එහි ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන කොළඹ කොටස් වෙළද පොලේ ගැණුම්කරුවෙකු වූ දිලිත් ජයවීර මහතා පසුගිය සතිඅන්තයේ දියතලාවේ පැවති වැඩමුලූවක් අතරවාරයේ ලද විවේකයේදී ඔහුගේ හිතවත්ම මිතුරන් කිහිප දෙනෙකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කර තිබේ. දියතලාවේ පැවති මෙම වැඩමුලූවට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා විසින් දිලිත් ජයවීර සහ දම්ම දිසානායක යන මහත්වරුන් සහභාගී කරවාගෙන තිබිණ.
රට බේරාගැනීමේ ගෞරවය ජනාධිපතිවරයාගෙන් පසු හිමිවිය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව දිලිත් ජයවීර මහතා මෙහිදී අවධාරනය කර ඇත. ඒ සඳහා වූ වැඩපිලිවෙල ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේද ආශිර්වාදය යටතේ බව සඳහන් කර ඇති ජයවීර මහතා, නාමල්ට නිසි කලවයස පැමිණෙන තෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය බලය අත්පත් කරගැනීම සුදුසු බව ජනාධිපතිවරයාගේද අදහස වී ඇතැයි සඳහන් කර ඇත.
එම ව්‍යාපෘතිය වෙනුවෙන් මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ කටයුතු සිදුවන බව පවසා ඇති ජයවීර මහතා, ඊට අදාල මාධ්‍ය සම්බන්ධීකරන කටයුතු හා ආර්ථික සම්බන්ධීකරන කටයුතු පිළිබද කමිටුවල පමණක් තමා කටයුතු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Source - lankanewsweb.com