ඒ අනුව ශ්‍රී ල.නි.ප නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා තම කාර්යාලය මහවැලි ආර්ථික ඒජන්සිය තිබූ ගොඩනැගිල්ලට ගෙන ගොස් තිබේ. මෙම තත්ත්වය යටතේ එකම ගොඩනැගිල්ලක් තුළ පක්ෂයේ මහලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලැබූ වෘත්තීය සමිති සම්බන්ධීකරන කටයුතුවලට බාධා පැමිණි ඇත.
ශ්‍රී ල.නි.ප මූලස්ථානය නව ගොඩනැගිල්ලකට ගෙන ගිය පසු මේ දක්වා එම ස්ථානයට පැමිණ ඇත්තේ එස්.බී. නාවින්න හා එම්.කේ.ඞී.එස් ගුණවර්ධන යන ඇමතිවරුන් දෙදෙනා පමනි. ඉහල මහලවලට යාමට සෝපානයක් නොමැති කමත්, වාහන නවතා දැමීමට ඉඩ පහසුකම් නොමැතිවීමත් නිසා කිසිදු මැති ඇමතිවරයෙකු නව පක්ෂ මුලස්ථානයට නොයන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. අහම්බයකින් පැමිණි ඉහත ඇමතිවරුන් දෙදෙනාද යළිත් තමන් මෙම කාර්යාලයට නොඑන බවත් අවශ්‍යතාවයක් වෙතොත් අමාත්‍යාංශයට දැනුම්දෙන ලෙසත් පක්ෂයේ පාලක ලේකම් ආරියසේන මහතාට දැනුම්දී ඇත.
Source - lankanewsweb.com