Chitika Smowtion 468x60


Thursday, May 17, 2012

නීතියේ වෛශ්‍යාව නිරුවතින් ?


අධිකරණ ඉතිහාසයේ කළු පැල්ලමක්: හේතු නොදක්වා ජනතාවගේ මූලික අයිතියක් නිශ්ප්‍රභා කරයි

අගවිනිසුරුවරිය ඇතුළු ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙළුවැල්ල මොනවට ප්‍රදර්ශණය කරමින් වෙබ් අඩවි වාරණය කිරීමට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම කිසිදු හේතු දැක්වීමකින් තොරව අද ප්‍රතික්ෂේප කෙළේය. මෙය අධිකරණ ඉතිහාසයේ මෙතෙක් සිදුනොවූ දෙයකි. පෙත්සමක් නිෂ්ප්‍රභා කරන හේතුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දිය යුතුය. නමුත් අද එය සිදුවූයේ නැත.

වෙබ් අඩවි 5 ක් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ශ්‍රී ලංකාව තුල කියැවීම වාරණය කිරීමෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය උල්ලංඝනය වූ බව පවසමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මෙම නඩුව පවරා තිබිණ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ෙජ්.සී. වැලිඅමුණ මහතා පෙනී සිටියේ ය.

අගවිනිසුරුවරිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් හේතු නොදක්වා මෙම පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම් කරු සුනිල් ජයසේකර මහතා 
අප වෙත පැවසීය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති වූ අගවිනිසුරුවරියගේ සැමියා සහ සොරුකල්ලිය විසින් මහජන මුදල් කාබාසිනියා කරමින් කළ සාපරාධී දූෂිත ගණුදෙනුව හෙළි වීමත් සමග අගවිනිසුරුවරියගේ ද රෙද්ද ගැලවීම වසා ගනු වස් පසුගිය දින කිහිපයේ යම් යම් වෙබ් අඩවි හරහා ඇය සුදනා වීමේ වැඩ පිළිවෙලක් ගෙන ගියා ය. විනිසුරුවරුන් පිරිසක් පැමින ඇයට අධිකරණ ස්වාධීන වියයුතු යැයි කී බවත් ඒ අනුව ඇය සමග ජනාධිපති තරහා වී සිටින බවත් මෙම ප්‍රවෘත්ති වලින් පැල කෙරින.

මේ සියළු කතා පට්ටපල් බේගල් බව අද ලබා දුන් තීන්දුවෙන් මොනවට ප්‍රදර්ශනය විය.

අගවිනිසුරුවරිය සිය සැමියා සමග එකතු වී නඩු තීන්දු ෆික්ස් කිරීමට මුදල් ලබා ගන්නා බව "උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය මුදලට තීන්දු ෆික්ස් කරන හැටි හෙළිවේ: එක් ඉත්තෙක් සාත්තර කාරයෙක්" මැයෙන් පෙබරවාරි 07 දා 
අප විසින් හෙළි කර සිටියේ ය. පසුගිය ජා.ඉ. බැංකු හොර ගනුදෙනුවේදී අතරමැදියා වූයේද ඉහත කී සාත්තරකාර ඉත්තාම බව දැන් හෙළිවී තිබේ. ගෑනිත් මිනිහාත් එකතු වී කරන හොරකම් ගැන අප එදා කී කතාව අද ඔප්පු වී තිබේ.

අගවිනිසුරුවරියට රෙද්දක් ඇඳගෙන අගවිනිසුරු පුටුවේ හිඳීමට නම් හොර ගනුදෙනුවකින් මහජන මුදල් ගසා කෑම කළ තමාගේ ස්වාමියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. අඩුම ගණනේ ස්වාමියා බැංකුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය හෝ යුතුය. නැතිනම් තමන් ශ=ද්ධ බව පෙන්වීමට අගවිනිසුරුවරිය සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතුය. මේ දෙකම කළ නොහැකි නම් මේ දෙදෙනා දික්කසාද හෝ විය යුතුය.

අද අධිකරණයට ගිය වෙබ් අඩවි 5 ට 
අප අඩවිය අයත් වූයේ නැත. මන්ද යත් ලංකා ඊ නිව්ස් වාරණය සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ බැවිනි. 

මෙවන් දූෂිත අසික්කිත වනචර අධිකරණයකින් සාධාරණය ඉටුකරවා ගැනීමට යාමට තරම් 
අප අඩවිය දුර්වල නැත. අපට අවශ්‍ය අපගේ පාඨකයාට සත්‍ය ගෙන යාම පමණි. මේ වන විට එය කිසිදු ගැටළුවක් වී නැත. ප්‍රොක්සි හරහා හෝ http://184.172.224.185/ අයිපී අංකයෙන් හෝ FaceBook අඩවියෙන් හෝ එය අපගේ පාඨයක් වෙත තහනම් කාලයටත් වඩා වැඩියෙන් ග්‍රහණය වේ. ඒ ගැන අප පාඨයකයන්ට ආසිරි වේවා.

වෛශ්‍යාවන්ගෙන් සහ වනචරයන්ගෙන් විනිර්මුක්ත අධිකරණයක් ලංකාවේ බිහි වූ දිනෙක අපි සාධාරණය ඉටු කරවා ගැනීමට නොපසුබට වන්නෙමු.

ඒ සඳහා මේ සියල්ල යටකරගෙන සිටින මිනීමරු රෙජීමය සමග මරාවාදී තිරිසනුන් රැල ගලග්‍රහයෙන් අල්ලා පොලොවේ ගැසීමට කාලය පැමිණ ඇති බව පවසමු.

Share this article with your friends