Chitika Smowtion 468x60


Wednesday, April 11, 2012

කුමාර්ගේ සහ දිමුතුගේ දිවි ගැලවීමට දායක වූ ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට අපගේ ප‍්‍රණාමය !


පසුගිය අපේ‍්‍රල් මස 06 වනදා රජයේ ආරක්‍ෂක අංශ විසින් පැහැර ගන්නා ලද පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක පේ‍්‍රමකුමාර් ගුණරත්නම් නොහොත් කුමාර මහත්තයාගේ සහ එම පක්‍ෂයේ කාන්තා අංශයේ ප‍්‍රධානි දිමුතු ආටිගල මෙනවියගේ දිවි ආරක්‍ෂා කරලීම සඳහා ඔවුන් දෙදෙනා පැහැරගත් අවස්ථාවේ සිට ඔවුන් රඳවා සිටින ස්ථානයන් එම ස්ථානයන්හි කි‍්‍රයාකාරකම් පිළිබඳව අදියරෙන් අදියර අපව දැනුවත් කරමින් ඔවුන්ගේ දිවි සුරක්‍ෂිත කිරීමට දායක වූ ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට අප කර්තෘ මණ්ඩලයේ ශීර්ෂ ප‍්‍රණාමය මෙසේ පුද කර සිටින්නෙමු.


පෙරේදා (09) වනදා වන විටත් පැහැර ගැනීම් පිළිබඳව සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටි ආරක්‍ෂක ලේකම්වරයා සහ රජය, කුමාර් සහ දමුතු රඳවා සිටි නිශ්චිත ස්ථානය සහ ඔවුන් එම ස්ථානයට ගෙන ආ වේලාව සහ ඔවුන් භාරව සිටින උසස් පොලිස් නිලධාරියා නිශ්චිත වශයෙන්ම අප විසින් හෙළිදරව් කිරීමෙන් පසු රජයට තම ප‍්‍රතික්‍ෂෙප කිරීමේ කී‍්‍රඩාව නතර කිරීමට සිදු විය.
එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පෙරේදා (09) රාති‍්‍රයේ ආරක්‍ෂක ලේකම්වරයාට මොවුන් දෙදෙනා පැහැර ගැනීමේ වගකීම වක‍්‍රාකාරයෙන් පිළිගැනීමට සිදුවිය. ඉන් පැය 24 ක් ඉක්ම යාමට මත්තෙන් කුමාර් සහ දිමුතු නිදහස් කරනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ආරක්‍ෂක ලේකම්වරයාට නොවිණි.
පේ‍්‍රමකුමාර් ගුණරත්නම්ගේ සහ දිමුතු ආටිගලගේ දිවි සුරැකිම සඳහා පෙරමුණ ගෙන කි‍්‍රයා කළේ විකල්ප මාධ්‍යයන්ය. එහි පෙරටුගාමී මෙහෙවර ඉටු කරන ලද්දේ ශී‍්‍ර ලංකාව තුළ සහ ඉන් පිටත කි‍්‍රයාත්මක වන වෙබ් අඩවීන් විසිනි. මෙම වෙබ් අඩවීන් සහ ප‍්‍රගතිශීලී ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ එකමුතුවෙන් සාමූහිකව මෙම ජයග‍්‍රහණය අත්කර ගැනීමට හැකිවිය.
අවසාන වශයෙන් ආරක්‍ෂක ලේකම්තුමා ඇතුළු ශී‍්‍ර ලංකා රජයට අප හට පැවසිය යුතු වන්නේ, ගෝලීයකරණය නිසා මුළු විශ්වයම ගම්මානයක් බවට පත්වී ඇති අද දිනයේ, තොරතුරු තාක්‍ෂණය පවතින්නේ ඉතාමත් ඉහළ මට්ටමක බවත්, ලෝකයේ එක් කොනක සිදුවන දෙයක් අනෙක් කොන කරා ළඟාවීමට ගත වන්නේ විනාඩි කිහිපයක් වන නිසා තම කි‍්‍රයාකාරකම් පිළිබඳව දෙවරක් නොව තෙවරක් සිතා බලා ලොව පිළිගත් සම්මතයන්ට අනුකූලව කටයුතු කරන ලෙසයි.

Source - lankanewsweb.com

Share this article with your friends