2012 වසර වෙනුවෙන් දෝෂ සහගතව හා අවිධිමත් ලෙස සකස් කළ කැලන්ඩරයක් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලක්ෂ 16ක පමණ මහජන මුදල් අපතේ යවා ඇති බව වාර්තා වෙනවා.
ලෝක ලාදුරු දිනය වැරදියට සඳහන් කිරීම, එකම දිනය එකම මාසයේ දෙවරක් සටහන් වීම, ලෝක වකුගඩු දිනය හා හෙපටයිටීස් දිනය නිවැරදිව සඳහන් නොකිරීම යනාදී වශයෙන් වැරදි හා දෝෂ 33ක් මෙම 2012 කැලැන්ඩරයේ දක්නට තිබෙනවා.
ගිය වසර (2011) වෙනුවෙන්ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ කැලන්ඩරයේ දෝෂ 34ක් තිබුණා. මාධ්‍යය මඟින් පෙන්වා දීමෙන් පසුව රෝහල් බලධාරීන් එම දෝෂ ඉවත්කරමින් නැවත කැලන්ඩර් මුද්‍රණය කරනු ලැබූ අතර ඒ සඳහා නැවත ලක්ෂ ගනනක් මුදල් වියදම් වුණා.
ඒ අනුව ගිය වසරට වඩා මේ වසරේ අඩුවී ඇත්තේ එක් දෝෂයක් පමණයි.
2011 හා 2012 සෞඛ්‍යය අමාත්‍යාංශයේ කැලන්ඩරයේ පමණක් නොව 2011 වර්ෂය සදහා වන "රජයේ නිල දින දර්ශනයේ" පිටපත්ද ලක්ෂ 10ක් පමණ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර සියලුම රජයේ ආයතනවලට බෙදා හැර තිබූ අතර එම දින දර්ශනය අනුව 2011 වර්ෂයේ පෝය දිනයන් නිවාඩු දිනයන් ලෙසට නම් කර තිබුනේ නෑ.
එම දින දර්ශනයේ පෝය දිනයන්ට අමතරව අනිකුත් නිවාඩු දිනයන්ද නිවැරදිව මුද්‍රණය කර නොතිබූ බැවින් එය ඉවත් කිරීමට සිදුවූ අතර මේ නිසා රුපියල් මිලියන ගණනක මහජන මුදල් නාස්තියක් සිදු වුණා.
ලක්ෂ 16ක මුදල් නාස්ති කර 2012 වසර සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශය මඟින් දෝෂ සහගතව මුද්‍රණය කළ එම කැලන්ඩරයේ එක් පිටුවක් පහලින්
Read more: http://www.gossip9.com/2012/02/33-16.html#ixzz1m06TsyOZ