පසුගිය 20වනදා අයවැය විවාදය අවසන් කිරීමට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී, ජනාධිපතිවරයා පෞද්ගලිකව හමුවී ඇති සේනානායක මන්ත්‍රීවරිය, ශිරාල් ලක්තිලක මහතා ඇතුළු පිරිස නිදහස් කරන ලෙසත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රේමදාස පවුලේ කිසිවකු අත්අඩංගුවට නොගන්නා ලෙසත් බැගෑපත්වී තිබේ.
තවද එදින රාත්‍රී කථානායක නිලනිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වූ සජිත් කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී සූජිව සේමසිංහ මහතා ද ජනාධිපතිවරයා පෞද්ගලිකව හමුවී රිමාන්ඩ් භාරයේ සිටින පිරිස නිදහස් කරන මෙන් අයාචනය කර ඇත.
එම පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කළේ, විපක්ෂ නායකවරයාගේ බලවත් ඉල්ලීම මත බව ජනාධිපතිවරයා තමාට පැවසූ බව සූජීව සේමසිංහ මන්ත්‍රීවරයා තම කණ්ඩායමේ සමාජිකයින් එදින රාත්‍රීයේ පවසා තිබේ.
තවද, ශිරාල් ඇතුලූ පිරිස අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ මොහොතේම පොලිස්පතිවරයා හමුවී ඇති කරු ජයසුරිය මහතා තමාට අධාර කළ පිරිස් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ කිසිදු පදනමකින් තොරව බවට චෝදනා කර තිබේ. පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු දුන් නාම ලේඛනයක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කොට ඇති බව සඳහන් කර ඇති ජයසූරිය මහතා මින් ඉදිරියේදී නිසි සොයා බැලීමකින් තොරව මෙම සිද්ධියට අදාළ කිසිවෙකු අත් අඩංගුවට නොගන්නා ලෙසත්, රිමාන්ඩ් භාරයට පත් කර ඇති පිරිසට එරෙහි චෝදනා නිසියාකාරව සොයා බලා ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙසත් ඉල්ලා තිබේ.
කෙසේ වුවද, විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම මත ශිරාල් ඇතුළු පිරිස රිමාන්ඩ් කොට විපක්ෂ නායකවරයාගේ හොඳ හිත දිනාගත් ජනාධිපතිවරයා, සජිත් ඇතුලූ පිරිසකගේ ඉල්ලීම මත රිමාන්ඩ් කර සිටි පුද්ගලයින් නිදහස් කොට එම කණ්ඩායමේද හොඳ හිත දිනා ගනු ලැබූ බව එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු අප වෙත පැවසීය.
Source : lankanewsweb.com