Chitika Smowtion 468x60


Tuesday, June 12, 2012

ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන ක්‍රීඩකයන්ට තරඟ තහනමක්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව අප මෙයට පෙරහෙළි කළා.

එම ක්‍රියාමාර්ගයත් සමග ඉදිරියේදී තවත් ක්‍රීඩකයන් ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීම සඳහා ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරියේදී නවතම නීතියක් ගෙන ඒමට සුදානමින් සිටින බව 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වනවා.


ඒ අනුව ඉදිරියේදී කිසියම් ක්‍රීඩකයෙකු වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන්නේ නම් ඔවුන්ට වසර දෙකක තරඟ තහනමක් පැනවීමට නීතියක් ගෙන ඒමට ක්‍රීඩා අමාත්‍යංශය සුදානමින් සිටි.

ක්‍රීඩකයන් බොහොමයක් තවමත් ඉදිරි වසර සනදහා ගිවිසුම් අත්සන් නොකර ඇති අතර පසුගියදා මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදු කල වාරණය සම්බන්ධයෙන් බොහෝ ක්‍රීඩකයන් සිටින්නේ අප්‍රසාදයෙන් බවද වාර්තා වේ.












Source: http://www.gossip9.com/2012/06/blog-post_8536.html#ixzz1xWs7WeTS

Share this article with your friends