Chitika Smowtion 468x60


Thursday, May 17, 2012

ජනසංගණනය කොට උඩ


ජන සංගණනය අදාළ මූලික කටයුතු පසුගිය මාර්තු 27වනදා අවසන් වුවහොත් එම සංඛ්‍යාලේඛන එකින් එක විශ්ලේෂණය කරමින් අවසන් වාර්තාව සැකසීමේ කටයුතු අතරමඟ ඇණහිට තිබේ.
එකී කටයුතු සඳහා මාස කිහිපයකට කාර්යාලයක් සහ ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්මේන්තුවේ ප්‍රධානියා කළ ඉල්ලීම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් මෙතෙක් නොසලකා හැර තිබීම එම තත්ත්වයට හේතු වී තිබේ.
එහි විශ්ලේෂන කටයුතු සඳහා නිශ්චිත කාර්යලායක් මෙතෙක් ස්ථාපිත නොමැති හෙයින් දිවයින පුරා සිදු කරනු ලැබූ සංගණන ලිපිගොනු ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ගොඩ ගැසී තිබේ.
එසේ වුවද ජුනි මස අවසන් වීමට පෙර සංගණනයට අදාළ අන්තර් කාලීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට සිදු වී ඇති අතර ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබියදී ඔහු පවසා ඇත්තේ දිස්ත්‍රික් කිහිපයක නියැදි සාම්පල කිහිපයක් යොදා ගනිමින් එම වාර්තාව ඉදිරිපත් කරන ලෙසයි. එවැනි වාර්තාවක් ඉදිරිපත් කළහොත් එය මුළුමනින්ම දෝස සහිත විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.

Source - lankanewsweb.com

Share this article with your friends