Chitika Smowtion 468x60


Saturday, December 24, 2011

සම්බන්ධීකරණ නිලධාරීන්ගේ ජාවාරම් ගැන සෞඛ්‍ය ඇමති මුනිවත රකී !


සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රජයේ රෝහල්වල අත්වැසුම් (ග්ලවුස්) හිඟයක් හිතාමතාම ඇති කොට, අමාත්‍යංශ ටෙන්ඩර් පටිපාඩි උල්ලංඝනය කරමින් එම අත්වැසුම් කැබිනට් මණ්ඩලය අනුමත කළ මිලට වඩා දෙගුණයක මිලට ගැනීමේ, සෞඛ්‍ය ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් සම්බන්ධ ජාවාරමක් පිළිබඳව  වෙත වාර්තාවේ.
මෙම ජාවාරමට සම්බන්ධව සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීන් වන වෛද්‍ය බෙනරගම සහ වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන දෙදෙනාය.
පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් මිලියන 200 ක මුදලක් මෙම අත්වැසුම් (ග්ලවුස්) මිලදී ගැනීම සඳහා අනුමත වී ඇති අතර, එසේ එක් අත්වැසුම් කට්ටලයක් සඳහා අනුමත කරන ලද මුදලට වඩා දෙගුණයක මිලකට මෙම මිලදී ගැනීම ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නියමිතය.


මෙම අත්වැසුම් කට්ටල් සෞඛ්‍ය අමාත්‍යංශයට සැපයීම සිදු කරන ජාත්‍යන්තර සමාගම්වල දේශීය නියෝජිතයන් වන්නේ 'Medi Serve' සහ 'Medi Pharma' යන සමාගම්ය. මෙම සමාගම් දෙක විසින් සපයන ලද ග්ලවුස් කට්ටල ශී‍්‍ර ලංකා කාර්මික හා තාක්‍ෂණ ආයතනයේ ප‍්‍රමිතීන්ට අනුකූලව තිබේදැයි එම ආයතනය විසින් කරන ලද සොයා බැලීමේදී තහවුරු වී ඇත්තේ මෙම ග්ලවුස් කට්ටල එම ප‍්‍රමිතීන්ගෙන් තොර ඒවා බවයි.
මෙසේ ශී‍්‍ර ලංකා කාර්මික හා තාක්‍ෂණ ආයතනය විසින් අදාළ ග්ලවුස් ප‍්‍රමිතියෙන් රහිත බවට ප‍්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව පෙර කී වෛද්‍ය ව්‍යාපාරිකයන් දෙදෙනා තමන්ට හිතවත් වෛද්‍යවරුන් කණ්ඩායමක් ලවා අදාළ ග්ලවුස් කට්ටල නියමිත ප‍්‍රමිතියට අනුකූල බවට ‘ස්වාධීන මණ්ඩල’ වාර්තාවක් කැඳවීම මගින් මෙම මිලදී ගැනීම සඳහා වංචනික ලෙස කටයුතු කර තිබේ.
පසුව මෙම මිලදී ගැනීමට අදාළව රාජ්‍ය ඖෂධ විවිධ නීතිගත සංස්ථාව මගින් අදාළ දේශීය නියෝජිත සමාගම්වලට ණයවර ලිපි (Letter of Credit) නිකුත් කිරීමට කටයුතු කළ අවස්ථාවේදී මෙම සමාගම් පවසා ඇත්තේ, තමන් කලින් ඉදිරිපත් කළ මිල ගණන් බදු රහිත මිල ගණන් බවයි. එසේ හෙයින් අදාළ ණයවර ලිපි කෙලින්ම තමන්ගේ මව් සමාගම් වෙත නිකුත් කරන ලෙස දන්වා තිබේ.
මෙම තත්ත්වය යටතේ මෙකී දේශීය නියෝජිත සමාගම් දෙක කිසිදු කර්තව්‍යයක් සිදු නොකොට රුපියල් මිලියන 50 කට අධික ප‍්‍රමාණයක් තම කොමිස් මුදල් ලෙස රැස් කර ගැනීමට නියමිත බව වාර්තාවේ. මෙම රුපියල් මිලියන 50 කට අධික කොමිස් මුදලින් හරි අඩක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන වෛද්‍ය බෙනරගම සහ වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන වෛද්‍ය ව්‍යාපාරිකයින් දෙදෙනා අතර සම සේ බෙදී යාමට නියමිතය.


Source : lankanewsweb.com

Share this article with your friends