Chitika Smowtion 468x60


Tuesday, June 12, 2012

ලංගමයේ මිලියන 2,025 ක අලාභයක් ?


ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය ලබන අලාභය රුපියල් මිලියන 2,025 ක් දක්වා ඉහළ ගොස් ඇත. දුර්වල කළමණාකරණය හා වංචාව, දූෂණ මෙන්ම, දේශපාලන පත්වීම් ලබන සේවකයන් වැඩිවීම යන කාරණා ගමනා ගමන මණ්ඩලය පාඩු ලැබීමට ප‍්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
පරිපාලන දුර්වලතාවයන් නිසා දිගින් දිගටම පාඩු ලබමින් පැමිණි ගමනා ගමන මණ්ඩලය පවත්වාගෙන යාම සඳහා මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව මුදල් යොදවන ලදී. 2010 වසරේදී ගමනා ගමන මණ්ඩලය පවත්වාගෙන යාම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 4,469 ක මුදලක් ලබාදී ඇත. ඒ එම වසරේදී ලංගමය ලැබූ රුපියල් මිලියන 21,560 ක ආදායම ලංගමයේ නඩත්තුව සඳහාවත් ප‍්‍රමාණවත් නොවුනු බැවිනි.
2010 වසරට සාපේක්‍ෂව 2011 වසරේදී ලංගමය තවත් අගාධයට යමින්, 2011 වසරේදී මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 5,182 ක මුදලක් ලබා ගෙන ඇත. එහෙත් එම වසරේ අදායම රුපියල් මිලියන 21,017 දක්වා අඩු වී තිබේ.
බස් රථ 7,921 ක් සහිත ලංකා ගමනා ගමන මණ්ඩලය ධාවනය කරන කිලෝ මීටරයකට උපයන ආදායම රුපියල් 45 කි. පෞද්ගලික ප‍්‍රවාහන බස් රථවල එය රුපියල් 69 - 70 ත් අතර පවතී.


Source - lankanewsweb.com

Share this article with your friends