Wednesday, April 11, 2012
බුලත් හුරුල්ලෙන් දුම්කොළ ඉවතට
එළඹෙන අලුත් අවුරුද්ද මුල් කරගෙන බුලත් හුරුල්ලෙන් දුම්කොළ ඉවත්කර දුම්කොළ ක්‍රමයෙන් ලංකික සමාජයෙන් බැහැර කිරීමේ වැඩපිළිවෙලක් අරඹන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.
මේ පිළිබඳව දැනුම්දෙමින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව ඉකුත් 9 වෙනිදා අතුරලියේ රතන හිමි, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු ගිහි පැවදි පිරිසකගේ සහභාගිත්වයෙන් ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ දී පැවැත්වුනා.
මේ අතර දුම්කොළ භාවිතා කිරීම් නිසා ඇතිවන රෝගී තත්වයන් හේතුකර ගෙන ලංකාවේ වසරකට මරණ 12,000 පමණ සිදුවන බවටද ගණන් බලා තිබෙනවා. කෙසේ වෙතත් මතට තිත වැනි ව්‍යාපෘති බොහෝ සෙයින් ක්‍රියාත්මක වුවත් මත්පැන් පානයේ අඩුවක් දක්නට නොලැබෙන බවද දක්නට ලැබෙනවා.
රුපවාහිනී නාලිකා වල විකාශනය වන ටෙලිනාට්‍ය හා චිත්‍රපට වල මත්පැන්, දුම්වැටි පානය කරන අවස්‌ථා ඇතිවිට ඒවාට කොටු දැමීමේ ව්‍යාපෘතියක් පෙර මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වුවා.
මේ නිසා මත්පැන් දුම්වැටි පානයේ අඩුවක් දක්නට ලැබුනේ නැති අතර පසුව කල සොයා බැලීම් වලින් එම කොටු දැමීමේ ව්‍යාපෘතිය "අසාර්ථක" බව මහාචාර්යවරයාටම දැනගන්නට ලැබූ නිසා දැන් එය ක්‍රියාත්මක වන්නේ නැහැ.
Source: http://www.gossip9.com/2012/04/blog-post_8028.html#ixzz1rifOizkb
බුලත් හුරුල්ලෙන් දුම්කොළ ඉවතට
2012-04-11T14:12:00+05:30
Admiral