Chitika Smowtion 468x60


Friday, February 10, 2012

රාමනායකට ඉහළින් චන්ද්‍රපාලව පත්කරයි


මහින්ද රාජපක්‍ෂ මහතා සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙකුව සිටියදී පවා ඔහුගේ  මාධ්‍ය කටයුතු සම්බන්ධීකරනය කළ වත්මන් ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ වසන්තපි‍්‍රය රාමනායක මහතාට ඉහළින් අතිරේක ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස චන්ද්‍රපාල ලියනගේ මහතා පත්කිරිමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශකයෙකු ලෙස සේවය කොට යළි ශ‍්‍රී ලංකාවට පැමිනි චන්ද්‍රපාල ලියනගේ මහතාට ‘ලක්හඩ ’ ගුවන් විදුලිය බාරදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණද, ලේක් හවුස් ආයතනයේ හෝ අයි.ටී.එන්. ආයතනයේ සභාපති ධූරය වැනි වගකිවයුතු තනතුරක් හැර ‘ලක්හඩ’ වැනි ආයතනයක් භාරගැනීමට ඇති අකමැත්ත ජනාධිපතිවරයා වෙත ප‍්‍රකාශ කර තිබිණ.

චන්ද්‍රපාල ලියනගේ මහතා ජනාධිපති මාධ්‍ය අංශයේ ඉහළම තනතුරක් බලාපොරොත්තුව සිටියද එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලූ දෙනාම පාහේ එයට විරෝධය පළකර තිබිණ. එම තත්ත්වය යටතේ සෑම දිනකම අරලිය ගහ මන්දිරයට පැමිණ නිකරුනේ එහෙ මෙහෙ ඇවිදින චන්ද්‍රපාල ලියනගේ මහතාට අරලියගහ මන්දිරයෙන් පිට වෙනත් සුදුසු තනතුරක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට දැනුම්දී තිබිණ.

මෙම ගැටුම දැනගත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. ගනේගල මහතා චන්ද්‍රපාල ලියනගේ මහතා වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ ඉහළ තනතුරක් ස්ථාපිත කළ හැකි බව පවසා ඊට අදාල කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගනේගල මහතාගේ එකී කැබිනට් ප‍්‍රත‍්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එලෙස චන්ද්‍රපාල පත්කිරිම හරහා ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් ආරියරත්න ඇතුගල මහතා පාලනය කිරීමටත්, ජනාධිපතිවරයා සතුටු කොට තව වසරක සේවා දිගුවක් ලබාගැනීමටත් අමාත්‍යාංශ ලේකම්වරයා බලාපොරොත්තුවී ඇති බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

1994 වර්ෂයේදී සාමාන්‍ය ප‍්‍රවෘත්ති නිලධාරියෙකු ලෙස රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බැඳුනු චන්ද්‍රපාල ලියනගේ මහතාට ඉහළ තනතුරු හා වරප‍්‍රසාද ලබාගැනීම සඳහා මුල් යුගයේ දේශපාලන තල්ලූව ලබාදෙනු ලැබුවේ ඔහුගේ ගම්පලාතේ දේශපාලනඥයාවන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතාය.

චන්ද්‍රපාල ලියනගේ මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ධූරයේ සිටි වකවානුවේ ජනාධිපති මාධ්‍ය අංශයේ සම්බන්ධීකරන නිලධාරියෙකු ලෙසද කටයුතු කළේය.


Source - lankanewsweb.com

Share this article with your friends