අද නිදහස් යැයි කියාගන්නා මාධ්‍ය සියල්ලම රජයට කඩේ යන බවත් ඒවා සියල්ලම සරත් ෆොන්සේකා මහතා පිළිබඳව ඇත්ත ජනතාවගෙන් වසන් කළ බවත් ඊයේ රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
සරත් ෆොන්සේකා මහතා එලිමහන් සිරකරුවෙකු කර ඇති අතර ඒ බව සඟවා සරත් ෆොන්සේකා මහතා නිදහස් කළ බව පවසමින් සියළුම මාධ්‍ය රජයට කඩේ ගිය බවත්, දිනමිණ ආණ්ඩුවේ පදේට නටද්දී ලංකාදීප පත‍්‍රය අයිපොඩ් ගහගන නටන බවත් පැවසුවා.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමු කළ ලිපිය ජනමාධ්‍යයෙන් හෙළි කළා. ඒ ලිපිය අනුව සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් සිදු කර තිබෙන්නේ ඉදිරියට ඇති සිර දඬුවම් කාලය ඉවත් කිරීම පමණයි. ඒ අනුව සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ මෙම ක‍්‍රියාවලිය සමාවක් නොවේ.
එසේ නම් මේ ඇත්ත තත්ත්වය රටට හෙළි නොකළේ ඇයි. ජනමාධ්‍ය මේ අයුරින් ක‍්‍රියාකළේ ඇයි. අපි නිදහස් මාධ්‍ය ගැන කතා කරනවා. නමුත් මේ මාධ්‍ය ආණ්ඩුවට කෙඬ් ගියා. ආණ්ඩුවට වැඩ කටයුතු කර දුන්නා. මේ තරම් පුද්ගලික මාධ්‍ය සහ නිදහස් මාධ්‍ය තිබියදී කවුරුත් ඇත්ත කිව්වේ නෑ.
ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයක් තියෙනවා එහි සභාපතිවරයා වන්නේ ලංකාදීප ප‍්‍රධාන කර්තෘ සිරි රණසිංහ මැතිතුමයි. කර්තෘ සංසදයේ මූලධර්ම අනුව බැලූවොත් මේ මාධ්‍ය ඒ මූලධර්ම සියල්ල උල්ලංඝනය කර තිබෙනවා. ඇත්ත නොදැන ජනතාව මුලා කළා.
රජය පාලනය කරන මාධ්‍ය තියෙනවා. ඒ මාධ්‍ය නටන්නේ රජයේ තාලයටයි. ඒ තාලයත් අපි දන්නවා. දිනමිණ පුවත්පත ආණ්ඩුවේ තාලය දන්නවා. ඒ නිසා ඒ පුවත්පත ඒ තාලයට නටනවා. අප ඒ කි‍්‍රයාවලිය පිළිගන්නේ නෑ. ඊට විරුද්ධයි. කෙසේ නමුත් ඒ අය මේ අණ්ඩුවේ තාලයට නැටීම කරන්නේ සැඟවී නොව ප‍්‍රසිද්ධියේමයි.
ලංකාදීප පත‍්‍රයත් නටනවා. නමුත් ඒ අය තාලය ගන්නෙ ප‍්‍රසිද්ධියේ නොවේ. ඒ අය නටන්න තාලෙ ගන්නෙ අයිපොඞ් එකෙන් අයිපොඩ් එක කනේ ගහන් ඒ තාලයට නටනවා. මිනිස්සු හිතාගෙන ඉන්නේ ආණ්ඩුවේ තාලයට නටන්නේ ලංකාදීප නොව දිණමින පුවත්පත කියායි. දිණමින පුවත්පතේ කර්තෘ සහ ඒ වාර්තාකරුවන් ප‍්‍රසිද්ධියේම නටනවා. නමුත් ලංකාදීප එක්කෙනා අයිපොඩ් ගහගෙන නටනවා. සිදුවන්නේ කුමක්ද කියා ඒ වාර්තාකරුවන්වත් දන්නේ නෑ.
අවසානයේ සිදුව තිබෙන්නේ කුමක්ද? විශ්වාස කරන්න කියා කියපු පත්තරය අපට විශ්වාස කරන්න බෑ. එච්චරටම ආණ්ඩුවට කඩේ යනවා. එච්චරටම ආණ්ඩුවට බයවෙලා. මේ ක‍්‍රියාවලිය වැරදියි කියා කතුවැකියෙන් කියන්න පුළුවන්ද? ආණ්ඩුව කළේ බොරුව කියා කතුවැකියෙන් කියන්න පුළුවන්ද?
අපි අසන්නේ එපමණයි. මේ කතාව හෙට පළ කරාවිද කියාවත් මම දන්නේ නෑ. ඒ මන්ද මේ අය කියන්නේ පත්තරයක් ගැන කුමක් හෝ කතා කළොත් අනෙකුත් මාධ්‍යයන්හි ඒ ගැන පළ නොකරන බවයි. ඒක හරි වැඩක්නෙ.
එම කතාව සංස්කරණයට ලක්කරමින් තිබූ වීඩියෝව පහලින්

Source: http://www.gossip9.com/2012/05/c.html#ixzz1vsil1uVr