Chitika Smowtion 468x60


Thursday, May 17, 2012

සජිත්-මරා කුමන්ත්‍රණයක් ?


සජිත් ප්‍රේමදාස සහ රෙජීමාධිපතිවරයා අතර ඇති රහස් එකඟතාවයක් ගැන ඊයේ රෙජීමාධිපති එජාපය සමග පැවැති සාකච්ඡාවේදී එළියට පැන තිඛෙන බව 
අප අඩවිය වෙත දැනගන්නට තිබේ.

දනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය.

ප්‍රේමදාස ජනාධිපතිවරයාව හුන් අවදියේදී කොළඹ අලූත්කඩේ නීතිඥවරුන්ගේ කාර්යාල සංකීර්ණයට යාබදව නාගරික සංවර්ධන අධිකාරිය සතු ගොඩනැගිල්ලක් ලිඛිතව එක්සත් ජාතික පක්ෂයට පවරා දී තිබේ. පසුව එය සිරිසේන කුරේ මහතා තමාගේ කටයුතු සඳහා භාවිතා කර ඇත. සිරිසේන කුරේ එජාපයෙන් ඉවත් වූ පසු එම ගොඩනැගිල්ල එක්සත් ජාතික පක්ෂයට ලබා දී නැති අතර එහි විවිධ ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇත. අසාද් සාලි මහතාගේ ගෑස් ගබඩාවක් ද එහි තිබිණ.

තම පක්ෂයට එහි භුක්තියක් නොමැති බැවින් එජාපය විසින් එහි බදු ගෙවීම අත්හැර දමා තිබේ. පසුව මේ මෑතකදී එහි හිඟ බදු ලෙස ලක්ෂ 45 ක් පමණ මුදලක් අයවිය යුතු බව වත්මන් ගෝඨාභයගේ යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය විසින් එජාපයට දැනුම් දී තිබේ.

එවිට එජාපය පවසා ඇත්තේ එම ගොඩනැගිල්ල තමාගේ භාරයේ නොමැති අතර අනවසර පදිංචි කරුවන් විසින් භාවිතා කරන බවත් ඔවුන් ඉවත් කර යළි එජාපයට ලබා දෙන්නේ නම් මෙම බදු මුදල එකවර නොව කොටස් වශයෙන් ගෙවීමට සූදානම් බවත් ය.

පසුව අධිකාරිය විසින් අසාද් සාලි වැනි අනවසර පදිංචි කරුවන්ට නඩු දාන බව පවසා ලිපි යවා ඒ පුද්ගලයන් ඉවත් කළද එය එජාපයට යළි ලබා දීමක් සිදුකර නොමැත.

ඊයේ රාජපක්ෂ සමග සාකච්ඡාවේදී එජාප නියෝජිතයෙක් මේ ගැන අවධානය යොමුකරමින් පවසා ඇත්තේ තම පක්ෂයට අයිති එම ගොඩනැගිල්ල පක්ෂයට ලබා නොදෙන්නේ ඇයි ද? කියා ය.

එවිට රෙජීමාධිපති රාජපක්ෂ පවසා ඇත්තේ "ආ ඒක සජිත් ඉල්ලලා තියෙනවානේ එයාගෙ තාත්තගෙ මොකක්ද එකක් පටන් ගන්න, මම ගෝඨාගෙන් අසා බලන්නම්" කියා ය. එජාප නියෝජිතයෝ මුහුණට මුහුණ බලාගත්තේ පක්ෂයට අයත් දේපොල පක්ෂය දන්නේ වත් නැතිව ලබා ගැනීමට රාජපක්ෂලා සමග ජාතිවාදී සජිත් කර ඇති කුමන්ත්‍රණය හෙළි වීම නිසාය.

Share this article with your friends