වර්තමාන ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථීක ව්‍යාධීන්ගෙන් රට මුදවාලීම සඳහා ජෙනරල් ෆොන්සේකාට තනිව කළ නොහැක්කක් බව මේ මොහොතේ අවධාරණයෙන් කිව යුතුය. මා මෙසේ කියන්නේ මේ වන විටත් ඔහු තම කල්ලියට එක්කාසු කර ගැනීම සඳහා බොහෝ දෙනා උත්සහ කරනු පෙනෙන්නට තිඛෙන නිසාය. එක කල්ලියකට පමණක් පිළිතුරු සෙවිය නොහැකි ප්‍රශ්න විශාල ප්‍රමාණයකට වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී සිටී. මේ මොහොතේ ජෙනරල් ෆොන්සේකා කළ යුත්තේ දේශපාලනික වශයෙන් බුද්ධිමත්ම තීන්දු ගැනීමයි. එනම් මහින්ද රාජපක්ෂ ඒකාධිපතිත්වය පරාජය කිරීම කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනැගීමේ ක්‍රියාවලියකට දායක වීමත්, ඒ කෙරෙහි ජනතා පෙළගැස්මක් ඇති කිරීමත්ය.(දැනටමත් පොදු කාරණා කිහිපයක් වෙනුවෙන් එජාප, ටීඑන්ඒ, මනෝ ගනේෂන්, ආචාර්ය වික්‍රමබාහු. සිරිතුංග, නව සිහල උරුමය ආදී එකමුතුවක් දක්නට ලැබේ.) ඒකාබද්ධ විපක්ෂ එකමුතුවක් නොකර ඔහු ද කල්ලිවාදීන් සමඟ අත්වැල් බැද ගන්නේ නම් ඔහු ශ්‍රී ලංකා දේශපාලනයේ මැජික් කාරයෙකු වනු ඇත.
රටට ඇති දේශපාලන අභියෝග ජයගැනීම සඳහා ජෙනරාල් ෆොන්සේකා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයක් මිස, එකිනෙකාගේ පෞද්ගලික දේශපාලන අරමුණු කරා යාමට මාන බලන කල්ලිවාදීන්ට හවුල් වන ෆොන්සේකා කෙනෙකුගෙන් රටට වැඩක් වන්නේ නැත. මේ මොහොත වන විට ජෙනරල් ෆොන්සේකාගේ් ප්‍රකාශ වලින් පෙනෙන්නේ ඔහුට දැඩි දේශපාලන අධිෂ්ඨානයක් තිඛෙන බවයි. එය ධනාත්මක කරුණකි. එකී අධිෂ්ඨානයත් සමඟ මේ මොහොතේ ඔහු ඉටුකළ යුතු ප්‍රධාන කරුණු තුනක් මටනම් පෙනේ.
1. ජාතිවාදයෙන් ගැලවීම.
2. විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ශක්තිමත් කර ඊට ජනතා පෙළගැස්මක් ඇති කිරීම.
3. ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම ඇතුළු දේශපාලන බල ඛෙදීමේ ක්‍රියාවලියක් ශක්තිමත් කරමින් ජාතීන් අතර සංහිදියාවක් ගොඩනැගීමට හවුල් වීම. එම කාරණා තුනය.
ජාතිවාදයෙන් ගැලවීම
--------------------------
ශ්‍රි ලංකාවේ දේශපාලනයේ පදනම ජාතිවාදයයි. ජාතිවාදයේ පදනම මත රටේ ඡන්ද පදනමද හැසිරේ. වැඩියෙන් ඡන්ද ලබා ගැනීමට නම් වැඩියෙන් ජාතිවාදී විය යුතුය. ජාතිවාදී නොවන ගොඩ තෝරාගත් විට ජීවිත අභියෝගයක් දක්වා යන තරමට එය ගැඹුරුය. ජාතිවාදය මත පදනම්ව අප රටේ ගැටළු වලට විසඳුම් නම් සෙවිය නොහැකි බව ඉතිහාසය ඔප්පු කර තිබේ. ජාතිවාදය වෙනුවෙන් ජීවිත වලින් සහ දේපල වලින් අප දූපත වන්දි ගෙවා ඇති ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම්ය. ජාතිවාදයෙන් ගැලවීම ජෙනරල් ෆොන්සේකාට ඇති ප්‍රධාන අභියෝගයයි. ජාතිවාදයෙන් ගැලවීම තීන්දු වන්නේ ජාතීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔහු දරන මතය සහ ඔහු ක්‍රියාකරන ආකාරය අනුවය.
