Chitika Smowtion 468x60


Monday, April 2, 2012

තේ මණ්ඩලයේ සභාපතිනිය VIP පහසුකම් ඉල්ලයි


තේ සංවර්ධන මණ්ඩලයේ වත්මන් සබාපතිනි ජානකී කුරුප්පු මහත්මිය, තමාට කටුනායක ගුවන් තොටුපලේ විශේෂ ප‍්‍රභූ පර්යන්තය හරහා විදෙස් සංචාරවලට සහභාගිවීමටත්, ඒමටත් පහසුකම් සලසා දෙන ලෙස ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමේ නියෝජ්‍ය සබාපති කමල් රත්වත්ත මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ගුවන් තොටුපලේ විශේෂ ප‍්‍රභූ පර්යන්තය හරහා විදේශ ගතවීමටත් යළි පැමිණීමටත් අනුමැතිය ලබා දී ඇත්තේ පාර්ලිමන්ත‍්‍රීවරුන්, ආගමික් නායකයින් හා නිශ්චිතව නම් කළ පුද්ගලයන් සුළුපිරිසකට පමණි. රාජ්‍ය ආයතනවල සබාපතිවරුන්ට මෙතෙක් එම වරප‍්‍රසාදය ලබා දී නොමැත.
එම තත්ත්වය යටතේ ජානකී මහත්මියගේ ඉල්ලීම ඉටු කළ නොහැකි බව රත්වත්ත මහතා අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ හිටපු භාර්යාවවන ජානකී කුරුප්පු මහත්මිය මේවනවිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරියක් බවට පත් වී සිටී. මීට පෙර ජාතික සංවර්ධන මණ්ඩලයේ සබාපතිනිය ලෙස කටයුතු කළ ඇය, එහි අංශ ප‍්‍රධානීන් සමඟ දිගින් දිගටම ගැටුම් ඇතිකරගැනීම හේතුවෙන් ජනාධිපතිවරයා තේ මණ්ඩලයේ සභාපතිනිය ලෙස පසුගියදා ඇයව පත් කරනු ලැබීය.
තේ සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පත් වූ වහාම ඇය ජනාධිපතිවරයාගේ බලය ප‍්‍රදර්ශනය කරමින්, එතෙක් සබාපතිවරයාට ගෙවූ රුපියල් 75,000ක මාසික වැටුප රුපියල් 2,50,000 දක්වා වැඩිකර ගෙන තිබේ. එසේම යාන වාහන, ඉන්දන හා වෙනත් දීමනා වෙනුවෙන් රුපියල් දසලක්ෂයකට ආසන්න මාසික දීමනාද වෙනත් වරප‍්‍රසාද ද ඇය මේවනවිට ලබාගනිමින් සිටී.
කමල් රත්වත්තේ මහතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සමීපතම ඥාතියෙකු වන හෙයින් තමාට ගුවන් තොටුපලේ VIP වරප‍්‍රසාද ලබා නොදුන් බවට ජානකී මහත්මිය පසුගිය දා ජනාධිපතිවරයාට පවසා තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends