Chitika Smowtion 468x60


Tuesday, June 12, 2012

පී.බි. වෙනුවට රංජිත් බණ්ඩාර මුදල් ලේකම් ධූරයට


මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කොට, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය. නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන රංජිත් බණ්ඩාර මහතා මේ වනවිට ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ සභාපති ලෙස කටයුතු කරයි. තවද, මොහු කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කරයි.
1988 - 89 වකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරිකයෙකු ලෙස කටයුතු කළ රංජිත් බණ්ඩාර මහතා, එම වකවානුවේදී අත්අඩංගුවට පත්ව රඳවා සිටියදී, ඔහුව මරණයෙන් බේරා ගෙන ඇත්තේ එකල ශී‍්‍ර ලංකා මහජන පක්‍ෂයේ ප‍්‍රධානියෙකුව සිටි සරත් කෝන්ගහගේ මහතාය.
ඒ අනුව, කෝන්ගහගේ මහතා සමග කලක් සමීපව දේශපාලන කටයුතු කර ඇති රංජිත් බණ්ඩාර මහතා, ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගතව එහිදී ආචාර්ය උපාධියක්ද ලබා ගත්තේය. ඔහුගේ ආචාර්ය උපාධිය කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රයට අදාළ වූවකි.
මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු වන විලී ගමගේ මහතා සමග සබඳතාවයක් ගොඩනඟා ගනිමින් මොහු බැසිල් රාජපක්‍ෂ මහතාට සමීප වී තිබේ. විලී ගමගේ මහතා මොහුව බැසිල් රාජපක්‍ෂ මහතාට හඳුන්වා දී ඇත්තේ ආර්ථික විශේෂඥයෙකු ලෙසය. ඒ අනුව, බැසිල් රාජපක්‍ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසුව රංජිත් බණ්ඩාර මහතාව ඔහුගේ උපදේශකයෙකු ලෙස පත් කර ගෙන තිබේ.
එම දේශපාලන සබඳතා හරහා මාධ්‍ය ක්‍ෂේත‍්‍රයට පිවිසි රංජිත් බණ්ඩාර මහතා රාජපක්‍ෂ ආණ්ඩුව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය හමුවේ පෙනී සිටින ප‍්‍රධානම පුද්ගලයෙකු බවට පත්විය. ඒ අනුව, නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට සමීප වූ මොහු, ඉන් අනතුරුව බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් දුරස්ව කටයුතු කළේය.
මේ වනවිට මොහු නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාගේ උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. රංජිත් බණ්ඩාර මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් කරන ලෙස ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ල කොට ඇත්තේ නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාය.
අප වෙත වාර්තා වන පරිදි ජනාධිපතිවරයාට අතිශයින් සමීපව නිලධාරියෙකුව සිටි ජයසුන්දර මහතා සහ ජනාධිපතිවරයා අතර විරසකභාවයක් ඇති කිරීමට මුල් වී ඇත්තේ, මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සහ විදුලි බල මණ්ඩලයේ ලේකම් මෙන්ම, ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ වැඩ බලන සභාපති එම්.සී. ෆර්ඩිනැන්ඩු යන මහත්වරුන්ය. ෆර්ඩිනැන්ඩු මහතා ආයෝජන මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කරනු ලැබුවේද ජයසුන්දර මහතා වීම මෙහි විශේෂත්වයකි.
තම තමන්ගේ විෂය ක්‍ෂෙත‍්‍රයට මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා අනවශ්‍ය පරිදි ඇගිලි ගැසීම් සිදු කරන බැවින්, සැලසුම් කර ඇති සියලූ සංවර්ධන ව්‍යාපෘති අතරමග ඇනහිට ඇති බවට ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයාට පැහැදිලි කර ඇත.
මාර්ග සංර්ධන කටයුතු සඳහා ණය මුදලක් ගැනීමට පසුගිය මාර්තු අග සවුදියට ගිය මුදල් ලේකම්වරයාට එය සාර්ථක කර ගත නොහැකි වීම ඔහුගේ අදක්‍ෂතාවය පෙන්වන්නක් බව කබ්රාල් මහතා ජනාධිපතිවරයාට පවසා තිබේ. එම ණය මුදල නොලැබීම නිසා මාර්ග සංවර්ධන කටයුතු ගණනාවක් ඇනහිට ඇති බවත්, එම මුදල ලැබුනේ නම් රුපියලේ අගය ශක්තිමත් කිරීමට පිටුවහලක් විය හැකිව තිබූ බවත් ඔහු සඳහන් කර තිබේ.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධිය මාධ්‍යවලට හෙළිදරව් කරනු ලැබුවේ පී.බී. ජයසුන්දර මහතා විසින් බවද කබ්රාල් මහතා එහිදී සඳහන් කර ඇත. මෙහිදී ෆර්ඩිනැන්ඩු මහතා ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ, ආයෝජකයින් විශාල පිරිසක් මෙරටට ඒමට කැමැත්ත පළ කර ඇතත්, මුදල් අමාත්‍යංශයේ ලේකම්ගේ දැඩි මූල්‍ය රෙගුලාසි එයට බරපතළ බාධාවක් වී ඇති බවයි. එම තත්ත්වය යටතේ පසුගිය මාස කිහිපයේදී කිසිදු ආයෝජනයක් මෙරට තුළ සිදු වී නොමැති බව ෆර්ඩිනැන්ඩු මහතා ජනාධිපතිවරයාට පැහැදිලි කර දී තිබේ.
තවද, මොවුන් දෙදෙනාට අමතරව සංචාරක මණ්ඩලයේ සභාපති නාලක ගොඩහේවා මහතාද ජනාධිපතිවරයා හමුවී පී.බී. ජයසුන්දර මහතාගේ කි‍්‍රයාකාරිත්වය බරපතළ ලෙස විවේචනය කර ඇත. සංචාරක කටයුතු ප‍්‍රවර්ධනය කිරීමේ වැඩසටහන්වලට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බව ඔහු ලිපිගොනු රාශියක්ම ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැහිදිලි කර දී ඇත.
මෙම තත්ත්වය යටතේ පී.බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ කි‍්‍රයාකාරිත්වය හෙළිදරව් කිරීම අමාත්‍ය අමුණුගම මහතාට සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පවරා තිබේ.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කොට ඔහුට නියෝජ්‍ය මුදල් අමාත්‍ය ධූරය ලබාදෙන බවට සතිඅන්ත පුවත්පත් කිහිපයක් වාර්තා කොට ඇත්තේද ජනාධිපතිවරයාගේ ඉල්ලීම මතය.



Source - lankanewsweb.com

Share this article with your friends