එවැනි තීරණයක් ගත හොත් යුද අධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පමණක් නොව, ෆොන්සේකා මහතාට එරෙහිව පසුගිය කාලයේ පෙනී සිටි සියලූම හමුදා නිලධාරීන් දැඩි ලෙස කලකිරීමට පත්විය හැකි බව ආරක්ෂක ලේකම්වරයාගේ ස්ථාවරය වී ඇත.
රෝගාතුරව සිටින රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අලූත්වැව සෝරත හිමියන්ගේ දුක සැප සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පෙරේදා (23) පස්වරුවේ කතරගමට ගිය අවස්ථාවේදී ප්‍රධාන හිමි නමක් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අදාළව ජනාධිපතිවරයාගෙන් කරුණු විමසා ඇත.
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ, යුද හමුදා ප්‍රධානීන්ට බලපෑමක් විය හැකි හෙයින් යුද අධිකරණය විසින් දුන් තීන්දුව අහෝසි කිරීමට තමා කටයුතු නොකළ බවයි. එහෙත් එකී චෝදනාවලින් ෆොන්සේකා මහතාව නිදොස් කොට නිදහස් කිරීම ව්‍යවස්ථානුකූල බලයක් තමන්ට ඇති බවද ජනාධිපතිවරයා පවසා ඇත. ෆොන්සේකා මහතා යහපත් පැවැත්මක් ප්‍රදර්ශනය කරන්නේ නම් ඉදිරියේදී එවැනි සහනයක් ලබාදීම සඳහා හමුදා ප්‍රධානීන්ගේ කැමැත්ත ලබා ගැනීමට තමාට හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ෆොන්සේකා මහතා නිදහස් කළ වහාම තමාවත් හමුදා ප්රධානීන්වත් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමට කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා එහි සිටි මහා සංඝරත්නය වෙත දැඩි කනස්සල්ලෙන් යුතුව පවසා ඇත.
Source - lankanewsweb.com