයි" යනුවෙන් නම් කර තිබූ එම ලිපිය මඟින් හෙළි කර තිබුනේ ප‍්‍රශ්නයක් ඇසීමටවත් අවස්ථාවක් නොවන්නට දෙමාපියන් බැල්කනියට සිරකරමින් හා ඔවුන්ගේ දූවරුන් ශාලාවට ගාල්කරමින් සිරස මෙහෙයුම් කණ්ඩායම සිය වැඩසටහන පිළිබඳ විස්තරය ඉදිරිපත් කර තිබුනේ සිරස කුමරිය තරඟයට ඉදිරිපත්වන සියලු දෙනා සිය ලැජ්ජා බය පසෙක තබා කටයුතු කිරීම වැදගත් බවයි.

නොඑසේනම් මෙම තරගයට ඉදිරිපත්වී පළමු පනස්දෙනා අතරට තේරීපත්වන තරගකාරියන්ට හෝටල්වල තනියෙන් නැවතී සිටීමට සිදුවන බවත්, ඔවුන්ට කැමරාව ඉදිරියේ බියකින් චකිතයකින් තොරව නිෂ්පාදන කණ්ඩායම් ලබාදෙන උපදෙස් පිළිපැදීමට සිදුවන බවත්ය.

එම සම්පූර්ණ ලිපිය මෙතනින්.

සිරස කුමරියන් පිළිබඳව හෙළි කිරීම නිසා ඊයේ රාත්‍රී 7 ප්‍රවෘති විකාශය මඟින් සිරස ටී.වී ආයතනය මංගල සමරවීර මහතා හා රුවන් ෆර්ඩිනැන්ඩර්ස් මහතා පිළිබඳව විකාශය කල වැඩසටහන පහතින්






Source: http://www.gossip9.com/2012/03/blog-post_2836.html#ixzz1p5b05qkI 

Share this article with your friends