Chitika Smowtion 468x60


Wednesday, April 11, 2012

සුමාත්‍රාවේ භූමිකම්පාවෙන් ලංකාවට සුනාමි අනතුරු ඇඟවීම්



Updated 06:30pm
සුනාමි අනතුරු හැගවීමේ නිවේදනය අවසන්.
ඇමරිකා පැසිෆික් සුනාමි අනතුරු හැගවීමේ මධ්‍යස්ථානය සුනාමි අනතුරු හැගවීමේ නිවේදනය අවලංගු කර තිබෙනවා. මේ අනුව ජනතාවට සාමාන්‍ය වැඩ කටයුතු සඳහා යොමුවීමට පුළුවන.

Updated 06:06 pm



හම්බන්තොට ධිවර වරායේ යාත්‍රා ගහගෙන ගිහින්
හම්බන්තොට ධිවර වරායේ නවතා
 තිබු යාත්‍රා කිහිපයක් මුහුදට ගසාගෙන යාමත් සමග කිසියම් නොසන්සුන් තත්වයක් එම ප්‍රදේශයේ ඇතිවී තිබෙනවා .


Updated 05:39 pm

විශාල අනතුරක් නැහැ ?
තවත් පසු කම්පන ඇතිවිය හැකි නමුත් ඒවා මුල් කම්පනය තරම් ප්‍රභල විය නොහැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා .


Updated 05:20 pm 

අධිවේගී මාර්ගයේ තදබදයක්
මේවනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයට ගාල්ල - කොළොඹ බස්රථ 30 ක් පමණ ඇතුලත්කර ඇති අතර සාමන්‍යය රථ වලට ටිකට් පත් ලබාගන්න බව වාර්තා වනවා.

මේ අතර යතුරුපැදිකරුවන් දක්ෂිණ අධිවේගී මාර්ගය පිවිසුම අසල එක්රොක් වෙමින් ඔවුන්ටත් එහි යාමට ඉඩ දෙනමෙන් ඉල්ලා සිටින බව අප වෙත වාර්තා වනවා.නමුත් පොලිසිය විසින් එයට අවසර ලබා දී නැහැ .


Updated 05:18 pm

කිරින්ද ප්‍රදේශයේ මුහුදේ ජල මට්ටම අඩු වෙයි
කිරින්ද ප්‍රදේශයේ මුහුදේ ජල මට්ටම අඩි
 දෙකක් පමණ අඩුවී ඇති එම ප්‍රදේශයේ වාර්තාකරුවන් වාර්තා කරනවා

Updated 05:07 pm

8.2 ක තවත් පසුකම්පනයක්
රිච්ටර් මාපක අගය 8.2 ක් වූ තවත් පසුකම්පනයක් ඇතිවී තිබෙන බව වාර්තා වී තිබෙනවා


Updated 04:52 pm

අවධානම් කාලය තවත් පැයකින් දීර්ඝ කරයි
මිට සුලුවෙලාවකටප්‍රථම ඇතිවූ පසුකම්පන තත්වයන් හේතුවෙන් අවධානම් කාලය තවත් පැයකින් දීර්ඝ කර ඇත


Updated 04:47pm
8.6 ක තවත් පසුකම්පන තත්වයක් 
ප්‍රථම භූමිකම්පාව ඇතිවූ සථානය ආසන්නයේම රිච්ටර් මාපක අගය 8.6 ක් වන තවත් පසුකම්පන තත්වයක් ඇතිවී තිබෙනවා.මෙවන් පසුකම්පන තත්ත්ව තවත් ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.චෙන්නායි වාරයේ වැඩ මේවනවිට නවත්වා ඇති නමුත් කොළොඹ වාරයේ වැඩ තවමත් නවතා නැත

Updated 04:31pm 
රිච්ටර් මාපක හයක පසු කම්පන තත්වයක් 
මෙයට විනාඩි පහකට පමණ ප්‍රථම උතුරු ඉන්දීය මුහුදේ රිච්ටර් මාපක අගය 6 ක් ගන්නා භූමිකම්පා තත්වයක් ඇතිවී තිබෙනවා.මෙය ඇතැම් ලංකා වාසින්ටද දැනී ඇති බව වාර්තා වනවා

Updated 04:16pm
සෙන්ටි මීටර් 17 ක රැල්ලක් ගහයි 
භූමිකම්පාව ඇතිවීමෙන් පසුව ඉන්දුනීසියාවට සෙන්ටිමටර් 17 ක පමණ රැල්ලක් ඇතිවී තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා


Updated 04:09pm
රට හදිසි ආපදා තත්වයකට සුදානම් කරයි
අපදා තත්වය බලපෑ හැකි ප්‍රදේශවල සෞඛ්‍ය කාර්ය මණඩල වල නිවාඩු වල අවලංගු කර තිබෙනවා.


Updated 04:06pm
තවමත් සුනාමි අවධානම් නොමැති ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය



Updated 03:55pm
අධිවේගී මාර්ගය නොමිලේ 
ඇතිවී තිබෙන හදිසි තත්වය හේතුවෙන් අධිවේගී මාර්ගය නොමිලේ භාවිතා කිරීමට ඉඩ ලබා දී ඇති බව 
අප වෙත වාර්තා වනවා. 




