Chitika Smowtion 468x60


Tuesday, June 12, 2012

අගමැති ධූරය ගෝඨාභයට ?


අග‍්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා මේ වනවිට රාජකාරී කිරීමේ නොහැකි තත්ත්වයක පසුවන බැවින්, ඔහු වෙනුවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
දිමු ජයරත්න මහතා පසුගිය දින කිහිපයෙහිදී සිංගප්පූරුවේ මවුන්ට් එලිසබර්ත් රෝහලේ ප‍්‍රතිකාර ගෙන මේ වනවිට දිවයිනට පැමිණ සිටියද ඔහු සිහිමද ගතියකින් සිටින බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ.
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා පසුගිය මාස කිහිපය තුළ අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, අගමැතිවරයෙකු පත් කර ගැනීමේ අර්බුදය හේතුවෙන් එය දිිගින් දිගටම කල් දමනු ලැබීය. එහෙත්, ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණ තුන අවසන් වූ වහාම අමාත්‍ය මණ්ඩල සංශෝධයක් කිරීමටත්, එහිදී අග‍්‍රාමාත්‍යවරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කිරීමටත් ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලන්ඩන් හා ඉතාලි සංචාර නිමවා පසුගියදා (09) යළි දිවයිනට පැමිණි වහාම ඔහුගේ සමීපතම පෞද්ගලික හිතවතුන් කිහිපදෙනෙකු ඊයේ පෙරවරුවේ මෙම කාරණය සම්බන්ධයෙන් ඔවුන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය බැංකුව ප‍්‍රධානියෙකු මෙන්ම, නීතීඥයින් කිහිපදෙනෙකුද, ජනාධිපතිවරයාගේ මස්සිනා කෙනෙකුද සහභාගි වී ඇත.
මෛතී‍්‍රපාල සහ නිමල් සිරිපාල ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් වුවද, ඔවුන් කෙරෙහි කිසිදු ලෙසකින් විශ්වාසය තැබිය නොහැකි බව පවසා ඇති ජනාධිපතිවරයා, බැසිල් හෝ චමල් අගමැති කිරීමට ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය මෙන්ම, තම පුත‍්‍රයින්ද අකමැති බව පවසා තිබේ. එම තත්ත්වය යටතේ දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති කිරීමට තමා බලාපොරොත්තුව සිටියද, ඔහු බරපතළ වංචා දූෂණ රැසක් සිදු කොට ඇති අයෙකු බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලිපිගොනු ඉදිරිපත් කරමින් තමාට පැහිදිලි කළ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.
අග‍්‍රාමාත්‍යවරයා පත් කිරීමේදී නාමල් රාජපක්‍ෂ මහතාගේ දේශපාලන අනාගතයට බලපෑමක් විය හැකි අයෙකු පත් නොකරන ලෙස එම සාකච්ඡාවට සහභාගි වූ සියලූ දෙනාම ජනාධිපතිවරයාට අවධාරණය කර ඇති අතර, එය එකහෙළා පිළිගෙන ඇති ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා අගමැති කිරීමේ තීන්දුවට තම බිරිඳ හා දරුවන් තිදෙනාද එකඟ බව පවසා තිබේ.
ඒ අනුව, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කර තිබෙන ජනක බණ්ඩාර මහතා ඉවත් කොට ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමටත්, ඔහුට නාගරික සංවර්ධන, බෞද්ධ කටයුතු හා සංස්කෘතික අමාත්‍ය ධූර මෙන්ම, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය පැවරිය යුතු බවටත් එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.
තවද, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කර සිටින මාලනී ෆොන්සේකා, කමලා රණතුංග, ජේ.ආර්.පී. සූරියප්පෙරුම සහ මහාචාර්ය රජිව් විජේසිංහද ඉවත් කොට ඒ සඳහා විද්වතුන් කිහිපදෙනෙකු නම් කිරීමට තමා තීරණය කර ඇති බව එහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා, ඔවුන් අතරින් අයෙකු විදේශ අමාත්‍යවරයා ලෙස පත් කරන බවද සඳහන් කර තිබේ.



Source - lankanewsweb.com

Share this article with your friends