Chitika Smowtion 468x60


Thursday, May 17, 2012

ජෙනරාල් නිදහස් කරන්න අධිකරණයත් තීන්දු කරලා ?


ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව සුදු කොඩි නඩුවට අදාළව මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අහෝසි කොට, ඔහුව එකී චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට, යුද සෙබළුන් දහදෙනෙකු නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රඳවා තබා ගැනීමට එරෙහිව ඔහුට පවරා ඇති නඩුවෙන් ඇප ලබා දීමටත් අධිකරණය විසින් තීන්දු කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර, අධිකරණය තීන්දුවට පෙර ජෙනරල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.
ජෙනරල් ෆොන්සේකා මහතාට එරෙහිව දෙවන යුද අධිකරණය විසින් ලබා දුන් මාස 30ක සිරදඬුවම බන්ධනාගාරයේ සිරදඬුවම් කාල නිර්ණ ක්‍රියා පටිපාටිය යටතේ පසුගි අප්‍රේල් 20වනදා අවසන් විය. එහෙත් නීතිපතිවරයා කියා සිටියේ, සිවිල් අධිකරණයකින් දෙන සිරදඬුවමකදී බන්ධනාගාරයේ සමා කාලයන් යුද අධිකරණයකින් දෙන සිරදඬුවමකදී අදළ නොවන බවයි. ඒ අනුව ලබන වස මැද දක්වා යුද අධිකරණයේ සිරදඬුවමට ෆොන්සේකා මහතාව යටත් වන බව නීතිපතිවරයා, බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දී තිබුණි. බන්ධනාගාර සම්ප්‍රදායට අනුව සිරකරුවෙකුගේ වසරක සිරදඬුවමක් මාස 8යි දවස් 10ක් ලෙස ගණනය කරනු ඇත. එම සම්ප්‍රදාය අනුව ෆොනසේකා මහතාගේ මාස 30ක සිරදඬුවම පසුගිය 26වනදා අවසන් විය.
මේවනවිට ආරක්ෂක ලේකම්වරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන කර්නල් ශාන්ත ධර්මරත්න මහතාද හමුදා අධිකරණය යටතේ වසර 07කට අච්චුකළ අයෙකු බව ජනාධිපතිවරයා වෙත පවසා ඇති පාලිත ප්‍රනාන්දු මහතා, ඔහුටද කෙටිකලක් තුළ දී නිදහස් වීමට හැකි වූයේ බන්ධනාගාරයේ සම්ප්‍රදායන්ට අනුව හිමිවන සමා කාලයන් මතය.
මෙම තත්ත්වය යටතේ තමාට ඇප ලබා දෙන මෙන් ඉල්ලමින් ෆොන්සේකා මහතා අධිකරණයට පෙත්සමක් ගොනු කරඇත. ඊට අදාළ තීන්දුව මැයි 31වනදා ලබා දීමට නියමිත අතර එහි දී බොහෝ දුරට ෆොන්සේකා මහතාට වාසි සහගත තීන්දුවක් ලැඛෙනු ඇති බවත්, ජෙනරාල්වරයාට යුද අධිකරණය විසින් දුන් සිරදඬුවම පසුගිය 26වනදා අවසන් වී ඇති බව අධිකරණය විසින් තීන්දු කරනු ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව සොලිස්ටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාට පැහැදිලි කර ඇත.
අධිකරණය ජෙනරල් සම්බන්ධයෙන් එසේ වාසිසහගත ලෙස කටයුතු කළහොත් එයින් ඔහුට විශාල ජනතා ආකර්ශනයක් හිමිවන බැවින් මැයි 31වනදා පෙර ඔහුව නිදහස්කොට එහි ගෞරවය ලබා ගැනීමේ හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා ජනාධිපතිවරයාට උපදෙස් දී තිබේ. ඇමරිකාවේ හිත දිනාගැනීමට ද එය ඛෙහෙවින් උපකාරී විය හැකි බවද මොහාන් පීරිස් මහතා පවසා තිබේ. මේවනවිට ඇමරිකාවට ගොස් සිටින විදේශකටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාද ෆොන්සේකා මහතා නිදහස් කිරීම ජානධිපතිවරයා තීරණය කර ඇති බව එරටට නිලධාරීන්ට කිහිප දෙනකුට දැනුම් දී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ කටාර් සංචාරයට පෙර ජෙනරාල්වරයාට නිදහස ලැඛෙනු ඇතැයි පීරිස් මහතා එම නිලධාරීන්ට වැඩිදුරටත් පවසා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් ඉහළ උසාවි වල විනිසුරුවරුන්, තවදුරටත දේශපාලන බලපෑම්වලට හිස නොනැමීමට තීරණය කර ඇතැයි අප මීට ඉහත දීද වාර්තා කළේය. තවද සමහර පුවත් වෙබ් අඩවිවලින් විනිසුරුවරුන්ගේ පක්ෂග්‍රාහී තීන්දු තීරණ රළු ආකාරයෙන් විවේචනය කර තිබීමද සමහර විනිසුරුවරුන්ගේ කීර්ති නාමය කෙරෙහි තියුණු ලෙස බලපා ඇති බව ද වාර්තාවේ.

Source - lankanewsweb.com

Share this article with your friends