Chitika Smowtion 468x60


Tuesday, June 12, 2012

සරත් ෆොන්සේකා නිදහස් කිරීම පසුපස සැබවින්ම සිටියේ ටිරාන් අලස් ද?


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමේදී තිරය පිටුපස දැවැන්ත කාර්යභාරයක් ඉටුකල තරුණ වෛද්‍යයවරයකු ටිරාන් අලස්ගේ බලපෑම නිසා කොන්කර දමා තිබේ.

ජෙනරාල් නිදහස් කරගත්තේ තමන් යැයි කියමින් පාරමිබාන ටිරාන් අලස් සත්‍යය හෙලිවීම වැලැක්වීම සදහා ෆොන්සේකා පවුලට බලපෑම් කරමින් අදාල වෛද්‍යවරයාට පසුගිය කාලයේ පල නොකියා පලා ඛෙදා තිබේ. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට අපත් සමග සමීපව කටයුතු කල අදාල වෛද්‍යවරයාගේ ආරක්ෂාව සලකා අප එතුමන්ගේ අනන්‍යයතාවය හෙලිනොකරන අතර, එතුමන්ගේ උත්සාහයට කෘතගුණ සැලකීමක් හෝ නොකොට එලවා දැමීම නිසා ඇති වූ කලකිරීමෙන් හා අපට අවසන් කරන්නට නොහැකි වූ ජෙනරාල් නිදහස් කරගැනීමේ කාර්යය ඉටුකිරීම වෙනුවෙන් අපගේ ප්‍රණාමය එතුමන්ට පුදකිරීම උදෙසා අප මෙය පල කරන්නට තීරණය කලෙමු.


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂට බලපෑම් කර ඇත්තේ ඇමරිකානු ජනාධිපති බැරුක් ඔබාමා බව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසක් වී තිබේ. 


ජනාධිපති බැරුක් ඔබාමා එසේ දැනුම් දී තිඛෙන්නේ ජෙනරාල් නිදහස් කරන ලෙස ඉල්ලා ධවල මන්දිරයට යොමුකල අන්තර්ජාල පෙත්සම නිසා ජාත්‍යයන්තර දේශපාලනයේ ඇතිවූ කතිකාවත නිසා බවද ජාත්‍යයන්තර දේශපාලන විචාරකයින් පවසා තිබේ.

එම අන්තර්ජාල පෙත්සම ජෙනරාල්ගේ වැඩිමහල් දියණිය අප්සරා ෆොන්සේකාගේ නමින් අන්තර්ජාලයට මුදාහැරියද එහි සියළු බර කරට ගෙන කටයුතු කරන ලද්දේ මෙම වෛද්‍යවරයා විසිනි.


පෙත්සම අන්තර්ජාලයට එක් කල අවස්ථාවෙ එය වැලැක්වීමට ටිරාන් අලස් උත්සාහ කලද මෙම වෛද්‍යවරයාගේ සැලසුම් හා පිරිස් සංවිධානය නිසා පෙත්සම ඉතා සාර්ථක වූ නිසාත්, රජයේ මැති ඇමතිවරුන් කඩිගුල ඇවිස්සුනාසේ කලබලයට පත්ව ප්‍රකාශ නිකුත් කිරීමත් නිසා ටිරාන්ගේ උත්සාහය වැලකී ගොස් තිබේ.


කෙසේ වෙතත් මාසයක් තුල අනපේක්ෂිත ලෙස අත්සන් 25000 ලබා ගැනීමෙ අභියෝගය සාර්ථකව ජයගත් නිසා ධවල මන්දිරයෙන් ප්‍රතිචාර දක්වමින් ජෙනරාල් දේශපාලන සිරකරුවකු බවට ප්‍රථම වරට පිලිගනිමින් එතුමන්ට සාධාරණ නඩු තීන්දු ලැබී නොමැති බවට ප්‍රකාශ කල අතර ජෙනරාල් ෆොන්සේකාගේ නිදහස වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරන බවට ඉගියක්ද ලබාදෙන ලදී. 


