Chitika Smowtion 468x60


Tuesday, June 12, 2012

හම්බන්තොට වරායට සුදු හුණු ගෑමට ‘හුන්ඩායි’ ගිවිසුමක් ?


අසාර්ථක ව්‍යාපෘතියක් වූ හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ වරාය සාර්ථක බව පෙන්වීම සඳහා කොරියාවේ ප‍්‍රධාන පෙළේ රථ වාහන නිෂ්පාදන සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ අනුව කොළඹ වරාය සීමාවේ සිට හම්බන්තොට වරායට ගෙන යන ප‍්‍රවාහන වියදමද අදාළ සමාගමට ගෙවීමට ආණ්ඩුව පොරොන්දු වී ඇත.
එම සමාගමට අයත් ‘ඒෂියන් සන්’ නම් නෞකාවකින් වාහන 1,000 ක් හම්බන්තොට වරායට ගෙන්වීම එම සැලසුමේ මුල් පියවරය. Hyundai Glovis සමාගමේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන ‘ජෝන් කීල්ස් ෂිපින්’ සමාගම මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සමග සාකච්ඡා පවත්වා ඇත.
මේ හේතුව නිසා ආනයනික මෝටර් රථවල මිල රුපියල් 50,000 කින් පමණ ඉහළ යාමට නියමිත බව මෙරටට වාහන ගෙන්වන ආනයනකරුවන් පවසති.
- ජනරළ

Share this article with your friends