Chitika Smowtion 468x60


Monday, April 2, 2012

සජිත් පිලෙන් වෙනම මැයි රැලියක්


මෙවර මැයි දිනය යාපනයේ පැවැත්වීමට එක්සත් ජාතික කෘත්‍යාධිකාරී මණ්ඩය එකමතිකව තීරණය කර තිබියදී එම පක්ෂයේ සජිත් පිල කොළඹ දී වෙනම මැයි රැුලියක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක් 31 දා පෙරවරුවේ කුරුණෑගල ‘බ්ලූ ස්කයි’ හෝටලයේදී පවත්වා තිබේ. කුරුණෑගල ආසනයේ එජාප ක‍්‍රියාකාරී හමුවක් පැවැත්වෙන බවට සඳහන් කොට එම සාකච්ඡාව සංවිධානය කොට ඇත්තේ එජාප කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතාය.
මෙම සාකච්ඡාවට එජප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගිවන බව දැනුම් දී තිබුණද ඔහු සහභාගි වී නොමැති අතර සජිත් පිලේ ප‍්‍රකාශකයින් කිහිපදෙනකු පමණක් ඊට සහභාගි වී ඇත. යාපනයේ පැවැත්වීමට නියමිත මැයි රැලියට සහභාගි නොවී කොළඹ පැවැත්වෙන මැයි රැලියට සහභාගිවන්නැයි අශෝක අබේසිංහ මන්ත‍්‍රීවරයා පැමිණ සිටි පිරිසගෙන් ඉල්ලීමක් කර තිබේ.
හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ගුණ සමරුවට සමගාමීව මෙම මැයි රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Source - lankanewsweb.com

Share this article with your friends