Updated 3:54 pm
භූමිකම්පාව තිරස් එකක්. අවධානම අඩුයි 
මිට සුළු වෙලාවකට ප්‍රථම ඇතිවූ භූ කම්පනය තිරස් ආකාරයේ භූ කම්පනයක් බව ඇමරිකාව වාර්තා කරනවා.ඒ අනුව සුනාමි තත්වයක් ඇතිවීමට නම් ඇති විය යුත්තේ සිරස් ආකාරයේ භූ කම්පනයකි. එම හේතුවෙන් සුනාමි අවධානම අඩු වුවත් අවධානමෙන් සිටින මෙන් ඔවුන් පවසනවා
 


Updated 03:35pm 
තවමත් අවධානමක් විතරයි 
භූමිකම්පාව ඇතිවූ ආසන්නයේ ඇති ඉන්දිනිසියානු දුපත්වලටද තවම සුනාමි තත්වයක් ඇති වී නොමැති හෙයින් බිය ඔවන මෙන් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියා සිටිනවා.මේ අතර මුහුදුබඩ දුම්රිය ගමන් තාවකාලිකව නතරකොට ඇති අතර පෞද්ගලික ප්‍රවාහන සේවාද පය තුනකට නවතා තිබෙනවා




Updated 03:24pm 
ඉදිරියේ විදුලිය විසන්දි කිරීමට නියමිතයි ශ්‍රී ලංකාවට සුනාමි අනතුර ඇති විය හැකි වේලාවන්හි ඒ ඒ ප්‍රදේශවලට විදුලිය විසන්දි කිරීමට සුදානමින් පසුවන බව අප වෙත වාර්තා වනවා  



Updated 03:13pm 
මේවනවිට මුහුදු බඩ ජනතාව ඉවත්වෙමින් සිටින අතර මන්කොල්ලකරුවන්ගෙන් ද ප්‍රවේශම් වන ලෙස පොලිසියෙන් උපදෙස් ලැබී තිබෙනවා

8.9 ක් ලෙස වාර්තා වූ රිච්ටර් මාපක අගය මේවනවිට 8.7 ක් ලෙස සඳහන් වී ටිබෙනවා.පහත තරුවෙන් දැක්වෙන්නේ භූමිකම්පාව සිදුවූ ප්‍රදේශයයි. 



Updated 03:00 pm

ලංකාවට සුනාමි ආවොත් එන වේලාවන් 
4:00 - ත්‍රිකුණාමලය
4.10 - දෙවුන්දර තුඩුවට
4:50  -කොළොඹ
06:00 - යාපනය

පැසි‍ෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානයෙන් නිකුත් කල සුනාමි අනතුරු ඇඟවීම මෙතනින් බලන්න;
http://www.nws.noaa.gov/view/national.php?prod=TSU

සවස හතරට සුනාමි අවදානමක් 
සුනාමි උවදුර ඇති වුවහොත් එය සවස හතරට පමණ ත්‍රිකුණාමලයට හතරයි පනහට පමණ දකුණු ප්‍රදේශවලට ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා, 

උතුරු හා දකුණු ප්‍රදේශවල මුහුදුබඩ පෙදෙස්වල ජනතාවට එම පෙදෙස්වලින් ඉවත්ව සිටින ලෙස ඔවුන් දැනුවත් කරමින් සිටිනවා.

මෙම පුවත සැලවීමත් සමග වෙරළබඩ ජනතාව කලබලයට පත්ව ඇති අතර ඇතැම් පිරිස් මහමග දුවමින් සිටින බව වාර්තා වනවා.මෙම පුවත අන් අයට දැන්වීමට ගත උත්සාහයන් හේතුවෙන් මේවනවිට දුරකථන ජාල අවහිර වී තිබෙනවා.


Updated 2:49 pm
ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපෑමක් ඇතිවිය හැකියි
රටවල් 28 කට සුනාමි අනතුරු ඇඟවීමක් මේවනවිට නිකුත් කර තිබෙනවා.ඒ අතර ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපෑමක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ
Updated 2:44pm
සුනාමි අනතුරු ඇඟවීම ඉන්දුනීසියාවට පමණයි. වෙරළබඩ ජනතාව විමසිල්ලෙන් පසුවන්න

භූමිකම්පාව හේතුවෙන් සුනාමි තත්වයක් ඇතිවිය හැකිදැයි නිශ්චිතව කිව නොහැකි නමුත් ඇතිව තිබෙන තත්වය අනුව සුනාමි තවත්යක් ඇතිවියහැකි බව බි.බි.සි පුවත් සේවය ප්‍රකාශ කරනවා.

තවමත් සුනාමි අනතුරු ඇඟවීම සිදුකොට ඇත්තේ ඉන්දිනිසියානු රටවලට පමණයි.ඉන්දියානු සාගරය ආසන්න රටවලටද විමස්ල්ලෙන් පසුවන ලෙස එම පුවත් සේවය කියා සිටිනවා

Updated

සුමාත්‍රා දූපත් අසර රිච්ටර් මාපකයේ 8.9ක භූමි කම්පාවක් සිදුවූ බවත්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බවත් ඇමෙරිකා නීරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.

මින් ස්වල්ප වේලාවකට ප්‍රථම ලංකාවේ බොහෝ ප්‍රදේශවලට භූමිකම්පා තත්වයක් ඇතිවූ බව වාර්තා වෙයි.

අප කල සොයා බැලීමකදී හෙලිවුයේ කොළඹ, ගාල්ල, ගල්කිස්ස,දියතලාව,රත්මලාන ආදී බොහෝ ප්‍රදේශ වලට මෙම භූමි කම්පා තත්වය ඇතිවී තිබෙනවා.


විනාඩියක පමණ කාලයක් තුල ඇතිවූ මෙම භූමි කම්පාව පිලිබඳ කාලගුණ දෙපාර්තමේන්තුව තවමත් නිවේදනයක් නිකුත් කොට නැහැ. ඔබටත් මෙවන් අත්දැකීමක් ලැබුනේ නම් ඔබේ ප්‍රදේශය මෙහි සඳහන් කරන්න.






Source: http://www.gossip9.com/2012/04/blog-post_8733.html#ixzz1rirkDdrB

Share this article with your friends