Chitika Smowtion 468x60


Friday, May 25, 2012

ඉල්ලීම් දෙන තුරු දින 42ක් පොල් ගසේ


තම ඉල්ලීම් දෙන තුරු පොල් ගසකට නැඟ සිටින පුද්ගලයෙක් පිළිබඳව පුවතක් රාජාංගනය ප්‍රදේශයෙන් අසන්නට ලැබෙනවා.

අප්‍රේල් 13 වනදා පොල් ගසට නැඟි ඔහු මේ වන විට දින 42ක් පුරා සිටින්නේ පොල් ගස මුදුනේ.

මීට පෙර ලී මෝලක වැඩකළ ඔහු පවසන්නේ තම පවුල නඩත්තු කරගැනීම අපහසු බවයි.

"මගේ ගැහුණු මනුස්සයට සතියකට වරක් ඉන්ජෙක්සන් ගහන්න ඕනේ, එයාට දියවැඩියාව, මට දරුවෙක් ඉන්නවා, තව දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මට මේ අය ජීවත් කරගන්න විදිහක් නෑ" යනුවෙන් පවසන ඔහු තම ඉල්ලීම ලැබෙනතුරු ගසෙන් නොබසින බවයි පවසන්නේ.

මීට පෙර වෙනත් පොල් ගසක මාස දෙකක් ඔහු ගතකර ඇති අතර පොල්ගසේ අට්ටාලක් සාදා දිවා රාතී ගතකරන ඔහුට ආහාර ලබාදෙන්නේ කඹයක ආධාරයෙනි.

ගම්වාසීන් එක්ව පොල්ගස කපාදැමීමට උත්සාහ කළ අවස්ථාවේ ඔහු ගහෙන් පැන දිවි නසාගන්නට තැත් කළ නිසා එයද අතහැර දමන ලද අතර, රාත්‍රී කාලයේ ගසෙන් බසිනු ඇතැයි ගම්මුන් සිතා ඔහු අල්ලාගැනීමට රැකගන සිටියද ඔහු ගසින් නොබසින බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳව ගිරිබාව පොලිස් ස්ථානාධිපති පවසන්නේ.

"ගම්වාසීන් දැනුවත් කළ නිසා මමත් ගියා. මේ මිනිහට තියෙන්නේ මානසික ආබාධයක්. මේ මනුස්සයා කොච්චර කිව්වත් ගහෙන් බහින්නේ නෑ. ගමේ අය කන්න දෙනවා. ඒවා කාලා ඉන්නවා. ගහේම තමයි නිදාගන්නේ.

මේ පිළිබඳ වීඩියෝව පහලින්








Source: http://www.gossip9.com/2012/05/12.html#ixzz1vsf0CTtu

Share this article with your friends