ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන පරණ යකඩ ටොන් 1828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් ගැනීමේ දුෂිත ගණුදෙනුව පිලිබඳ අප ඔබට පෙර ලිපිවලින් හෙළි කළා.
ඒ අනුව 2011 ජුලි 19 වන දින සුධර්මන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් විය. වරෙන්තුව නිකුත් කොට මාස 6ක් ගතවී ඇතත් සුධර්මන් තවමත් නිදැල්ලේය.
මාස 6කට පසුත් පොලීසිය විසින් අත් අඩංගුවට නොගත් සුධර්මන් රදලියගොඩ වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ඊයේ (09) නියෝග කළ බව වාර්තා වෙනවා.
සැකකරු බලවත් පුද්ගලයෙකු බැවින් පොලිස් හා අධිකරණ නියෝග නොසලකාහැර ඇතැයි නීතීඥයන් විසින් අධිකරණය හමුවේ පෙන්වා දුන් පසු නීතිය හමුවේ කිසිවෙකු බලවත් නොමැති බව සඳහන් කළ විනිසුරුවරිය විසින් තාරාතිරම නොබලා වහාම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිරිහාන පොලීසියේ වංචා විමර්ශන අංශයට නියෝග කළ බවයි වාර්තා වෙන්නේ.
රටේ බලවත් පුද්ගලයින්ට නීතිය එසේ වෙද්දී පහත ප්‍රවෘත්තිය මඟින් දුප්පත් ජනතාවට නීතිය ඉටුවෙන්නේ කෙසේද යන්න හොඳින් පැහැදිළි වේ.
කසිප්පු බෝතල් 1/2ක් ලඟ තබාගත් බවට පොලිස් අත් අඩංගුවට පත් පුද්ගලයෙකුට නඩු විභාගයකින් පසු රුපියල් ලක්ෂයක දඩයක් හා වසරක සිරදඬුවමක් නියම විය. දඩය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිර දඬුවමක් නියම විය.
වරෙන්තුවන් නිකුත් වී තිබියදී මාස 6කට වඩා කාලයන් සුදර්මන්ගේ නිදහස පහත ජායරුපයෙන් වඩාත් පැහැදිලි වේ.
වරෙන්තුවක් තිබියදීත් පසුගිය අගෝස්තු 29 වනදා සුදර්මන් තම හිතවතකුගේ ගැටලුවක් සඳහා තලංගම පොලීසියට පැමිණ අපූරුවට පිටවගිය අයුරු ජායාරූපයකට හසුවී තිබුනේ මෙසේය.
Source: http://www.gossip9.com/2012/02/6.html#ixzz1m03BGKyZ