Chitika Smowtion 468x60


Thursday, May 17, 2012

ඇමරිකානු FBI නිලධාරීන් ඇමති සුසිල්ගෙන් ප්‍රශ්න කරලා


ඇමරිකාවේ FBI ආරක්ෂක නිලධාරීන් පිරිසක් පසුගියදා එරටට ගිය ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් හා ඔහු සමඟ ගොස් සිටි ජාවාරම්කරුවෙකුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ.
ඇමතිවරයා සමඟ එම සංචාරයට එක්ව සිටි එම ජාවාරම්කරුවා, පසුගිය යුද සමයේදී මෙරටට අවිආයුධ ගෙන්වීමේ අතරමැදියකු ලෙස කටයුතු කළ අයෙකි. යුද්ධය නිමාවීමෙන් පසුව ඔහු මෙරටට ඛනිජ තෙල් ගෙන්වීමේ මහා පරිමාන ජාවාරමක් සිදු කරයි.
ඉරානයේ ඛනිජ තෙල් මෙම රටවල් හරහා ශ්‍රී ලංකාවට යවා ඇති බවට වූ චෝදනා මත ඇමරිකානු FBI නිලධාරීන් ඇමතිවරයාගෙන් හා එකී ජාවාරම්කරුවාගෙන් එසේ ප්‍රශ්න කර තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends