Chitika Smowtion 468x60


Wednesday, April 11, 2012

හලාවත මහ රෝහලේ වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝගීන්ගේ බත්පතෙනුත් ගහලා


ප්‍රාදේශීය වර්තාකාරියට පරුෂ වචනයෙනුත් බැන වැදිලා...

හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝහලේ ආහාර සපයන කොන්ත්‍රාත්කරුවන්ට රිසිසේ ගසා කෑමට පරිසරයක්  නිර්මාණය කර දී ඇති බව  හලාවත මහ රෝහලේ  කාර්යමණ්ඩලය සහ රෝගීහු පවසති. 


සෑම රෝහලකම  ආයතන භාර නිලධාරියා රෝහලේ මුළුතැන්ගෙය දිනපතා  පරික්ෂා කොට රෝගීන්ට සපයන ආහාර වල ගුණාත්මකභාවය පවත්වා ගැනීම කල යුතු නමුත් හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝහලේ මුළුතැන්ගෙය සහ ආහාර පරික්ෂා නොකරන බවත් රෝහලට කෑම සපයන  කොන්ත්‍රාත්කරුවන්ට වංචා කිරීම සඳහා ඉඩ සලසා දී ඇති බවත් වාර්තා වේ. 


මේ නිසා කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඇයට යහමින් වාසි ලැබෙන බව සේවකයෝ පවසති. මෙම තත්වය ගැන අදහස් දක්වන හලාවත මහ රෝහලේ හිටපු හෙද නිලධාරියෙකු වන ආරියදාස මහතා ප්‍රකාශ කරන්නේ මෙවැනි අක්‍රමිකතා නිසා රෝහලේ එලදයිතාව  බිඳ වැටෙන බවයි. 

රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ විසින් කරන මෙම අක්‍රමිකතාව සම්බන්දයෙන් රෝගීන් සහ කාර්යමණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කොට ඇති නමුත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. 

හලාවත මහ රෝහලේ සාවද්‍ය ආහාර සැපයීම සම්බන්දයෙන්  ප්‍රාදේශීය වර්තාකාරියක් හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහගෙන් දුරකතනයෙන්  විමසන ලද   අවස්ථාවේදී වෛද්‍ය දිනුෂා විසින් ප්‍රාදේශීය වර්තාකාරියට පරුෂ වචනයෙන් බැන වැදී ඇත.




Share this article with your friends