ඒ අනුව යමින් ජෙනරාල් නිදහස් කිරීමට ජනාධිපතිවරයාට බලපෑම් කරන ලද්දේ ඇමරිකානු රජය විසිනි. ඇමරිකාව කල බලපෑමට අදාලව ටිරාන් අලස් කල කෙංගෙඩියක් නැත.
ඔහු කලේ ජෙනරාල් නිදහස් කරන ලෙස ඉල්ලා ඇවිටිලි කරමින් ජනපති වටා කරකැවෙමින් තම ව්‍යාපාර කටයුතු සදහා රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීම පමනි. 


ඔබාමාගේ බලපෑම නිසා ජෙනරාල් නිදහස් කල බව කියන්නට ලැජ්ජා නිසා ජනාධිපතිවරයා පවා අලස් නිසා නිදහස් කරන බව පැවසීම නිසා පිම්බුනු ටිරාන් අලස් සම්පූර්ණ ලකුණු තමන්ට දාගෙන සැබෑලෙසම කැපවු පුද්ගලයා එලවා දැමීම කණගාටුවට කරුණකි.

ජෙනරාල් සිරගත කලදා පටන් අපද එතුමන් නිදහස් කරගැනීමට කටයුතු කලද ඒවාට බාධා පමුණුවමින් හා වලක්වමින් ටිරාන් අලස් කටයුතු කල අතර අවසානයේදී ජෙනරාල් නිදහස් කරගැනීමෙ ව්‍යාපාරයේ කැදවුම්කරුවූ අලගියවන්න මහතා පලවා හැරීමෙන් පසු කලකිරුණු අපද සටන අතහැර දැමුවද මෙකී වෛද්‍යවරයා ජෙනරාල් නිදහස් කරගැනීමෙ කටයුතු සංවිධානය කල බව ෆොන්සේකා පවුලේ සියළු දෙනා නොදන්නවා 
නොව. 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස සිටියදී ජෙනරාල් දේශපාලනයට ගෙන ඒම සදහා විශාල වැඩ කොටසක් මෙම වෛද්‍යවරයා සිදුකල අතර ජෙනරාල්ගේ මැතිවරණ සටනේ කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් ජාත්‍යන්තර මාධ්‍යය සමග සමීපව කටයුතු කලේ මෙතුමන්ය. දිගින් දිගටම ජෙනරාල් වෙනුවෙන් ඉමහත් මෙහෙයක් ඉටුකල මෙතුමා ඇමරිකානු රාජ්‍යය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සබදතා පවත්වමින් ජෙනරාල් නිදහස් කරගැනීමට කටයුතු කල නිසාම අගනුවර රෝහලක සිට දුශ්කර ප්‍රදේශයකට මාරුකරනු ලැබීය. 


ඒ අවස්ථාවෙ රට හැරයෑමට සූදානම් වුවද ජෙනරාල්ගේ ඉල්ලීම මත තවදුරටත් මෙරට රුදෙමින් කටයුතු කලද ටිරාන් අලස්ගේ බලපෑම මත ෆොන්සේකා පවුලේ කෙනෙහිලිකම් නිසා පසුගිය කාලයේ නිහඩව සිටි අතර ජෙනරාල් රෝහල්ගතව සිටි නවලෝක රෝහලට හෝ පසුගියදා පැවති ලේ දන්දීමට හෝ මෙම වෛද්‍යයවරයා පැමිණ නැතැයිද කලකිරීමෙන් රටහැරයෑමෙ සූදානමක් ඇතැයිද වාර්ථා වෙ

ටිරාන් අලස්ගේ බලපෑම නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට සටන්කාමීව පෙරමුණ ගත් අප ඇතුලු බොහෝ දෙනා ඉන් ඉවත් වු අතර අවසානයේ ජෙනරාල් නිදහස් වු පසුව ඔහු වටා සිටින්නේ බර ඇද්ද සිංහයන් නොව පෙරහැරෙ යන අලින්වීම කණගාටුවට කරුණකි

සටහන

ජෙනරාල් නිදහස් කරගැනීමෙ ව්‍යාපාරයේ ක්‍රියාකාරීව කටයුතු කර, පසුව ටිරාන් අලස් නිසා කලකිරීමෙන් ඉවත්වූ සැබෑ ජෙනරාල්වාදීන් පිරිසක් විසිනි

















Source: http://www.gossip9.com/2012/06/blog-post_8989.html#ixzz1xZM3dXV3

Share this article with your friends