දේශපාලනයේ පැවතීමට නම් ඔහුට ඇති පහසුම මඟ ජාතිවාදී පිල තෝරා ගැනීමයි. ජාතිවාදී නොවන පිල තෝරා ගන්නේ නම් ඔහුගේ ගමන දුෂ්කර එකක් වනු ඇත. ජනාධිපතිවරණයේදී මහනුවරදී සුළු ජාතිකයෙකුට හෝ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවීමට හැකි දේශපාලන ක්‍රමවේදයක් ගොඩ නැගිය යුතු යැයි ඔහු ප්‍රසිද්ධියේ කීම සුළුකොට තැකිය නොහැක. එනිසාම එදා දෙමළ ජාතික සන්ධානය පවා ඔහුට සහාය දීමට පැමිණියා පමණක් නොව ඔවුන්ට බලය තිඛෙන දෙමළ භාෂාව කතාකරන ප්‍රදේශ වලින් ජෙනරාල්වරයාට ජයග්රහණයද රැගෙන දුන්නේ ය. මෙය සුවිශේෂ වන්නේ ඊට මාස කිහිපයකට පෙර එම ප්‍රදේශවල යුද කළ තම විරුද්ධවාදියා ගේ ජාතිවාදී නොවන මතය එම ජනතාව පිළිගැනීමය.
ජාතිවාදී නොවන බව අදත් ඔප්පු කිරීමට හැකි මාවතක් ඔහු අභිමුවෙහි පවතී. එනම් උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලපෑම රජය වෙත එල්ල කිරීමත්, පසුගිය යුද අපරාධ සම්බන්ධයෙන් ඇති චෝදනා පිළිබඳ විධිමත් පරීක්ෂණයකට සහාය වීමත්ය. මෙය දේශප්‍රේමය පිළිබඳව හෝ ආත්මගරුත්වය පිලිබඳව හෝ ප්‍රශ්ණයක් සේ කුඩාවට ලඝු කර ගත යුතු නැත. මෙය වරදට ද~ුවම් දීම යන ශිෂ්ඨාචාර සමාජයේ ඉහල මානසිකත්වයේ ලෙස ජයග්‍රහණයක් බවට පත් කර ගත යුතුය
මෙය අත්‍යාවශ්‍ය වන්නේ එය ජාත්‍යන්තරයට ඕනෑ නිසා නොව අප රටේම සිටින වින්දිතයන්ට යුක්තිය හා සාධාරණත්වයක් ඉටු කිරීමට අවශ්‍ය නිසාය. යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයකට යාම ඔහුට තමන්ගේම දෑතින් තම ගෙල සිරකර ගන්නවා වැනියැයි යමෙකුට සිතෙනු ඇත. මන්ද ඔහු පසුගිය යුද්ධය මෙහෙයවූ යුද හමුදාපති වරයා ඔහු වන නිසාය. නමුත් යුද්ධය යනු මැදමූලනේ කෂිලියක් නොවන බවත් තමා සහ තම හමුදාව මෙහෙයැවූ යුද්දය ගැන තමාට විශ්වාසයක් තිඛෙන බැවින් මේ වන විටත් එවැනි පරීක්ෂණයක් සඳහා තමා සූදානම් යැයි ප්‍රකාශ කර තිබීම විශාල ඉදිරි පියවරක් වනවාක් මෙන්ම දේශපාලනිකව මහින්ද රාජපක්ෂ වැනි කුඩා සිතුවිලි සහිත ජාතිවාදියා පරාජය කිරීමකි. මෙම ප්‍රකාශයත් සමඟ මහින්ද රාජපක්ෂ විශාල දේශපාලන අර්බුදයකට ලක්වේ. දැන් මහින්ද ජාත්‍යන්තරයට කියන්නේ කුමක්ද? මහින්දට ජාත්‍යන්තරයට එකකුත් රට තුළ තව එකකකුත් කියන්නට සිදුවේ. රට තුළ ෆොන්සේකා පාවාදෙන්නෙකු ලෙස ඔහු විසින් නැවතත් හංවඩු ගසනු ඇත. කුමන හංවඩු ගැසුවත් ෆොන්සේකා රට පාවාදෙන්නෙකු ලෙස හංවඩු ගැසීමට යාම පාරා වළල්ලක් වනවා නොඅනුමානය.
ජාතිවාදයෙන් තොර භාවිතයක් තමන් සතු බව පෙන්වීමට ජෙනරල් ෆොන්සේකාට හැකි වේ නම් දමිළ හා මුස්ලිම් ජනවර්ග වල සහාය යළිත් ඔහුට ලැඛෙනු ඇත.
විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ශක්තිමත් කර ඊට ජනතා පෙළගැස්මක් ඇති කිරීම:
----------------------------------------------------------------------------
දැනට විපක්ෂයේ තත්ත්වය ඉතා ඛේදනීයය. ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ඛෙදීම් දෙකකට ලක්ව තිබේ. ඒ රනිල් වික්‍රමසිංහ පිල සහ සජිත් ප්‍රේමදාස පිලය. මේ පිල් දෙකේ දෙදරීම තහවුරු කිරීමට ජෙනරාල් දැනුවත්වම හවුල් නොවිය යුතුය. එය එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්රශ්නයකි. එය ඔවුන්ටම විසඳා ගැනීමට ඉඩ හල යුතුය. පාර්ශව දෙකින් කුමන පාර්ශවයකට හෝ තම ආශක්ත බව පෙන්වීමෙන් එම ප්රශ්නය දෙගුණ වන බැවින් බුද්ධිමතෙක් ලෙස ක්‍රියා කරන්නේ නම් ඔහු කළ යුත්තේ ගැටුම සමතුලනය වන ආකාරයට හැසිරීමය. මන්ද යත් දුර්වල ජාතිවාදී ලක්ෂන පෙන්නුම් කරන සජිත් පිළ ශක්තිමත් වීමට උත්සාහ කරන්නේ ජෙනරාල් වරයා හරහා නිසාය.
බැලු බැල්මට සජිත් පිල මේ මොහොතේ පෙනී සිටින්නේ නායකත්වය ලබා ගැනීමේ සටනකය. නමුත් රනිල් පිල ඊට වඩා මදක් ඉදිරියෙන් සිටී. ඔවුන් විපක්ෂය ඒකාබද්ධ කිරීමේ වැඩ පිළිවෙලකත්, ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතු යැයි ස්ථාවරයක හිදිම්න් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. පසුගිය මැයි දින සැමරුම යාපනයේ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් තීන්දු කිරීම රටට අවශ්‍ය ඉදිරි පියවරකි. සත්‍ය වශයෙන්ම නම් එය මහින්ද විසින් කළ යුත්තකි. මහින්ද රජපක්ෂගේ ඒකාධිපතිත්වය පරාජය කර රට වෙනස් මඟකට යොමු කිරීමට නම් දෙමළ ජනතාවත් සමඟ ඒකාබද්ධ වූ පුළුල් පෙරමුණක් අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ තේරුම් ගෙන තිබේ.
එක්තරා විදිහකට එය ඔවුන්ට දේශපාලනිකව අවාසි දායකය. මන්ද ජාතිවාදය මත පදනම් වූ සමාජයක් අප සතු නිසා ඔවුන්ගේ දකුණේ ඡන්ද පදනම තවදුරටත් අඩු වීමට එය බලපෑ හැකි නිසාය. දෙමළ ජනතාව සමඟ අත්වැල් බැඳගැනීම කොටි ලේබලය අලවන්නන්ට කාර්ය පහසු කරවන්නකි. අයිටීඑන් නාලිකාව උත්සාහ කළේ එවැනි තත්වයක් නිර්මාණය කිරීමටය.
රටේ දේශපාලනික වෙනසක් සඳහා සිංහල, දමිළ, මුස්ලිම් ජනතා පෙරමුණක් ඇති කිරීම ඓතිහාසික අවශ්‍යතාවයකි. එය හරියට ජෙනරාල් වරයා යුද්ධයේදී යුදහමුදාවේත් ගුවන් හමුදාවේත්, නාවික හමුදාවේත් දක්ෂ සුවිශේෂ පුද්ගලයන්ගෙන් ඒකාබද්ධ සටන් ඛණ්ඩයක් ගොඩ නගා සාර්ථක ප්‍රතිඵල අත්කරගත්තා හා සමානය. මෙය දේශපාලනික අරගලයකි.
ජෙනරල් ෆොන්සේකා හවුල් විය යුත්තේ එවැනි පෙරමුණක් ශක්තිමත් කිරීමටය. පසුගිය ජනාධිපතිවරණයේදී සියළු අමිහිරි අත්දැකීම් පසෙකින් තබා වැඩි දමිළ ජනතාවක් විශ්වාසය තැබුවේ මහින්දට වඩා ජෙනරල් ෆොන්සේකා කෙරෙහිය. ජෙනරල් ෆොන්සේකා විසින් එය අමතක නොකළ යුතුය. යුද්ධ කළාක් මෙන්ම දමිළ ජනතාවට සාධාරණ විසදුමක් ගෙන ඒමට කටයුතු කරන්නට ඔහු සමත් වේ නම් එය ඓතිහාසික වනු ඇත. එසේ නොකර දකුණේ ජාතිවාදය හා කල්ලි වාදය සමග පමණක් ඔහු ගැට ගැසෙන්නේ නම් ඔහුද දේශපාලන අවස්ථාවාදියෙක් වනු ඇත.
