ඡන්ද වලට මුහුණ දීමට විපක්ෂය බිය වී ඇතැයි ආණ්ඩුව ගෙන යන ප්‍රචාරක කුමන්ත්‍රණයේ සත්‍ය කුමැක්දැයි මෙසේ ලිපි ලේඛන සහිතව හෙලි කිරීමට
අප අඩවිය වෙත හැකි වී තිබේ.උතුරුමැද පළාත් සභාව විසිරුවීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගත්තේ ආණ්ඩුවේම වුවමනාවට බව
එම සිදුවීම පාදක කරගෙන විපක්ෂය මැතිවරණ වලට බිය යැයි මතයක් ආණ්ඩුව දැන් ගෙන යමින් තිබේ. එම මතය ජය ගැනීම සඳහා ඉහත කුමන්ත්‍රණය ගෙන ආ නමුත් සැබෑ වශයෙන් මැතිවරණයකට බිය වූයේ කව්දැයි මෙහි දැක්වෙන ලිපියෙන් සනාථ වේ.
පළාත් සභා විසිරුවන බව ප්‍රචාරය වීමෙන් පසු මෙම ලිපිය ජනාධිපති වරයා වෙත යවන්නේ උතුරු මැද ප්‍රධාන ඇමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ කණ්ඩායමය. එහි අත්සන් කර ඇති සියළු දෙනා ආණ්ඩු පක්ෂයේ අයය.
එහි දැක්වෙන්නේ පළාත් සභාව විසිරුන්නට එපා යැයි කියමින් ජනාධිපතිගෙන් කරන ඉල්ලීමකි. පළාතේ ජනයා වී අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් පසුගියදා පොලොන්නරුවේ ගල් විහාරයේ පැවැති අලූත් සහල් මංගල්‍යයට එකදු ගොවි සංවිධානයක් ආවේ නැති බව එහි සඳහන් වේ.
රාජ්‍ය විරෝධී අප්‍රසාදය ගොඩ නැගෙමින් තිඛෙන නිසා ඡන්දය තැබුවහොත් අපේක්ෂයකයන් ලෙස තමන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා නිසා ඡන්දය කල් දමන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබේ.
මේ අනුව ඡන්ද වලට බිය වී ඇත්තේ නිල නිධන් හොරුන් වන වත්මන් මරා රෙජීමයේ ආණ්ඩුව බව ඉතා පැහැදිලිය. එවන් තත්ත්වයක් තිබියදී විපක්ෂයේ ඉත්තෙකු වී ඇති ජාතිවාදී සජිත් භාවිතා කරමින් කරන ලද ආණ්ඩුවේ කුමන්ත්‍රණයේ පරිමාව කොතෙක්දැයි තේරුම් ගත හැකිය.
මේ අතර පසුගිය සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා අනුරාධපුරයේ පැවැති ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් බව වාර්තා වේ.
පළමු ප්‍රතිසංවිධාන වැඩ පිලිවෙල ලෙස අනුරාධපුරයට මෙම තෙදින තුල රැස්වූ ශ්‍රීලනිප මැති ඇමැති වරුන් කණ්ඩායම් ලෙස ප්‍රදේශ ඛෙදාගෙන ගම් මට්මට යමින් ආණ්ඩුව කළ කී දෑ මහජනයාට කියා ප්‍රතිසංවිධානය සිදුකරන්නට උත්සාහ කළද ගම්මට්මට ගිය මැති ඇමැතිවරුන්ට ගම්වැසියන්ගෙන් ලූණු ඇඹුල් ඇතිව අසාගෙන යලි තම තමන් සිටි හෝටල් කාමර වලට පැමිනීමට සිදුව තිබේ.
සමහර මැති ඇමැතිවරුන් ජනතාවත් සමග එකතු වී මරා රෙජීමයට බැන වැදී ඇති අතර එසේ නොවුනා නම් ගමෙන් එළියට ඒමට හෝ නොහැකි වන්නේ යයි සහභාගී වූ අයෙක් මෙම ලියුම් කරු සමග පැවසූහ. ඔහු වැඩිදුරටත් කීවේ දැන් නම් කොම්පියුටර් ජිල්මාට් පවා වලංගු නොවන තැනට මහජනතාව පත්වී ඇති බවයි.
-ලංකා ඊ නිව්ස් -(අනුරාධපුරය සමූහ)002