Chitika Smowtion 468x60


Wednesday, April 11, 2012

ජනපතිටත් පයින් යන්න සිදුවේද?


ජනාධිපතිවරයා ගේ නිල රථයේ සිදුකල අලුත්වැඩියා වලට ගෙවිය යුතු මුදල ගෙවීම දිගින් දිගටම පරක්කු වීම නිසා එම රථයේ රියදුරා ඒ සදහා අවශ්‍ය ගෙවීම ලබාගැනීමට මුදල් අමාත්‍යංශයේ ඉහලම නිලධාරියෙක්ට කතා කොට තිබෙනවා.

එහිදී රියදුරා මේ ආකාරයට මෙම මුදල් ගෙවීම් දිගින් දිගටම පරක්කු කරන්නේ ඇයිදැයි කියා විමසා තිබෙනවා.


එවිට එම නිලධාරියා රියදුරාට පවසා ඇත්තේ මේ ආර්ථික තත්වය ඉස්සරහටත් පවතී නං ඉතින් එයාටත් (ජනපතිවරයාට) පයින් තමයි යන්න වෙන්නේ කියාය. මේ ඉහල නිලධාරියාගේ මෙම කතාව රියදුරා ජනාධිපතිවරයාත් පවසා තිබෙනවා. මේ කතාව ඇසු ජනාධිපතිවරයා කිසිවක් නොපවසා අතර සිනා සුනා.

මෛත්‍රිපාල  ත්‍රිවිල් එකේ යයි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබු රැස්වීමකට සහභාගී උනා. මේ කාර්යාලය අසල රථවාහන නවත්වා තැබීමට ජනාධිපති ආරක්ෂක අංශය ඉඩ දුන්නේ නැති නිසා එම රැස්වීමට සහභාගී වූවන්ගේ රථවාහන නවත්වා තිබුනේ ඊට ටිකක් නුදුරින් වූ වෙනත් ස්ථානයකයි. 

රැස්වීම අවසන්වී කාර්යාලයෙන් එලියට පැමිණි ඇමතිවරයා සිය රථය රැගෙන එන ලෙස ඔහුගේ ආරක්ෂක අංශ නිලධාරීන්ට දුරකථන ඇමතුමක් දී දන්වා සිටියා. කෙසේ වෙතත් දුරකථන ඇමතුම ලබා දී ටික වෙලාවක් බලන සිටියත් ඔහුගේ ආරක්ෂක නිලධාරින් ඇමතිවරයාගේ වාහනයද රැගෙන ආවේ නැති නිසා පාරට පැමිණි ඇමතිවරයා ත්‍රීවිලර් රථයක නවත්වා එයට ගොඩවී යන්නට ගියා.

මේ අතර මේ සිද්ධිය දැක දෙලොව රත්වූ ඔහුගේ නිලධාරීන් ත්‍රීවිලර් රථය පසුපස හඹා ගියා. කෙසේ හෝ වාහන තදබදයකට අසුව නවත්වා තිබු ත්‍රීවීලය දුටු ආරක්ෂක නිලධාරීන් වදන් පොරෙන් ඇමතිවරයාව බස්සවා ගෙන ඔහුගේ වාහනයට නංවා ගෙන තිබෙනවා. ඇමතිවරයා ත්‍රීවිලර් රථයෙන් බැස ඇත්තේ මේ අවස්ථාවේ තමන්ගේ අතේ මුදල් නැතිනිසා ත්‍රීවිලර් ගාස්තුව ගෙවන ලෙස ඔහුගේ නිලධාරියෙකුට පවසමිනුයි.




Source: http://www.gossip9.com/2012/04/blog-post_5169.html#ixzz1rih1sK85

Share this article with your friends