කෙසේ නමුත් මහින්දගේ ඒකාධිපති භාවිතය අවසන් කිරීම සඳහා මේ සියලූ දෙනා හවුල් කර ගැනීම අවශ්‍ය වන අතර එකී අවසන්කිරීම තවත් එක් ආණ්ඩුවක් පිහිටුවීමෙන් එහා ගොස් බල තල ඛෙදුණු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් ඇති කිරීම වෙනුවෙන් විය යුතුය. එසේ නොවේ නම් එයින්ද ඵලක් නොවනු ඇත.
ජෙනරල් ෆොන්සේකාට එවැනි ඉල්ලකයකට පැමිණිමට අවශ්‍ය නම් ඔහු ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කිරීමට විපක්ෂයේ අනෙකුත් දේශපාලන නායකයින් සමඟ අත්වැල් බැඳගත යුතුය. නොඑසේව දැනට පෙනෙන්නට තිඛෙන පරිදි ඔහුගේ ගැලවුම් කරු ලෙස පෙනී සිටින ටිරාන් අලස් මන්ත්‍රීවරයාගෙන් කෙරෙන විපක්ෂයට අවලාද නැගීමේ ප්‍රකාශ අනුව ජෙනරාල් වරයාද කටයුතු කරන්නට ගියහොත් ලොකු වලක වැටෙනවා නොඅනුමානය.
ජිනීවා යෝජනා ලෙස පැමිණි අපගේම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු දේශපාලන බල ඛෙදීමේ ක්‍රියාවලියක් ශක්තිමත් කරමින් ජාතීන් අතර සංහිදියාවක් ගොඩනැගීමට හවුල් වීම.
--------------------------------------------------------------------------
ජාතීන් අතර සංහිඳියාවක් ගොඩනැගීමට දැනට ලොව පිළිගත් අවම කොන්දේසිය ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමය. එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශාල ජාත්‍යන්තර බලපෑමක් එල්ල වෙමින් තිඛෙන අතර රට තුලින් එවැනි බලපෑමක් ප්‍රමාණවත් ලෙස එල්ල වී නැත. රට තුළින් එවැනි බලපෑමක් එල්ල නොවන්නේ රට ජාතිවාදී පදනමක පවතින නිසාය. මහින්දට එය වාසි දායකය. නමුත් ජාත්‍යන්තර තෙරපුම මහින්දට අවාසි දායකය. නමුත් මහින්දගේ ආණ්ඩුවේ ජාතිවාදයේ මුල්පුරුක් බොහොමයක් තිඛෙන නිසා හැකිතාක් ජාතිවාදය වපුරා අවසන් මොහොත දක්වා ජිනීවා යෝජනා ක්‍රියාත්මක නොකර සිටීමට උත්සහ ගනු ඇත.
මේ වන විටත් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරී සැලැස්මක් මහින්ද රාජපක්ෂ විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත ඉදිරිපත් කර තිඛෙන අතර එහි අන්තර්ගත වන්නේ මොනවාදැයි පාර්ලිමේන්තුවට හෝ ජනතාව වෙත ඉදිරිපත් කර නොමැත. මේ සියල්ලෙන්ම ඔහු උත්සාහ දරන්නේ ජිනීවා යෝජනා වලටත්, ජනතාවටත් වෙට්ටු දැමීමටය.
මේ මොහොතේ ජෙනරල් ෆොන්සේකා කළ යුත්තේ ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට සහය දැක්වීමයි. එසේ වෙතොත් එය ඔහු දේශපාලනිකව ගන්නා ඉදිරි ක්රියාමාර්ගයකි. දේශපාලනිකව මහින්ද පරාජය කිරීමකි.
මෙවැනි ක්‍රියාමාර්ග වලට අවතීර්ණ නොවන්නට ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනසක් සඳහා කෙටි මාවත් සෙවීමට ජෙනරල් ෆොන්සේකාට නොහැක. එවැනි ස්ථාවරකට පැමිණිය හොත් ආයුද වලින් කරන ලද යුද්ධයකට වඩා ජාතිවාදයේ යුද්ධයට ඔහුට මුහුණ දීමට සිදු වනු ඇත. ජාතිවාදයේ යුද්ධය පරාජය කිරීමකින් තොරව ශ්‍රී ලංකාවට දේශපාලන නිදහසක් නොලැඛෙනු ඇත.
(මෙම ලිපිය ලේඛකයාගේ පුද්ගලික මත දැක්වීමකි. සංවාදයට විවෘතය)
සේනක වත්තේගෙදර විසිනි