Chitika Smowtion 468x60


Monday, April 2, 2012

ජී.එල්. CIA කාරයෙක් - ඇල්ලේ හිමි


ජිනීවා ලොස් පීරිස් නොහොත්, ගේ‍්‍රට් ලණු පීරිස් නොහොත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙරට සිටින අංක එකේ සීඅයිඒ (CIA) ඒජන්තයකු බව පූජ්‍ය ඇල්ලේ හිමියන් වදාරා සිටිති. පසුගිය දා බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයට රැස් වූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු හමුවේ උන් වහන්සේ එම කාරණය පැහැදිලිකර ඇත.
චන්ද්‍රිකාගේ පාලන සමයේ ජාත්‍යන්තර උවමනාව මත ‘පැකේජයක්’ ගෙනවිත් පොදු පෙරමුණ ආණ්ඩුව දේශපේ‍්‍රමී බලවේගවලින් දුරස්කළ ජී.එල්., අනතුරුව රනිල් ගේ එජාප ආණ්ඩුව සමයේ එල්ටීටීඊ සමඟ එක් වී සටන් විරාම ගිවිසුම් ගසමින් දේශපේ‍්‍රමී බලවේග පාවාදුන් බවත් උන් වහන්සේ කරුණු කාරණා සහිතව මෙහිදී පැහැදිලි කර තිබේ. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කරවීමට දේශපේ‍්‍රමී බලවේග ගොනු වෙද්දී, ජාත්‍යන්තර උවමනාව මත කටයුතු කළ ජී.එල්. පීරිස් මහතා එවකට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ‘හෙල්පින් හම්බන්තොට’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චෝදනා ගොනු කළ බවද උන් වහන්සේ සිහිපත් කර තිබේ.
අනතුරුව එකී සියලූ දේශද්‍රෝහී කි‍්‍රයාවන්ට එරෙහිව 2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවා ගත් දේශපේ‍්‍රමී ආණ්ඩුවට ජී.එල්. පීරිස් මහතා එකතු වූයේද ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන්ගේ අවශ්‍යතාවය මත බව මේවනවිට තහවුරු වී ඇතැයිද උන් වහන්සේ පවසා ඇත. ජී.එල්. ඉතා උපක‍්‍රම ශීලීව නාමල් මන්ත‍්‍රීවරයා හරහා ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනා ගනිමින් විදේශ අමාත්‍යවරයා වීම ලංකාවට එරෙහි ජාත්‍යන්තර බලවේග වල අවශ්‍යතාවයක් බවත්, ජනාධිපතිවරයා වටා ගොනු වී සිටින දේශපේ‍්‍රමී බලවේග ඈත් කොට, අධිරාජ්‍ය ගැති රූකඩ පාලනයක් යළි මෙරට ස්ථාපිත කිරීමේ ඇමරිකානු ඉලක්කය ජී.එල්. හරහා ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බවත් උන් වහන්සේ අවධාරණය කර තිබේ.
ඇල්ලේ හිමියන් පැහැදිලි කර ඇති පරිදි, චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු ආණ්ඩුවෙන් ජී.එල්. - එස්.බී ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂයට ගැනීම සඳහා රුපියල් මිලියන 850කට වැඩි මුදලක් වැය කර තිබේ. එහි දී එස්.බී දිසානායක මහතාට රුපියල් මිලියන 300ක්ද, ජී.එල්. පීරිස් මහතාට පෞද්ගලිකව රුපියල් මිලියන 200ක්ද අනෙකුත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට බෙදා දීම සඳහා ජී.එල්. පීරිස් මහතාට තවත් රුපියල් මිලියන 350ක් ද ලබා දී තිබේ. එම මුදල් ලබා දී ඇත්තේ හැටන් නැෂනල් බැංකුව හරහාය. එවක එම බැංකුවේ සභාපති රියෙන්සි විජේතිලක මහතා ඊට සාක්ෂිදරන බව ඇල්ලේ හිමියන් පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුව සිටි ජී.එල්. පීරිස් මහතා ඇතුලූ 17දෙනෙකු ජනාධිපතිවරයාගේ දැත් ශක්තිමත් කිරීමට සන්ධාන ආණ්ඩුවට එක් වූ අවස්ථාවේදී, රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සමීපතම ව්‍යාපාරික මිතුරෙකුව සිටි නොයෙල් සෙල්වනායගම් මහතාද ජී.එල්.පීරිස් මහතා සමඟ ආණ්ඩුවට එක් වූ බව පවසා ඇති ඇල්ලේ හිමියන් සෙල්වනායගම් මහතාව තමා හොඳින් දන්නා හඳුනන බව ඔහු පැහැදිලිවම ඇමරිකන් ඒජන්තයකු බවත් අවධාරණය කර ඇත.
නොයෙල් සෙල්වනායගම් නැමැත්තා මෙරටට ෆෙක්ස් වැගන් මෝටර් රථ ගෙන්වන සෙනොක් ආයතනයේ හිමිකරුවා වේ. මොහු සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇති ඇල්ලේ හිමියන්, ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය හෙළිදරව් වූයේ මොහුගෙන් බවද සඳහන් කර තිබේ. නොයෙල් සෙල්වනායගම් මහතා, ජී.එල්.පීරිස් ඇමතිවරයා සමඟ එක් වී ජනාධිපතිවරයාව ජර්මනියේ බර්ලින් නුවර රෝහලකට රැුගෙන ගොස් විශේෂ පරීක්ෂණයක් සිදු කර ඇති බවත් අනතුරුව එම රෝගී තත්ත්වය පිළිබඳව විදේශ තානාපතිවරුන් කිහිපදෙනෙකුට පවසා ඇති බවත් ඇල්ලේ හිමියන් සඳහන් කර තිබේ.
කෙසේ වුවද මේවනවිට ජී.එල්. පීරිස් අමාත්‍යවරයා හරහා ජනාධිපතිවරයාට සමීපවී සිටින නොයෙල් සෙල්වනායගම් මහතා චම්පික රණවක අමාත්‍යවරයාගේ විදුලි බල මණ්ඩලයට ඇඟිලි ගැසීම් සිදුකරන බවත්, ජනාධිපතිවරයාගේ බලතල යොදා ගනිමින් විදුලිබලාගාර ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තු ලබා ගනිමින් සිටින බවත් මෙම තත්ත්වය යටතේ චම්පික ඇමතිවරයා අසරණ වී සිටින බවත් ඇල්ලේ හිමියන් පවසා ඇත.
ජී.එල්. පීරිස් අමාත්‍යවරයා සිදුකරමින් සිටින විනාශය තමා ළඟදීම රට හමුවේ ප‍්‍රසිද්ධ කරන බවත්, එහිදී ජී.එල්. වටා සිටින අන්‍යාගමික ජාවාරම්කරුවන් කිහිපදෙනා ගැනද හෙළිදරව් කරන බවත් ඇල්ලේ හිමියන් එම මාධ්‍යවේදීන් පිරිස සමඟ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends