Chitika Smowtion 468x60


Monday, April 2, 2012

වාහන මිල ඉහල යන්නේ මෙහෙමයි


ටොයෝටා ඇලියන් ලක්ෂ 15 කින් 
ටොයෝටා විට්ස් ලක්ෂ 12 කින්
හයිබ්‍රිඩ් මෝටර් රථ ලක්ෂ 10 කින් 
මරුටි ලක්ෂ 3 කින් මිල ඉහල යන ලකුණු 


පසුගිය 31 වනදා රජය විසින් හයිබ්‍රිඩ් කාර්, මෝටර් කාර්, ත්‍රී වීල්, මෝටර් සයිකල් සඳහා පැවති බදු ප්‍රතිශතය ඉඅහල දමනු ලැබුවා.මෙයට හේතුව ලෙස රජය විසින් ඉන්ධන ඉල්ලුම ඉහල යාම හා වාහන තදබදය ඉහල යාම ලෙස කරුණු පැහැදිලි කරනු ලැබුවා.


කෙසේ වෙතත් මෙම ඉහල දැමු ප්‍රතිශත හේතුවෙන් එම වාහන ඉහල යා හැකි මිලගණන් පිළිබඳව ආනයනකරුවන් විවිධ මත පළකරනවා.

ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි 800 සිසි මෝටර් රථයක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 3 කින්ද, හයිබ්‍රිඩ් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10 කින්ද,ටොයෝට ඇලියන් මෝටර් රථයක් ලක්ෂ 15 කින්ද ,ටොයෝට විට්ස් මෝටර් රථයක් ලක්ෂ 12 කින්ද,වාන් රථයක මිල රුපියල් ලක්ෂ 4 කින් පමණද, ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්ද ,යතුරුපැදියක් රුපියල් 50,000 කින් පමණ මිල ඉහල යා හැකි බව සඳහන් වේ.

Share this article with your friends