Chitika Smowtion 468x60


Tuesday, June 12, 2012

රජීව් විජේසිංහ පාර්ලිමේන්තුවෙන් ඉවතට ?


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට පත් කර සිටින මහචාර්ය රජීව් විජේසිංහ මහතා එයින් ඉවත් කොට ඔහු වෙත විශේෂ රාජකාරියක් පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම්කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා විදෙස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හමුවේ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බරපතල ලෙස විවේචනය කර ඇති බවට ඔහු වෙත චෝදනා එල්ල වී තිබේ. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට බලපෑම් කරන්නැයි මහචාර්ය විජේසිංහ මහතා එම නිලධාරින්ගෙන් ඉල්ලා ඇතැයි ජනාධිපතිවරයා වෙත වාර්තා වී ඇත.
මේ අනුව උගත් පාඩම් නිර්දේශ අධ්‍යනය කර, ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමේ වගකීම ඔහු වෙත පවරා ඔහුව හෑල්ලූවට ලක් කිරීම ජනාධිපතිවරයා අදහස් කර සිටින බව මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
රජීව් විෙජ්සිංහ මහතා ලංකා ලිබරල් පක්ෂයේ නායකයා ලෙසද කටයුතු කළ අයෙකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයකුවන සෑම් විෙජ්සිංහ මහතා රජීව් මහතාගේ පියාණන් වේ. රජීව් විජේසිංහ මහතා ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියෙකුද වෙයි.



Source - lankanewsweb.com

Share this article with your friends