Chitika Smowtion 468x60


Monday, April 2, 2012

කෙහෙළියගේ එස්.එම්.එස් විධාන


ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි හෝටලයක තුන් වන මහලින් වැටී පාද වල ආබාධයකට ලක්ව සිටින බව මෙයට පෙර ලිපියකින් සඳහන් කළා.

අමාත්‍යවරයා මේවන විට සුවය ලබමින් සිටින අතර මාස තුනක නිවාඩුවක්ද පාර්ලිමේන්තුවෙන් අනුමත වී තිබෙන අතර අමාත්‍යවරයාගේ වැඩ කොටස ඉටු කරනු ලබන්නේ වැඩ බලන ජනමාධ්‍යය ඇමති ලෙස අමාත්‍යය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතායි.

නමුත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝහලේ සිටම තමන් යටතේ ඇති ආයතන වලට එස්.එම්.එස් මගින් නියෝග නිකුත් කරමින් සිටින බව අප වෙත වාර්තා වනවා.


ඇතැම් නියෝග ලබා දෙන්නේ තිබෙන නීතියටත් පිටින් වන අතර විවිධ වැඩ කොටස් වෙනත් අය වෙත පැවරීම වැනි නියෝගද අමාත්‍යවරයා විසින් ලබා දෙනු ලබනවා. නමුත් වැඩ බලන අමාත්‍යවරයකු සිටියදීත් කෙහෙළිය අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාවට ජාතික රුපවාහිනියේ ඉහල නිලධාරීන්ගේ දැඩි අප්‍රසාදය එල්ල වී තිබෙනවා.






Source: http://www.gossip9.com/2012/04/blog-post_7175.html#ixzz1qsUJ0POe

Share this article with your friends