Chitika Smowtion 468x60


Friday, February 10, 2012

රැප් සංගීත නිර්මාණය තහනම් කරනු - හෙළ උරුමය


ඩැඩි සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගායනා කරන "ටිකෙන් ටික" ගීතයමේ දිනවල කවුරුත් කතා බහ කරන ගීතයක් බවට පත්වෙලා තියනවා.

"භවතු සබ්බ මංගලම්" ආශිර්වාද ගාථාව අඩංගු කර තිබූම නිසා මේ දිනවල එම ගීතය තහනම් කළ යුතු බවට බෞද්ධ සංවිධාන කීපයක් හඬ නඟන බවයි පසුගියදා බව වාර්තා වුනේ.

සිරස රූපවාහිනියෙනුත් "භවතු සබ්බ මංගලම්" ආශිර්වාද ගාථාවට අපහාසයක්
මේ අතර සිරස රූපවාහිනී නාලිකාව මඟින් සතියේ දින පහේම 7.30ට විකාශය වන "සිහින පුරය" නම් ටෙලි නාට්‍යයේ අඩංගු එක ජවනිකාවක් මඟින්ද එම "භවතු සබ්බ මංගලම්" ආශිර්වාද ගාථාවට විහිළුවන් ලෙස ප්‍රකාශ කරමින් "Shit" යන වදන් යොදමින් බුදු දහමට අපහාස කිරීමක් සිදුකළ බව පවසමින් අප වෙත වීඩියෝවක් ලැබී තිබෙනවා.

එම වීඩියෝව පහතින්.



"ටිකෙන් ටික" ගීතයට එරෙහිව මිරිහාන පොලීසියට පැමිණිල්ලක්!
මේ අතර ඩැඩි සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගායනා කරන "ටිකෙන් ටික" ගීතයට එරෙහිව පෙරේදා මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.

එම පැමිණිල්ල ඉදිරිපත් කළේ ගංගොඩවිල ජාත්‍යන්තර සුනේත්‍රාදේවී මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන් විසින්. බෞද්ධ ආගමට නිගා වන ආකාරයෙන් මෙම ගීතය නිර්මාණය කර ඇති බවයි එම පැමිණිල්ලේ සඳහන් වෙලා තිබෙන්නේ.

මේ පිළිබඳව නෙත් එෆ් එම් එම හිමියන්ගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කර සිටියේ මෙලෙසින්.

"ටිකෙන් ටික කියලා සිංදුවක්. ඒ සිංදුවේ මැද්දෙදී තත්පර 1:40 ඉඳන් 2:00 දක්වා. ඒ කියන්නේ තත්පර 60ක් ඇතුළත "බවතුසබ්බ මංගලම් රක්ඛම් තුසබ්බ දේවතා" කියන එක රැප් කරලා ඒ ගීතයට දාලා තියනවා.

හැබැයි ඒක කාමුක දර්ශන ටිකක් තියන, ඒ කියන්නේ මධුසමය ගතකරන යුවලක් තමයි පෙන්නන්නේ. ඒ නිසා අපි තීරණය කළා පොලිසියේ පැමිණිල්ලක් දාන්න. මොකද ඒක බුදු දහමට එකක් අපහාසයක්, අනික ඒ වගේ නිර්මාණ වලට එහෙම දාන්නේ නෑ."

එම හඬ පටය පහතින්.


රැප් සංගීත නිර්මාණය තහනම් කරනු- හෙළ උරුමය
මේ අතර "ටිකෙන් ටික" නම් ගීතය තහනම් කල යුතු බව ජාතික හෙළ උරුමයය පවසනවා. එම පක්ෂයේ ඕමල්පේ සෝභිත හිමියන් විසින් මාධ්‍ය ආයතන කීපයක් වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්

ජාතික හෙළ උරුමය
2012/02/09
අවධානය -
ප‍්‍රවෘත්ති කතෘ,

බුදු සසුනට වින කටින ගයාන් පෙරේරාගේ රැප් සංගීත නිර්මාණය තහනම් කරනු.

බුදු දහම සෞන්දර්ය රසාස්වාදය ඉහළින්ම අගය කරන දහමකි.කලාව සාහිත්‍ය සංගීතය වැනි විෂයයන් කෙරෙහි බුදු දහම ධනාත්මක අවධානයක් යොමු කර ඇත. අන්‍යාගමික පිරිස් එ් වග හොඳින් දනී. එය වටහාගත් අබෞද්ධ අයද කිසි ලෙසකින් වත් දහමට අවඩැක් වන ලෙස ගීත ගායනා නොකළහ. මොහිදින් බෙග්, එඞ්වඞ් ජයකොඩි, ලතා වල්පොල වැනි ප‍්‍රවීනයන් බොදු ගී ගැයුවේ බුදු දහමට කරන ගෞරවයක් ලෙසිනි.

එබැවින් ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා ප‍්‍රමුඛ ‘‘ඩැඩි’’ සංගීත කණ්ඩායම ඔවුන්ගේ ‘‘ටිකෙන් ටික’’ නම් ගීත නිර්මාණය සඳහා බෞද්ධාගමික ආශිර්වාද ගාථාවන් වූ භවතු සබ්බ මංගලං .... ගාථාත‍්‍රය යොදාගතයුතුව තිබුණේ දහමට හානියක් නොවන අයුරිනි.

ඝෝෂාකාරී රැුප් සංගීතයට මෙම ගාථා මුසු කරන්නට ගත් වෑයම උසස් නිර්මාණයක් නොවී දහමට නොගැලපෙන්නක් ලෙස සකස් වී ඇත. එබැවින් එම නිර්මාණය වහාම තහනමට ලක් කරන ලෙසත් ඔවුන්ට එහි ඇති වරද වගකිවයුත්තන් විසින් පෙන්වා දෙන ලෙස ද අපි අවධාරණය කරසිටිමු.

මීට පෙර ද ඉරාජ් හා පේෂල දෙදෙනාගේ ‘‘සිට්ටි මනිලා’’ ගීතය මෙරට තහනම් වුයේ මෙවැනිම වරදකිනි. අන්‍යාගමික බල පෑමෙන් දහමට හා සසුනට දසතින් විවිධ අකටයුතුකම් සිදුවෙමින් පවතින මොහොතක මෙම නොගැලපෙන නිර්මාණය ගැන වගකිවයුත්තන්ගේ අවධානය වහාම යොමුවිය යුතුව ඇත.

එමෙන්ම මේ පිළිබඳව සංස්කෘතික ඇමතිතුමාගේ හා ආගමික කටයුතු ඇමතිතුමාගේත් ඉක්මන් අවධානය යොමු වී මෙම අකටයුත්ත සම්බන්ධව කි‍්‍රයාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
ස්තුතියි.

ඕමල්පේ සෝභිත හිමි
නායක




Source: http://www.gossip9.com/2012/02/blog-post_5066.html#ixzz1lzwnzbLq

Share this article with your friends